page hit counter
Monday , October 23 2017
Breaking News
Home / සුව අරණ / නාඩි බලා හරියටම රෝගය සුව කරන රාජසිංහ රජ පරපුරේ වෙදමහතා – දින තුනෙන් මැරෙන්න සිටි ලෙඩා තවමත් ඉන්නවා

නාඩි බලා හරියටම රෝගය සුව කරන රාජසිංහ රජ පරපුරේ වෙදමහතා – දින තුනෙන් මැරෙන්න සිටි ලෙඩා තවමත් ඉන්නවා

නාඩි බලා හරියටම රෝගය කියයි

රාජසිංහ රජ බිසව සුවපත් කළ බෙහෙත් තෙල තවමත් හිඳිනවා

අසාධ්‍ය ජපන් කුමරිය දින 7කින් ඇවිද්දවයි

ජපානයේත් මැදපෙරදිගත් සිංහල වෙද මැඳුරක්

සීතාවක රාජසිංහ රජුගේ අස් සේනාව බැඳ තැබූ ප්‍රදේශය අදත් හඳුන්වන්නේ ඇස්වත්ත ලෙසය. අවිස්සාවේල්ල නාමපුවරුව ඇති ඉසව්වෙන් තරමක් ඈත මේ ඉස්තාල භූමිය පිහිටි බව ප්‍රදේශවාසීන් කියන්නේ මහත් අභිමානයෙනි. එහෙත් අද ඇස්වත්ත ප්‍රසිද්ධ වී ඇත්තේ රාජකීය අශ්වයන් නිසා නොව සිංහල වෙදකම වෙනුවෙනි. පුුවක්පිටියේ අවිස්සාවේල්ල නාමපුවරුව ළඟම ඇති ඇස්වත්තේ වෙද මහතා හෙවත් මහවෙදගේ වෙද මැදුර එහි සාක්ෂියයි. අවුරුදු 400ටත් වඩා පැරැණි මහවෙදගේ නාමය රාජසිංහ රජු විසින් 15වැනි පරපුරකට පෙර මීමුත්තකුට ප්‍රදානය කරන ලද්දක් බව අපට කීවේ සිය වෙද පෙළපතේ ආරම්භය ගැන කතාවට මුල පිරූ වෙන්ස්ලි මහවෙදගේ වෛද්‍යවරයාය.

“සීතාවක රාජධානිය කාලේ මේ වෙදකමේ මූලිකයා, අපේ පරම්පරා පහළොවකට කලින් මීමුත්තා මේ ඉසව්වට ඇවිත් තිබෙන්නේ. මාතර පුහුල්යාය ප්‍රදේශයේ වෙද පරම්පරාවකට අයත් වූ ‘සබෝ‘ මී මුත්තා, ඔහුගේ පියා සමඟ ආරෝවක් ඇති කරගෙන ගැල් පිට නැඟි විත් සීතාවක රාජධානියේ ගොලෑබොක්ක ප්‍රදේශයේ ගිමන් හරින තෝතැන්නේ කඩමණ්ඩිය අයිනේ කරත්ත අලුත්වැඩියා කරන මඩුවේ නතර වෙලා. අවුරුදු 24ක පමණ තරුණයෙකු හැටියට පියාගෙන් ලද ආභාසයෙන් වෛද්‍ය කර්මයේත් යෙදුණලු! රාජසිංහ රජුගේ අන්ත:පුර බිසවකට සුව නොවන ලෙඩක් වැලඳී ඇති නිසා රාජකීය වෛද්‍යවරුන් වගේම රාජධානිය පුරා සිටින වෙදැදුරන් මඟින් ප්‍රතිකාර කළත් පලක් වී නෑ. ගම්මුන්ගේ කීමට හේවායන් එවා අපේ මී මුත්තා වාසලට කැඳවා තිබෙනවා. තරුණ වැඩි නිසා බිසව එකවරම නොපෙන්වා රජු “නුඹ දක්ෂයෙක්ද කියා පරීක්ෂා කර බැලිය යුතුයි“ කීවාලු! වෙද මුත්තා මැද මිදුලේ හිඳුවලා බිසවගේ යහන් ගබඩාවේ සිට යතුරු කටෙන් නූලක් ඇද එය අල්ලා නාඩි කියන්න අභියෝග කළාලු!
ඒ නූල අල්ලා වෙද මුත්තා කීවාලු‘

