page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / උණුසුම් පුවත් / Police / බොරු වැරදි කියා අල්ලස් ගන්නා ට්‍රැෆික්‌ පොලිසියට වැඩ වරදී – මින් ඉදිරියට අල්ලස්ගත්තොත් කරන්නඕන දේ මෙන්න

බොරු වැරදි කියා අල්ලස් ගන්නා ට්‍රැෆික්‌ පොලිසියට වැඩ වරදී – මින් ඉදිරියට අල්ලස්ගත්තොත් කරන්නඕන දේ මෙන්න

රියෑදුරන්ට නැති වැරදි පටවමින් ඔවුන් අපහසුතාවට පත්කර අල්ලස්‌ මුදල් ලබා ගැනීමට උත්සාහ කරන රථවාහන අංශ ඇතැම් පොලිස්‌ නිලධාරීන් පිළිබඳ තොරතුරු වහාම තමන්ට දැනුම් දෙන ලෙස පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා “දිවයින” ට පැවසීය.

රියෑදුරන්ගෙන් අල්ලස්‌ ලබා ගන්නා පොලිස්‌ රථවාහන අංශ නිලධාරීන් අල්ලා ගැනීමට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස්‌ කණ්‌ඩායම් යෙදවීමේ වැඩපිළිවෙළක්‌ මේ වන විටත් ක්‍රියාත්මක කරගෙන යන බව පොලිස්‌පතිවරයා කියා සිටී. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පුජිත් ජයසුන්දර මහතා මෙසේද කීය. පොලිස්‌ නිලධාරීන්ගේ වැටුප මේ වෙනකොට ඉහළ තලයකට ගෙන ඒමට කටයුතු කර තිබෙනවා. ඒ නිසා පොලිස්‌ නිලධාරීන්ට අල්ලස්‌ ලබා ගැනීමට කිසිම අවශ්‍යතාවක්‌ නැහැ. නොකළ වැරදි පටවමින් රියෑදුරන් අපහසුතාවට පත්කර අල්ලස්‌ ලබා ගන්නා පොලිස්‌ නිලධාරීන්ට මගෙන් කිසිම සමාවක්‌ නැහැ.

මේ සම්බන්ධයෙන් පැමිණිලි විශාල වශයෙන් මට ලැබෙනවා. මම ඒ පිළිබඳ විමර්ශන පවත්වා වැරදි කරන නිලධාරීන්ට එරෙහිව කටයුතු කරනවා.

නොකළ වැරදි පටවමින් අල්ලස්‌ ලබා ගන්නට උත්සාහ කරන පොලිස්‌ නිලධාරීන් පිළිබඳ විස්‌තර 071-7582222, 0715922020 දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිස්‌පතිවරයා රියෑදුරන්ගෙන් ඉල්ලා සිටී.

දිනපතා මෙවැනි දේවල් බලන්න එක්වන්න අපගේ Facebook පිටුවට – @gossiplankasinhalanewswebsite

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

දුරාචාර අතහැර සතර පෝයට සිල් ගන්නවානම් සැමියාට ඇප දෙන බව බිරිද පවසයි :)

කසිප්පු පෙරීමට යොදාගන්නා ගෝඩා බෝතල් 13 ක්‌ සමඟ හසු වූ පුද්ගලයාට ඇප දීමට පොලිසියට පැමිණි …

One comment

  1. වැටුප් ඉලළ තලයකට ගෙන ආපු නිසා අල්ලස් ගන්න අවශ්‍යතාවයක් නෑ කියල දැන් කියන්නෙ එහෙනම් වැටුප් අඩු දවස් වල අල්ලස් ගත්තු එක අවශ්‍යතාවයක්ව තිබිල ඒක පොලිස් ලොක්කොත් අනුමත කරල තිබිල වගේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!