page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / දේශපාලන / Mahinda rajapaksa / පිහියක්‌ අරන් මහින්ද මරණ්න ගිය හෝටල් සේවකයා අතේ මාට්ටු

පිහියක්‌ අරන් මහින්ද මරණ්න ගිය හෝටල් සේවකයා අතේ මාට්ටු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පදිංචි විඡේරාම ප්‍රදේශයේ පිහිටි නිල නිවසට කුඩා තියුණු පිහියක්‌ ද රැගෙන ඇතුල්වීමට උත්සාහ කළ 30 හැවිරිදි හෝටල් සේවකයකු ලබන 6 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ලාල් රණසිංහ බණ්‌ඩාර මහතා ඊයේ (22 දා) පස්‌වරුවේ නියෝග කළේය.

සැකකරු මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කොට මානසික වෛද්‍ය වාර්තාවක්‌ කැඳවීමට ද ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා එහිදී බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

පෙරේදා (21 දා) පස්‌වරුවේ හිටපු ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බව පවසා ආරක්‍ෂක නිලධාරීන්ගේ විරුද්ධත්වය නොතකා එම නිල නිවසට ඇතුල්වීමට උත්සාහ කළ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කුරුඳුවත්ත පොලිසියට භාරදී තිබිණි. ඊයේ (22 දා) පස්‌වරුවේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්‌ථාවේදී කුමන හේතුවක්‌ නිසා හිටපු ජනාධිපතිවරයා මුණගැසීමට උත්සාහ දැරුවේදැයි ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා සැකකරුගෙන් විමසා සිටියේය.

තමාට මහින්ද රාජපක්‍ෂ මහතා හමුවීමට අවශ්‍ය වූයේ අතිශය පෞද්ගලික කරුණක්‌ නිසා බැවින් එම අවශ්‍යතාවය අධිකරණයට පැවසීමේ හැකියාවක්‌ නොමැති බව සැකකරු එම අවස්‌ථාවේදී ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයාට පැවසීය. සැකකරු පැවිදිව සිට මෙයට කලකට පෙර උපැවිදි වූ අයකු යෑයි ද කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට වාර්තා කොට තිබිණි. සැකකරු මහින්ද රාජපක්‍ෂ මහතා හමුවීමට මෙයට පෙර අවස්‌ථා කිහිපයකදී පැමිණ ඇති බවත් නිසි අවසරයක්‌ නොමැතිවීම නිසා ඔහුට ඒ සඳහා අවස්‌ථාව ලබා දී නොමැති බවත් ඔහු කළ ප්‍රකාශ අනුව අනාවරණය වී ඇතැයි ද පොලිසිය අධිකරණයට වාර්තා කොට තිබිණි. ඊයේ (22 දා) හිටපු ජනාධිපතිවරයා එම නිල නිවසට පැමිණි අවස්‌ථාවේදී තමාට කෙලෙස හෝ ඒ මහතා මුණගැසීමට අවශ්‍ය බව පවසා ඇති සැකකරු ආරක්‍ෂක නිලධාරීන්ගේ විරුද්ධත්වය නොතකා නිල නිවස දෙසට දුවගොස්‌ ඇති බවත් එය වැළැක්‌වීමට උත්සාහ කළ අවස්‌ථාවේදී ඉණ ප්‍රදේශයේ සඟවාගෙන සිටි කුඩා පිහියක්‌ ඇද තමාට හිටපු ජනාධිපතිවරයාව මුණගැසීමට ඉඩ නොදෙන්නේ නම් තමා කපාගෙන මැරෙන බවත් පවසා ඇතැයි ද පොලිසිය වාර්තා කර තිබිණි.

එක්වන්න අපගේ Facebook පිටුවට – @gossiplankasinhalanewswebsite

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!