රජතුමනි, උදහස් නොවනු මැනවි මෙය නම් අජීවී නාඩියක්‘ කියලා. රජ දෙවැනි වරටත් නූල එව්වාලු. මුත්තා කීවාලු ‘රජතුමනි මෙයත් මනුස්ස නාඩියක් නම් නොවේ‘ කියලා. පළමු වතාවේ නූල බැඳ තිබෙන්නේ ඇඳ විට්ටමේ. දෙවැනි වර බිසවගේ සුරතල් බළල් පැටවාගේ පයේ. තුන්වැනි වර නූලෙන් නාඩි අල්ලා ‘මෙය නම් මනුස්ස නාඩියකි රජතුමනි, මේ රෝගියා උදරයේ ගෙඩියක් නිසා
වේදනාවෙන් පෙළෙන කෙනෙක්.‘ කීවාලු. ඒ වර බිසවගේ අතේ තමයි නූල ගැට ගසා තිබෙන්නේ. රජු කෙතරම් සතුටට පත් වුණාද කීවොත් මීමුත්තා සුවඳ පැනින් නාවා, රාජකීය වස්ත්‍ර අන්දවා ප්‍රතිකාර සඳහා යවා තිබෙනවා. ඒ බිසව සුව කළ තෙල අදටත් අප හිඳිනවා.“

ඔහු කීවේ බෙහෙත් ගේ විශාල තඹ මුට්ටියක හින්දන රහස් වට්ටෝරුවක තෙල් බෙහෙත් සුවඳ අපටද විඳින්නට සලස්වමිනි.

මහවෙදගේ පරපුරට පෙළපත් නාමය ලැබී ඇත්තේ මේ වෙදකමින් පසුවය. “ඔබ නම් මහවෙදෙකැයි කී රජු ‘බෙහෙත් ගෙයි වැඩවසම් මහවෙදගේ‘ නම් පටබැඳ අසුන් බැඳ තිබූ වත්තෙන් අක්කර දහස් ගණනක ගම්වරයක් දී තිබේ.

“රාජසිංහ රජු දුන් ඇත් දළ බෙහෙත් හෙප්පුව, සුදු හඳුන් සහ රත් හඳුන් පෙට්ටිත් තාම තිබෙනවා. ඇස්වත්ත බාර රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කථිකයාට. ඔහු තමයි අපේ මී මුත්තාට සන්නස බාර දී තිබෙන්නේ. කතාවට සමත් නිසා ව්‍යක්ත සිංහ කීයූ ඒ පෙළපත ඇස්වත්තේ වෙත්තසිංහ නමින් අදටත් ඉන්නවා. අපේ වෙදකම ඇස්වත්තේ වෙදකම වුණේ ඒ සිද්ධියෙන් පසුවයි.“ වෛද්‍ය මහවෙදගේ කීවේ සාක්ෂි සපයන්නා සේය.

ඔහුට අනුව සාමාන්‍යයෙන් වෙදකමක් පවතින්නේ පරම්පරා හතක පමණ කාලයකි. එහෙත් වෙන්ස්ලි මහවෙදගේ මහතාගේ වෙදකම දහසය වැනි පරපුරටත් යනු ඇතැයි ඔහුගේ දුවත් පුතුන් දෙදෙනාත් වෛද්‍ය වෘත්තිය කෙරෙහි දක්වන ළැදියාවෙන් පෙනේ. මෙය ඉන්දියාවෙන් ආ වෙදකම නොවේ. දේශීය සිංහල වෙදකමයි. දේශීය වෛද්‍යවරයකු වීමට වෙන්ස්ලි මහතාට නිමිත්ත වූයේ සිය පියාගේ අසනීප තත්ත්වයයි.

