page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / Rape cases / අවුරුදු දෙකේ සිගිති දැරියකට අතවර කළ නරුමයා මාට්ටු

අවුරුදු දෙකේ සිගිති දැරියකට අතවර කළ නරුමයා මාට්ටු

මේ කතාවත් මහා සංවේදී කතාවක්‌. දෙහිඅත්තකණ්‌ඩිය පොලිසිය පැත්තෙනුයි මේ කතාව වාර්තා වුණේ. අවුරුදු 13ක පිරිමි දරුවෙක්‌ අවුරුදු දෙකක සිගිති දැරියකට යම් අතවරයක්‌ කරා කියලා ආරංචි වුණේ. ගොඩක්‌ දෙනෙක්‌ බලන්නේ ලොකු මහත්වෙච්චි තරුණ දැරියන් කාමතුරයන්ගෙන් බේරගන්නේ කොහොමද කියලා. නමුත් ඒ අතර කවුරුත් නොසිතන ආකාරයෙන් පුංචි සමනළයින් වැනි දරු පැටව්ටත් අපරාධ සිදුවෙනවා.

අපි ගැහැණු දරුවන්ට විතරක්‌ මෙවන් අතවර ක්‍රියාවන් සිදුවෙනු ඇතැයි සිතද්දි නිහ`ඩවම මොන්ටිසෝරියේ සිටින පිරිමි දරු පැටව් ටිකත් විවිධ අතවරයන්ට ලක්‌වෙනවා. නමුත් අවාසනාවන්ත කරුණ දෙමව්පියන් මේ ගැන නිසි දැනුවත්වීමක්‌ නොමැතිකමයි. මොන වැඩේ තිබ්බත් ඔබේ දුව පුතා මලක්‌ වගේ පරිස්‌සම් කරගන්න. ඇස්‌ දෙක වගේ බලාගන්න. නැතිනම් ඔබ නොසිතන මොහොතක ඔබේ දරුවා කාමතුරයන්ගේ ගොදුරක්‌ බවට පත්වන්නට ඉඩ තියේවි.

මල් වගේ පුංචි දරුවන් කාමතුරයන්ගෙන් බේරා ගනිමු

පුංචි දරු පැටව් මල් වගේ. හිතක්‌ පපුවක්‌ නැති තිsරිසන්නු මේ වගේ මල් කැකුඵ බිලිගන්නට මාන බලමින් ඉන්නවා. නමුත් ගොඩක්‌ දෙමව්පියන් ඉන්නේ දැඩි කාර්ය බහුල ජීවිතයක. ඒ නිසා ගොඩක්‌ දෙනෙකුට තම දරුවන් ගැන නිසි අවධානයෙන් ඉඳලා රැකවරණය දෙන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා කාටවත් හොරෙන් පුංචි ළමුන් දිනෙන් දින අතවරයට ලක්‌වෙනවා. බොහෝ දෙනෙක්‌ තමන්ගේ ළමයි අතවරයට ලක්‌වෙනව කියලා දන්නේ නැහැ. මෙවැනි සිදුවීම් කිsහිපයක්‌ පමණයි පොලිසියට වාර්තා වන්නේ.

Check Also

කොළඹ-නුවර බස් එකේදී තරුණියට ලිංගික ප්‍රදේශය පෙන්නු අයියා මෙන්න | ViDEO

රථයකදි තරුණියකට වූ අපහසුතාවයක් පිළිබද පුවතක් වාර්තා වනවා. මෙම තරුණිය අපහසුතාවයට පත්ව ඇත්තේ මහනුවර සිට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!