page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / උණුසුම් පුවත් / Police / දැන් facebook එකේ සෙල්ලම් දාලා හමාරයි – පොලිසියෙන් පටන්ගන්න අලුත්ම වැඩේ මෙන්න

දැන් facebook එකේ සෙල්ලම් දාලා හමාරයි – පොලිසියෙන් පටන්ගන්න අලුත්ම වැඩේ මෙන්න

අන්තර්ජාලයේ විවිධ සමාජ වෙබ් අඩවිවලින් හා මුහුණු ‍පොතෙන් සිදුවන අපරාධ වංචා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පරිගණක අපරාධ පිළිබඳ විමර්ශන ඒකකයක් ස්ථාපිත කර තිබේ.

අන්තර්ජාලයේ විවිධ සමාජ වෙබ් අඩවිවලින් හා මුහුණු ‍පොතෙන් සිදුවන අපරාධ වලට වංචනික ක්‍රියාවලට බොහෝ පුද්ගලයන් හසුවන අතර මේ පිළිබඳ පැමිණිලි කිරීමට මැලි වේ. එය අපරාධකරුවන්ට තවත් අපරාධ කිරීමට අනුබල දීමක් වන අතර එවන් ක්‍රියා මැඩපැවැත්වීමට මෙම ඒකකය පිහිටුවා තිබේ.

පරිගණක ඇසුරෙන් සිදුකෙරෙන අපරාධ, වංචනික ක්‍රියා, ලිංගික අපයෝජනයන්, හිරිහැර ආදිය සම්බන්ධයෙන් (Cyber crime) නමැති මෙම ඒකකයට ලිඛිතව හෝ දුරකථන මාර්ගයෙන් දැනුම් දිය හැකි බව ‍පොලිස් මූලස්ථානය පවසයි.

කාන්තා ‍පොලිස් අධිකාරි ආර්.ඒ. දර්ශිකා කුමාරි මහත්මිය යටතේ පවතින මෙම ඒකකයට 011-2326979 යන දුරකථන අංකය ඔස්සේ සෘජුවද 011-2320141 යන දිගුව ඔස්සේ පරිගණක අපරාධ පිළිබඳ විමර්ශන ඒකකයට සම්බන්ධ වී මහජන පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර නැතහොත් ළඟම පිහිටි ‍පොලිස් ස්ථානය වෙත පැමිණිලි යොමු කරන ලෙස ‍පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පැවැසීය.

දිනපතා මෙවැනි දේවල් බලන්න එක්වන්න අපගේ Facebook පිටුවට – @gossiplankasinhalanewswebsite

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

දුරාචාර අතහැර සතර පෝයට සිල් ගන්නවානම් සැමියාට ඇප දෙන බව බිරිද පවසයි :)

කසිප්පු පෙරීමට යොදාගන්නා ගෝඩා බෝතල් 13 ක්‌ සමඟ හසු වූ පුද්ගලයාට ඇප දීමට පොලිසියට පැමිණි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!