“මම සීතාවක ජාතික පාසලේ අධ්‍යාපනය ලබා සාමාන්‍ය පෙළින් පසු කොළඹ කේරි විද්‍යාලයට ඇතුළත් වුණා. පස්සේ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ආයුර්වේදය පිළිබඳ හැදෑරුවා. මහජනතාවගේ පහසුවට මේ වෙදමැදුර පුවක්පිටියට ගෙනාවේ මගේ සීයා. මට අදහසක් තිබුණා තාත්තාගෙන් පස්සේ මේ ආයතනය බාරගන්නවා කියලත්. තාත්තාට පක්ෂගාත රෝගය වැලඳුණ නිසා ඒ පිළිබඳ හදාරන්න, අංශභාග රෝගීන් සුව කරන්න මට ලොකු ආසාවක් ඇති වුණා. එනිසා ඉන්දියාවේ කේරල, කල්කටා රෝහලේ සිට වාත රෝග, සර්වාංග රෝග හා පක්ෂගාත රෝග ගැන හැදෑරුවා. හැබැයි අපේ පරම්පරාවේ වෙදකම ගෙඩි වන පිළිකා පිළිබඳවයි. අර බිසවට කළ ප්‍රතිකාර ක්‍රමයට අනුව අපට පුළුවන් උදරයේ ඇතුළේ ඇති වන ගෙඩිය පිටතට ගන්න. පියයුරුගෙඩි, පිළිකා, බඩවැලේ ගෙඩි ආදිය පිටතට මතු කරගෙන බෙහෙත් කර සුව කරනවා. කොඳු ඇට පෙළේ රෝග, පීනස, ආතරයිටීස්, සෙම් රෝග සඳහාත් අපේ ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. අංශභාගය නිසා මරණ මංචකයේ සිටි අය පවා මේ ක්‍රමයෙන් සුව වී තිබෙනවා.“

ඔහු පැවසුවේ වසර 29ක අත්දැකීම් පෙරටුකොටගෙනය. වෙන්ස්ලි මහවෙදගේ වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ගත් ලක්ෂ සංඛ්‍යාත රෝගීන් අතරින් විශේෂ රෝගියකු වූයේ ජපන් ජාතික වංශාධිපතිනියකි. පරම්පරා පහළොවකට එහා මී මුත්තාට සේම මේ කුමරියගේ රෝගය විද්යුත් තැපෑලෙන් ආ ඡායාරූප කීපයකින් නිරීක්ෂණයට වෛද්‍ය වෙන්ස්ලිට සිදු විය.

යතුරු හිලෙන් දුන් නූලේ නාඩියෙන් ලෙඩේ කී පරපුරක අභිමානය රකිමින් ඇයට ඇති රෝගය ඡායාරූප මඟින් කී මහවෙදගේ මහතා පිළිබඳ ජපන් ජාතිකයාගේ විස්මය කෙතරම් ද යත් එසැණින් පිළිතුරු එවා තිබුණේ සිය බිරියට වැලඳී ඇත්තේ ඒ රෝගය බව පැවසීමට ඇමරිකානු වෛද්‍යවරුන්ට සය මසක් ගත වූ බවයි.
“මාව ජපානෙට කැඳෙව්වා. රෝගියාට අවශ්‍ය බේත් පොට්ටනි ආදී සියල්ල මෙහෙන් හදාගෙන ගියා. මට තේරුණා දින අටක් ඇතුළත මේ රෝගියා ඇවිද්දවන්න පුළුවන් කියලා. ඒක ඕනෑම රෝගියකු දුටු සැණින් මට දැනෙන දෙයක්. මගේ හිත කියනවා මේ රෝගියා සුව කරන්න මට පුළුවන්ද කොපමණ කාලයක් යයිද කියලා. ඒ වගේම සුව කරන්න බෑ කියා හිතුණොත් හිතුණාම තමයි. ඉතින් කීවා වගේම දවස් හතකදී කුමරිය ඇවිදින්න ගත්තා.“

