page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / Education / King Ravana / අධිරජ ධර්මාශෝකගේ බිසෝවරු සෙට් එක මෙන්න

අධිරජ ධර්මාශෝකගේ බිසෝවරු සෙට් එක මෙන්න

මෞර්ය වංශයේ දෙවැනි රජතුමා වූ බින්දුසාර මෞර්යගේ රාජ්‍ය පාලනය පැවැතියේ ක්‍රි.පූ. 297 සිට ක්‍රි.පූ. 273 දක්වාය. දිව්‍යාවදාන නමැති මහයාන ග‍්‍රන්ථයේ සඳහන් වන පරිදි බින්දුසාරට අවශ්‍ය වූයේ තම අනුප‍්‍රාප්තිකයා ලෙස වැඩිමහලූ පුත් සුෂීම පත්වනු දැකීමය. සුෂීම බින්දුසාරගේ අගරැජින වූ චාරුමිත‍්‍රාගේ පුත‍්‍රයා විය. අගරජුට බිසෝවරු 16 දෙනෙකු සහ ඔවුන් වෙතින් ලද දරුවන් 101 සිටි බැව් පැවසේ. අශෝකගේ මව වූ ශුභද්‍රාංගි නොහොත් ධර්මා සාමාන්‍ය කාන්තාවක වූ හෙයින් රාජ්‍යත්වයට සියලූ හිමිකම් සපුරා තිබුණේ සුෂීමය.

තමාගෙන් පසු සුෂීම වෙත රජකම පැවරීමට බින්දුසාරට අවශ්‍ය වුවද අමාත්‍ය මණ්ඩලය එයට එරෙහි වූහ. රජුගේ ඇමති මණ්ඩලය තුළ සුෂීම ජනප්‍රිය චරිතයක් නොවීය. ඔහු ඇමතිවරුනට කිසි ලෙසකින් ගරු නොකළේය. රාධගුප්ත යනු ආචාර්ය චාණක්‍යගේ අනුප‍්‍රාප්තිකයා විය. ඔහුගේ අරමුණ වූයේ අාචාර්ය චාණක්‍යගේ ‘අඛණ්ඩ භාරතය’ නමැති සංකල්පය ඉදිරියට ගෙන යෑමය. රාධගුප්ත ඇතුළු ඇමති මණ්ඩලය රජුගෙන් ඉල්ලා සිටියේ සුෂීම නොව අශෝක ඔහුගේ අනුප‍්‍රාප්තිකයා ලෙස පත් කරන ලෙසය. රාධගුප්ත, අශෝක රාජකීය හස්තියකු පිට නංවා රාජකීය උයනේ සක්මන් කිරීමට ඉඩ සලස්වා ඔහු රාජ්‍යත්වයට සුදුස්සා යැයි බින්දුසාර රජුට ඒත්තු ගැන්වීමට කටයුතු කළ බවට ‘අශෝකාවඩන’ ග‍්‍රන්ථයේ සඳහන් වේ.

අශෝක රාජකීය මවකගේ දරුවකු නොවූ හෙයින් සුෂීම සැම අවස්ථාවකම ඔහුට කෙනහිලිකම් කළේය.

අශෝකගෙන් නිදහස්වීම ඔහුගේ එකම අවශ්‍යතාව විය. තක්ෂිලාවේ කැරැල්ලක් පැන නැඟුණේ මේ අතරය. එය මැඩපැවැත්වීම සඳහා අශෝක එහි යැවිය යුතු බවට බින්දුසාරට තහවුරු කරන ලද්දේ සුෂීමය. සුෂීම සිතුවේ එම කැරැල්ල මැඬපැවැත්වීමට යෑමේදී අශෝක මරණයට පත්වනු ඇතැයි කියාය. එහෙත් අශෝක සාර්ථකව කැරැල්ල මැඬ පැවැත්වීය. එහෙත් යළි පැමිණි අශෝකට එරෙහිව පියරජුට ගතු කියා ඔහු කාලිංගයට පිටුවහල් කිරීමට සුෂීම ඇතුළු ඔහුගේ හිතවත් කණ්ඩායම සමත් විය.

