page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / සුව අරණ / වෛද්‍ය ක්ෂේත්‍රයේ තවත් ලොකු පිම්මක් – ඒඩ්ස්‌ වෛරසය 99%ක් මට්ටුකරන ප්‍රතිදේහයක් සොයාගැනේ

වෛද්‍ය ක්ෂේත්‍රයේ තවත් ලොකු පිම්මක් – ඒඩ්ස්‌ වෛරසය 99%ක් මට්ටුකරන ප්‍රතිදේහයක් සොයාගැනේ

බටහිර විද්‍යාඥයන් විසින් එච්. අයි. වී/ ඒඩ්ස්‌ වෛරසයට සියයට 99 ක්‌ සාර්ථකව පහර එල්ල කළ හැකි ප්‍රතිදේහයක්‌ නිපදවා ඇතැයි ඇමරිකානු ජාතික සෞඛ්‍ය ආයතනය පවසයි.

මෙම ප්‍රතිදේහයට වානරයන් අතර එච්. අයි. වී/ ඒඩ්ස්‌ වෛරසය පැතිරීම වැළැක්‌විය හැකි බව ද පර්යේෂණවලදී සනාථ වී තිබේ.

ඇමරිකානු ජාතික සෞඛ්‍ය ආයතනය හා ඖෂධ සමාගමක්‌ වන සැනොµs සමාගම ඒකාබද්ධව මෙම ප්‍රතිදේහය නිපදවා ඇති අතර මෙය මිනිසාට අත්හදාබැලීම ලබන වසරේදී (2018) ඇරැඹීමට නියමිත බව ජාත්‍යන්තර ඒඩ්ස්‌ සංගමය පවසයි. මිනිසුන්ට මෙය අත්හදා බැලීමේදී එය එච් අයි වී ආසාදනය වැළැක්‌වීමට හෝ එම ආසාදනයට ප්‍රතිකාර කිරීමට උපකාරී වේදැයි සොයා බැලෙනු ඇත.

දැනට එච් අයි වී වෛරසයට සිය මුහුණුවර හා ස්‌වභාවය වෙනස්‌ කිරීමට ඇති හැකියාව හේතුවෙන් එම වෛරසයට එරෙහිව සටන් කිරීමේ හැකියාව මිනිස්‌ සිරුරට නොමැති බව හෙළි වී තිබේ.

පර්යේෂකයෝ මෙහිදී උත්සාහ දරා ඇත්තේ එච්. අයි වී ආසාදනයට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රතිදේහයන් අකර්මණ්‍ය කරලීමටයි.

මෙම සොයාගැනීම පිළිබඳ වාර්තාවක්‌ “ජර්නල් සයන්ස්‌” සඟරාවෙහි පළකර තිබේ.

මෙම පර්යේෂණයට දායක වූ සැනොස් ඖෂධ සමාගමේ ප්‍රධාන විද්‍යා නිලධාරියා වන වෛද්‍ය ගැරී නේබල්ට අනුව නිපදවා ඇති ප්‍රතිදේහය එච් අයි වී වෛරසයට එරෙහිව ක්‍රියා කළ හැකි ප්‍රධානතම තනි ස්‌වාභාවිකව හටගන්නා ප්‍රතිදේහය වී තිබේ. සාමාන්‍යයෙන් ස්‌වාභාවිකව හටගන්නා වෙනත් ප්‍රතිදේහවලට එච් අයි වී වෛරසයට පහර දිය හැක්‌කේ සියයට 90 ක්‌ වැනි සාර්ථකත්වයක්‌ ඇතිව බව ඔහු කියයි. වඳුරන් 24 ක්‌ යොදාගෙන සිදුකරන ලද පරීක්‍ෂණයේදී මෙම නව ප්‍රතිදේහය ශරීරගත කළ එම වඳුරන්ට එච් අයි වී වෛරසය එන්නත් කළ ද වෛරසය ආසාදනය වී නොතිබිණි.

වෛද්‍ය නේබල්ට අනුව වෛරසයට එරෙහිව විශිෂ්ට අන්දමේ ආරක්‍ෂාවක්‌ මෙම ප්‍රතිදේහය මගින් මෙහිදී ලබාදී තිබේ.
දිනපතා මෙවැනි දේවල් බලන්න එක්වන්න අපගේ Facebook පිටුවට – @gossiplankasinhalanewswebsite

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

කෝපි මන්ඩි සතුව ඇති විශ්මිත බලය මෙන්න – මෙය දැනගත් පසු කිසිදිනක කෝපි මන්ඩි විසිකරන එකක් නෑ

අපි අතර සිටින බොහෝ දෙනෙක් උදෑසන අවදිවූවායින් පසුව කෝපි කෝප්යක් පානය කිරීමට පුරුදුවී සිටිනවා. කෝපි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!