එයින් පැහැදුණු ජපන් වංශාධිපතියාට අවශ්‍ය වුණේ වෛද්‍ය වෙන්ස්ලිගේ සේවය ජපානයටම නතු කර ගැනීමටයි. එහෙත් උපන් රට අමතක කිරීමට අකැමැති වූ ඔහු පෙරළා මවුබිමට පැමිණියේය. ඊළඟ සතියේ ලංකාවට පැමිණි ජපන් ජාතිකයා දුටුවේ තවත් පුදුම සහගත දසුනකි. වෙදමහතාගෙන් ප්‍රතිකාර ගැනීමට සියයකට අධික රෝගීන් පිරිසක් පෝලිමේය. ජපානේ දිනකට වෛද්‍යවරයකු පරීක්ෂා කරන්නේ රෝගීන් හයහත් දෙනකු පමණක් බව පැවසූ ඔහු, වෛද්‍ය වෙන්ස්ලිට ආරාධනා කළේ වෙද මැඳුරේ ශාඛාවක් ජපානයේ පිහිටුවන ලෙසයි. මහවෙදගේ සිංහල වෙද මැදුරක් ජපානයේ ඇරැඹුණේ එලෙසිනි. මේ වන විට මැදපෙරදිග ද සිංහල වෙද මැඳුරක් ඉදිවෙමින් තිබෙන්නේ දේශීය වෙදකම ලොව පුරා ප්‍රචලිත කිරීමේ ඔහුගේ දෙවැනි අදියර වශයෙනි.

පුවක්පිටියේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා රෝගීන් කීපදෙනකු සමඟ කතා කළ පසු මේ වෙදමහතාගේ අත්ගුණය පිළිබඳ අපි තවත් දැනුම්වත් වීමු. රෝගීන්ගේ පෞද්ගලිකත්වය ගැන අවධානය යොමු කළ වෛද්‍යවරයා අපට කීවේ ඔවුන්ගේ නම් පළ නොකරන ලෙසයි. ඒත් පාණදුරේ ප්‍රසන්න අමරසිංහ මහතා කෘතගුණයක් ලෙස නම පළ කිරීම සුදුසු බව කීවේය.

“2014දී මම පඩියක් නඟිද්දි වැටිලා කණ්ඩරා දෙකක් ගැලවිලා දණහිසෙන් පහළ වලංගු නැති වුණා. සැත්කමකින් කකුල ආපසු සවි කළත් වෙළුම ගලවද්දි කකුල පෝලියෝ වගේ හීන් වෙලා ගල් වෙලා ඇවිදගන්නත් බෑ. මාස 4ක් රැකියාවට ගියෙත් නෑ, ඒ අතර මගේ බිරිය වෙද මහත්මයාගේ රූපවාහිනී වැඩසටහනක් දැකලා මෙහේ ආවා. එකොළොස්වැනි දවසේ මම මෙහෙන් ගියේ කාර් එකත් පැදගෙන.“
ඔහු අදත් රත්නපුර පාරේ යද්දී මහවෙදගෙදරට ගොඩ වන්නේ කෘතගුණ සැලකීමක් ලෙසිනි.

නේවාසික රෝගීන් අතර ඩුබායිහිදී වැටීම නිසා අංශභාගයට ගොදුරු වූ රෝගියකු එහි මාස 6ක් වෙදකම් කර සුව නොවී පසුව මෙරටට ගෙනැවිත් පෞද්ගලික රෝහලක මාස 9ක් ගත කර මහවෙදගෙදරට ගෙනා පසු දින 16ක් ඇතුළත ඇවිදින්නට පටන්ගත් බව කීවේ පින් දෙමිනි.