බින්දුසාරගේ මරණයෙන් පසු රාජ්‍යත්වය සඳහා ඔහුගේ දරුවන් අතර තරගයක් පැවැති අතර අශෝක තම සොහොයුරන් 99 දෙනකු ඝාතනය කොට රජකම අත්පත් කරගත් බැව් මහාවංශයේ සහ දීපවංශයේ සඳහන්ය. තමා රාජ්‍යත්වයට පත් කිරීම සඳහා මහඟු මෙහෙයක් කළ රාධගුප්ත තම අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත් කරගැනීමට අශෝක පියවර ගත්තේය.

අශෝක වෙතින් ඝාතනය වූයේ සොහොයුරන් 99 දෙනකු නොව හය දෙනකු පමණක් යැයි 16 වැනි සියවසේ ජීවත් වූ තාරානාථ නමැති ටිබෙට් ලාමාවරයා සඳහන් කරයි. අශෝකගේ රාජාභිෂේකය වසර 4කින් ප‍්‍රමාද වූයේ මෙම සොහොයුරන් සමඟ සටන් කිරීමට සිදු වූ බැවිනැයි ඔහු අනුමාන කර තිබේ. ක්‍රි.පූූ. 273 මෞර්ය සිහසුන හිමිකර ගනු ලැබුවද අශෝකගේ රාජාභිෂේකය සිදුවූයේ ක්‍රි.පූ. 269දීය. අශෝක තම සොහොයුරන්ට දැඩි සේ ප්‍රේම කළායැයි ඔහුගේ ආඥාවන්හි සඳහන්ව ඇතැයි ඇතැම් ඉතිහාසඥයෝ පෙන්වා දෙති. අශෝක විසින් මරා දැමුණේ ඔහුට තර්ජනයක් වූ තම වැඩිමහලූ සොහොයුරු සුෂීම පමණක් විය හැකි යැයි ඇතැමකුගේ මතය වී තිබේ. අශෝකාවඩන ග‍්‍රන්ථයට අනුව අශෝක විසින් සුෂීම ඝාතනය කරනු ලැබුවේ දැවෙමින් තිබූ ගල් අඟුරු වළකට උපායශීලීව තල්ලූ කිරීමෙන් යැයි පැවසේ.

අශෝකගේ සොහොයුරන් අතරින් අභය ලැබුවේ ඔහුගේ බාල සොහොයුරු විතාශෝක නමැති කුමරුවා යැයි මහවංශය සඳහන් කරයි. විතාශෝක අශෝකගේ මව වූ ශුභද්‍රාංගි බිසවගේ බාල පුත‍්‍රයා විය. විතාශෝක තිස්ස නමින්ද ඔහු හැඳින්වුණු බවට ඇතැම් ග‍්‍රන්ථවල සඳහන් වුවද විතාශෝක සහ තිස්ස යනු එක් අයකු නොව දෙදෙනකු බැව් ථෙර ගාථාවල පැහැදිලිව සඳහන් වී තිබේ. ඇතැම් ඉතිහාස කථාවල විගතාශෝක, සුගත‍්‍ර හෝ සුදත්ත යන නම්වලින්ද ඔහු හඳන්වා තිබේ. දිව්‍යාවදාන ග‍්‍රන්ථය අනුව ඔහු තීර්ථකයන් ඇසුරු කළ අතර බෞද්ධාගම වැලඳ නොගත්තේ යැයි සඳහන් වුවද අශෝකාවඩන ග‍්‍රන්ථය අනුව ඔහු පැවිදි දිවියට එළැඹි බැව් සඳහන්ය. එහෙයින් විතාශෝක පිළිබඳ පැවසෙන පුවත්වලින් වඩා නිවැරැදි කුමක්දැයි පැහැදිලි නැත.

