page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / Rape cases / පෙම්වතා විවාහ කර ගන්න ඕනි නිසා පෙම්වතා අතවර කළා යෑයි පොලිසියට බොරු පැමිණිල්ලක්‌ කරලා

පෙම්වතා විවාහ කර ගන්න ඕනි නිසා පෙම්වතා අතවර කළා යෑයි පොලිසියට බොරු පැමිණිල්ලක්‌ කරලා

සිය පෙම්වතා විසින් තමන් දූෂණය කළ බවට බොරු පැමිණිල්ලක්‌ කළ තරුණියක්‌ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමට නොච්චියාගම පොලිසිය පියවර ගෙන ඇත.

පසුගිය දිනක තමන් දූෂණය කළ බවට තරුණියක්‌ විසින් කරන ලද පැමිණිල්ලක්‌ මත ඇයගේ පෙම්වතා පොලිසියට ගෙන්වා ප්‍රශ්න කිරීමේදී තමන් එසේ නොකළ බව ඔහු පොලිසියට පවසා ඇති අතර පසුව පොලිසිය විසින් තරුණිය වෛද්‍ය පරීක්‌ෂණයට භාජන කර තිබේ. වෛද්‍ය පරීක්‌ෂණ අනුව එවැන්නක්‌ සිදු වී නැති බවට තහවුරු වූ බව පොලිසිය පැවැසීය.

පසුව පොලිසිය කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ තරුණිය පවසා ඇත්තේ තම පෙම්වතා වෙනත් තරුණියක්‌ සමඟ සම්බන්ධතාවක්‌ ඇති බව ආරංචි වීම නිසා පෙම්වතා විවාහ කර ගැනීමේ අරමුණින් මෙසේ බොරු පැමිණිල්ලක්‌ කළ බවයි. පොලිසියේ අවවාද මත මේ වන විට එම පෙම්වතා තරුණිය සමඟ විවාහවීමට තීරණය කර ඇත. එසේ වූවද තරුණිය විසින් ස්‌ත්‍රී දූෂණයක්‌ සම්බන්ධ බොරු පැමිණිල්ලක්‌ කිරීම බරපතළ වරදක්‌ බැවින් අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කරන බව ද පොලිසිය වැඩිදුරටත් පැවැසීය. නොච්චියාගම පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍ර.පො.ප. එස්‌. පී. එදිරිසිංහ මහතාගේ උපදෙස්‌ මත කාන්තා හා ළමා කාර්යාංශය වැඩිදුර පරීක්‌ෂණ සිදු කරයි.

Check Also

රොහින්ග්‍යා සරණාගතයෝ ඇවිල්ලා මාස 2යි. ළමයි 6ක් පාසල් යනවා – සුපිරි ඝනයේ වාහන වලින් එන අය කන්න බොන්න දීලා තියෙනවා

“රොහින්ග්‍යා මුස්ලිම්වරු මියන්මාරයේ ප්‍රශ්නයක්. ලංකාවේ නීතිය අනුව අපි සරණාගතයන්ට ඉඩ දෙන්න බැඳී නෑ. රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!