page hit counter
Monday , October 23 2017
Breaking News
Home / උණුසුම් පුවත් / රෝහල් කාක්කන් ගැන විධිමත් පරීක්ෂණයක් නෑ – රෝහල්වල සල්ලි එකතුකරන සාස්තරේ

රෝහල් කාක්කන් ගැන විධිමත් පරීක්ෂණයක් නෑ – රෝහල්වල සල්ලි එකතුකරන සාස්තරේ

දිවයිනේ බොහෝ රෝහල්වල කණිෂ්ඨ කාර්ය්‍ය මණ්ඩල සාමාජිකයන් විසින් රෝගීන්ගෙන් සහ මියගිය අයගේ ඥාතීන්ගෙන් මුදල් අයකිරීමේ පැකේජ ක්‍රමයක් මේ වනවිට පවත්වා ගෙන යයි. මේ පිළිබඳ විවිධ පැමිණිලි, පුවත්පත් වාර්ථා හා ගුවන්විදුලි වැඩසටහන් පැවැත්වුවත් ඒ පිළිබඳව පරීක්ෂණ නොපවත්වා සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් ඉතා නිහඬ පිළිවෙතක් අනුගමනය කරයි.

ජාතික රෝහල ඇතුළු දිවයිනේ බොහෝ රෝහල්වල සේවයේ නියතු කණිෂ්ඨ කාර්ය්‍ය මණ්ඩල සේවකයන් වසර 5 සිට 20 දක්වා එකම රෝහලක සේවය කිරීමේ පිළිවෙතක් අනුගමනය කරයි. ඔවුනට ස්ථානමාරු ක්‍රමවේදයක් නැත. සමහරෙක් රෝහලක එකම අංශයේ දිගුකාලීනව සේවය කරයි. එමනිසා ඔවුන් ඉතා අත්තනෝමතික ලෙස රෝගීන්ගේ උපස්ථාන කටයුතු හා මියගිය රෝගීන්ගේ මෘතදේහ නිදහස් කිරීමේ කටයුතුවලදී පැකේජ ක්‍රමයට මුදල් අයකිරීම නිසා අසරණ දුප්පත් ජනතාව දැඩි අපහසුතාවයට පත්වී ඇත. එමෙන්ම මුදල් ලබා නොදුන්නහොත් ඔවුන් වැඩ කල්දැමීම රෝගීන් රස්තියාදු කිරීම, වාට්ටුවල කටයුතු අඩපණවන ලෙස කටයුතු කරමින් සිටී. මේ හේතුවෙන් රෝගී ජනතාව සහ නිවැරදිව තම රාජකාරීය කරන සේවක සේවිකාවන් දැඩි අපහසුතාවයන්ට පාත්‍ර වී ඇත.

සමහර රෝහල්වල මෘතදේහභාර මෝචරි සේවකයන් හා රියදුරන් මල් ශාලා හිමිකරුවන් වන අතර, සමහරෙක් මල්ශාලා හිමියන් සමඟ සන්තෝසම් වෙනුවෙන් කටයුතු කරමින් සිටී. ඔවුනට රාජකාරීය පිළිබඳ හැගීමක් නොමැත. සමහරෙක් තමන්ට ඉහළ නිලධාරීන් පවා ගනන් නොගෙන සිටීමේ පිලිවෙතක් අනුගමනය කරයි. කොළඹ ප්‍රධාන පොලිස් මෝචරිය ගැන පසුගියදා ප්‍රසිද්ධ ගුවන් විදුලි නාලිකාවක් මගින් කරන ලද අනාවරණයෙන් එය මනාව ඔප්පුවන අතර මේ වනතෙක් එයටද සෞඛ්‍ය බලධාරීන් විසින් කිසිදු පියවරක් ගෙන නොමැති බව අනාවරණය වී ඇත. මෙවැනි කටයුතු නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයම පිරිහීමට ලක්වෙමින් ඇති බව කිව යුතුය. එමෙන්ම කණිෂ්ඨ කාර්ය්‍ය මණ්ඩල උදෙසා නිසි බදවාගැනීමේ පටිපාටියක් නැති අතර, බඳවාගැනීමෙන් පසු කිසිදු පුහුණුවීම් ක්‍රමවේදයක් නොමැත. එමනිසා ඔවුනට රාජකාරීය පිළිබද දැනුමද ඉතා අඩු මට්ටමක පවතී.

එමෙන්ම මෙම සේවකයන් කිහිපදෙනෙකුගෙන් අප කළ විමසීමකට අනුව ඔවුන් පවසන ලද්දේ ඔවුනුත් ජීවත්වීම උදෙසා මෙම කාර්ය්‍යයෙහි නිරතවන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වැටුපට අමතරව දිරීදීම උදෙසා කිසිදු අමතර දීමනාවක් ඔවුන් වෙත නොගෙවන බවය. හැකි ඉක්මණින් මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා හා සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්ගේ අවධානය යොමුවෙතැයි බලාපොරොත්තු වෙමු.

egossip.lk – Gossip Lanka News

Check Also

‘‘දුවගේ සැත්කම වැරදුණා කියලා මාධ්‍යට ප්‍රකාශ දෙන්න ලෑස්ති වෙන්න එපා..‘‘ මහනුවර රෝහලේ ප්‍රධාන වෛද්‍යවරියගේ කෙරුවාව මෙන්න

‘‘ඔයාලගේ දුවගේ සැත්කම ධන පැත්තට හැරෙන්නත් පුළුවන් සෘණ පැත්තට හැරෙන්නත් පුළුවන්. හැබැයි සෘණ පැත්තට හැරුණා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!