අශෝක රජුට බිසෝවරු 5 දෙනෙක් විය. ඔහුගේ පළමු බිසව වේදිසා මහාදේවි ශාඛ්‍යකුමාරි නොහොත් දේවී බිසවය. කෞර්වකී, අසන්ධිමිත‍්‍රා, පද්මාවතී සහ තිස්යාරක්ෂිතා අනෙකුත් බිසෝවරුන්ය. අශෝක, දේවි කුමරිය හා පෙමින් බැෙඳන විට ඔහුගේ වයස අවුරුදු 18ක් පමණි. ඔහුට ඇය හමුවූයේ උජ්ජේනයේදීය. වෙළෙන්දකුගේ දියණියක වූ දේවි නිර්භීත යුවතියක වූවාය. ඇය දිළින්දන්ට හා සතුන්ට කරුණාව පෑවාය. දේවි දුටු මොහොතේම අශෝක ඇය හා පෙමින් බැඳිණි. ඔවුන්ගේ විවාහයෙන් වසර දෙකකට පසු ඇය පුත‍්‍රයකු බිහි කළාය. ඔහු පසුකාලයේ ශ්‍රී ලංකාවට බෞද්ධාගම රැගෙන ආ මහේන්ද්‍ර නොහොත් මිහිඳුය. ඉන් මඳ කලකට පසු ඇය දියණියක වැදුවාය. ඇය සංඝමිත‍්‍රා නොහොත් සඟමිත් කුමරියයි. අශෝක හා දේවි බිසව වාසය කරන ලද්දේ විදිෂාවේය. අශෝක පාටලීපුත‍්‍රයට ගියද දේවි බිසව හා දරු දෙදෙනා පාටලිපුත‍්‍රයේ වාසයට නොගොස් දිගටම විදිෂාවේ ජීවත් වූ බැව් ඉතිහාසයේ සඳහන්ය.

අශෝක රජුගේ දෙවැනි බිසව කෞර්වකීය. අශෝක හට කෞර්වකී හමු වූයේ සුෂීම විසින් අශෝක විනාශ කරනු ලැබීම සඳහා පිය රජුට ගතු කියා ඔහු කාලිංගයට පිටුවහල් කරනු ලැබ සිටි සමයේය. කෞර්වකී කාලිංග රජ කුමරික නොව ධීවරයකුගේ දියණියක යැයි ඉන්දීය ඉතිහාසඥයකු වන එම්. එන්. දාස් සඳහන් කරයි. ඇය අශෝකගේ ප්‍රියතම බිරිඳ ලෙසින් සැලකිය හැක්කේ අශෝක සෙල් ලිපිවල සඳහන් වනුයේ ඇය පිළිබඳව පමණක් වන හෙයිනි.

අලහබාදයේ ඇති අශෝක සෙල් ලිපියේ කෞර්වකී බිසව පිළිබඳව සඳහන්ය. කෞර්වකී අශෝකගේ දෙවැනි පුත‍්‍රයා වූ තිවාල නොහොත් තිවාර කුමරුගේ මවය. අශෝකගේ ජීවිතය වෙනස් මඟට යොමු කරන ලද්දේ චාරුවකී නොහොත් කෞර්වකී විසිනි. පසු කාලයේ බුදු දහම වැලඳගත් ඇය අශෝකගේ මරණයෙන් පසු ජීවිතයේ අවසන් සමයේ අපිස් දිවියක් ගත කළ බැව් පැවසේ.

අශෝකගේ තෙවැනි බිරිය වූයේ පද්මාවතීය. අශෝක හා පද්මාවතී අතර විවාහය හුදෙක් දේශපාලන අවශ්‍යතාවක් මත සිදුවූවක් යැයි වාර්තා වේ. පද්මාවතී ධර්මවිවර්ධන නොහොත් කුණාල කුමරුගේ මව වූවාය. ඉතා යොවුන් වියේදී ඇය මරණයට පත් වූ අතර ඇය පිළිබඳ එතරම් පැහැදිලි තොරතුරු නොමැත.

අශෝකගේ සිවුවැනි බිසව වූයේ අසන්ධිමිත‍්‍රාය. ඇය එවක අසන්ධියාත් (වත්මන් හර්යානාව) නමැති කුඩා රාජ්‍යයේ රජ කුමරියක වූ හෙයින් අශෝක අධිරාජයාගේ අග බිසව වූයේ ඇයයි. ඇයට දරුවන් නොසිටි අතර පද්මාවතී බිසව මියයෑමෙන් මව් සෙනෙහස අහිමි වූ කුඩා කුණාල කුමරුට දෙවැනි මව වූයේ අසන්ධිමිත‍්‍රාය.

