page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / උණුසුම් පුවත් / Police / වහස අවුරුදු 18ට අඩු දරුවන්ට වාහන පැදවීමට දෙන වැඩිහිටියන්ට වෙනදේ මෙන්න

වහස අවුරුදු 18ට අඩු දරුවන්ට වාහන පැදවීමට දෙන වැඩිහිටියන්ට වෙනදේ මෙන්න

වයස අවුරුදු 18 ට අඩු දරුවන්ට රථ වාහන පැදවීමට අවස්‌ථාව සලසන වැඩිහිටියන්ට එරෙහිව නීති සම්පාදනය කිරීම කෙරෙහි මාර්ග ආරක්‌ෂාව පිළිබඳ ජාතික සභාවේ අවධානය යොමුවී ඇත.

මෑත කාලයේ අවුරුදු 18 ට අඩු දරුවන් රිය පැදවීමෙන් අනතුරුවලට ගොදුරු වීම ඉහළ යැම සලකා මෙම තීරණය ගත් බව එම සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පැවැසීය.

මෙහි ආසන්නතම සිද්ධිය වන්නේ තලාව, කිරලෝගම ප්‍රදේශයේදී අධික වේගයෙන් යතුරුපැදියක්‌ පදවාගෙන ගිය පාසල් සිසුවකුට එය පාලනය කරගත නොහැකි වීමෙන් මරණයට පත්වීමයි.

ඒ පිළිබඳව අදහස්‌ දැක්‌වූ වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා කියා සිටියේ දරුවන් ආරක්‌ෂා කර ගැනීමට දෙමවුපියන්ට විශාල වගකීමක්‌ පැවරී ඇති බවයි. ඊයේ (24වැනිදා) දක්‌වා මේ වසරේ මාර්ග රිය අනතුරු 2118 ක්‌ වාර්තා වී ඇතැයි පොලිසිය පවසයි.

එක්වන්න අපගේ Facebook පිටුවට – @gossiplankasinhalanewswebsite

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

දුරාචාර අතහැර සතර පෝයට සිල් ගන්නවානම් සැමියාට ඇප දෙන බව බිරිද පවසයි :)

කසිප්පු පෙරීමට යොදාගන්නා ගෝඩා බෝතල් 13 ක්‌ සමඟ හසු වූ පුද්ගලයාට ඇප දීමට පොලිසියට පැමිණි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!