ඒඅතර කොඳු ඇට ගෙවුණු ගුරුවරියක සුව අතට පත් වන අයුරු වෙදමහත්මයා විසින් පරීක්ෂා කරනු ලබන අන්දම එහිදී අපට දක්නට ලැබුණි. වත්තල ප්‍රදේශයේ අවරුදු 26ක දෙදරු පියෙකු යතුරු පැදි අනතුරකදී හිසේ වම්පස තැළිම නිසා ශරීරයේ දකුණු පස අංශභාග තත්ත්වයට පත් වුණු බවත් එය සුව කරන විට අැති වූ අතේ ඇඟිලි වකුටු වීමේ තත්ත්වය සුව අතට හැරෙන අයුරු වෙද මහතා රෝගියා නිරීක්ෂණය කරන අතර අපට කීවේ තරුණයාගේ පියාය.

අප පුදුමයට පත් කළේ පිළියන්දල ප්‍රදේශයෙන් පැමිණි වයස අවුරුදු 79ක අංශභාග රොගියාගේ දියණිය සහ බිරිය කී කතාවයි.

“තාත්තට කිසි ලෙඩක් තිබුණේ නෑ. දවල්ට කාලා ටිකකින් තාත්තා වැටුණා. ළඟම රෝහලට ගෙනිච්චා. ඒ අය කීවේ දැන් වැඩක් නෑ ගෙදර ගෙනියන්න කියලා. විශේෂඥ වෛද්‍යවරයකු ළඟට ගියාම මගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා ඇහුවා. හැමෝම කීවේ තව දවස් තුනයි ඉතින් කියලා. ඒ අතර අඳුනන කෙනකු කියලා මෙහේ ගෙනාවේ. තාත්තා දැන් පුටුවේ ඉන්දවන්න පුළුවන්. කෑම කටින් දෙන්න පුළුවන්. අතයි කකුලයි උස්සලා, රාක්කේ තිබෙන තුවායත් ගන්නවා. දවස් තුන කීවට අදට මාසෙකට වැඩියි.“

දියණියගේ දෑසේ දිලිසුණු කඳුළු කැට දෙකොපුල දිගේ රූටා ගියේ සතුටට විය යුතුය.

එවිට ඇගේ මව කී කතාව සිහි ගැන්වූයේ බෝධි සත්ත්වවරුන් නියත විවරන ලැබූ ආකාරයයි.

“මේ වෙද මහත්මයාට තිබෙන්නේ සංසාර පුරුද්දක්. ගිය ආත්මවල වගේම ලබන ආත්මෙත් සංසාරේ පුරාමත් ලෙඩ්ඩුන්ට ජීවිතේ දෙන්න පිං කරලා තියෙනවා. මහවෙදගේ වෙද මහත්තයා කවදාහරි බුදු වෙන්න ඕනෑ.“

දිනපතා මෙවැනි දේවල් බලන්න එක්වන්න අපගේ Facebook පිටුවට – @gossiplankasinhalanewswebsite

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

කෝපි මන්ඩි සතුව ඇති විශ්මිත බලය මෙන්න – මෙය දැනගත් පසු කිසිදිනක කෝපි මන්ඩි විසිකරන එකක් නෑ

අපි අතර සිටින බොහෝ දෙනෙක් උදෑසන අවදිවූවායින් පසුව කෝපි කෝප්යක් පානය කිරීමට පුරුදුවී සිටිනවා. කෝපි …

2 comments

  1. නීල් සිරි කත්‍රිආරච්චි

    වෙද මහත්තයාගේ විස්තර කරුණාකරලා දෙන්න දුරකථන අංකය ජිවත් වෙලා ඉන්න තැන

  2. me weda mahatthayage durakathana ankayak inna tena lipinayak denna puluwanda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!