අශෝකගේ පස්වැනි බිසව වූයේ තිස්යාරක්ෂාය. ඇයද රාජකීයයකු නොවූවාය. ක්‍රි.පූ. 240දී අසන්ධිමිත‍්‍රාගේ මරණය සිදු වූ අතර අශෝක ඇයගේ ප්‍රියතම සේවිකාව වූ තිස්යාරක්ෂා විවාහ කර ගත්තේය. අශෝක ඇය අගබිසෝ තනතුරේ තබා ගත් බැව් පැවසේ. අශෝක හා තිස්යාරක්ෂා අතර විශාල වයස් පරතරයක් විය. එහෙයින් ඇය මගධයේ රජකමට සුදුස්සාව සිටි කුණාල කුමරු කෙරෙහි ආකර්ෂණය වූවාය. කුණාල කුමරු ඇය තම මව හා සමානව සැලකූ හෙයින් ඇයගේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළේය. ඉන් කෝපයට පත් තිස්යාරක්ෂා කුණාලගේ දෑස අන්ධ කළ බැව් පැවසේ.
තම දිවියේ අවසන් සමයේ අශෝක අධිරජු තම ධනය විශාල වශයෙන් සඟුනට දන් දුන් බැව් පුරාවෘත්තවල සඳහන්ය. අශෝක සියල්ල දන් දෙන්නට වීම හේතුවෙන් බියපත් වූ අමාත්‍ය මණ්ඩලය කුණාල කුමරු අන්ධ වී සිටි හෙයින් ඔහුගේ පුත‍්‍ර සම්ප‍්‍රාතිට ඔහුගෙන් පසු රජකම පවරන මෙන් ඉල්ලා සිටියහ. අශෝකගෙන් පසු කුණාල කුමරු වසර අටක් පමණ රජකළ බැව් ‘වායු පුරාණයේ’ සඳහන්ය. බෞද්ධ හා ජෛන ජනශ‍්‍රැතිවලට අනුව කුණාල නාමික රජු ලෙසින් පෙනී සිටි අතර සම්ප‍්‍රාති රාජ්‍ය පාලනය ගෙන ගිය බැව් පැවසේ.

අශෝක අධිරාජයා වසර 40ක් පමණ රාජ්‍ය ක​ෙළ්ය. ඔහුගේ මරණින් පසු මෞර්ය රාජ වංශය කෙමෙන් කෙමෙන් පිරිහෙන්නට විය. ඔහුගෙන් පසු එය පැවැතියේ තවත් වසර 50ක් පමණ කාලයක් පමණි. මෞර්ය රාජ්‍ය අවසන් වීමට සාධක කිහිපයක්ම බලපෑවේය. ඉන් පළමුවැන්න වූයේ අශෝකගෙන් පසු ශක්තිමත් රජවරුන් හෝ රාජ්‍ය පාලනයක් හෝ නොමැති වීමය. අශෝකගේ පුත‍්‍රයන් හා මුනුබුරෝ මගධ රාජ්‍යය කොටස්වලට බෙදා වෙන්කර පාලනය ගෙන ගියහ. රාජ්‍යයේ විශාලත්වය හේතුවෙන් ප‍්‍රදේශික රජවරුන් අතර සබඳතාව හීන වූයේය. අශෝකගේ පාලන සමයේ සමස්ත රාජ්‍යයම ඔහු යටතේ පැවැති නමුදු එකිනෙකා කොටස් වශයෙන් බෙදී වෙන්වී පාලනය ගෙන යෑම මත රාජ්‍යය දුර්වල වූයේය. විදේශ ආක‍්‍රමණ හා අභ්‍යන්තර කැරැළිද පැන නැඟිණි.

අවසන් මෞර්ය අධිරජ වූයේ බ්‍රිහාධර්ථය. ක්‍රි.පූ. 185දී පුෂ්‍යයමිත‍්‍ර සුංග නමැති ඔහුුගේ හමුදාපතිවරයා රජු කෲර ලෙස ඝාතනය කළේය. මෞර්ය අධිරාජ්‍යය ඉන් අවසන් කෙරුණු අතර සුංග පෙළපත ආරම්භ වූයේ එම හමුදාපතිවරයාගෙනි.

දිවයිනපුවත්පත ඇසුරින්
දිනපතා මෙවැනි දේවල් බලන්න එක්වන්න අපගේ Facebook පිටුවට – @gossiplankasinhalanewswebsite

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

මේ විදියට බුදු පහන තිබ්බොත් ජිවිතේ සාර්ථකත්වය කාටවත් නවත්වන්න බෑ

නිවසේ බුදු පහන ඔබ කොපමණ තබා ඇතිද? උදේ සවස මේ බුදු පහනේ ආලෝකයෙන් ඔබගේ නිවස …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!