page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / උණුසුම් පුවත් / Police / එලවන්න පුළුවන් වුනාට ලයිසන් දෙන්නේ නෑ – මෙන්න අපේ රටේ අලුත්ම රථවාහන නීති

එලවන්න පුළුවන් වුනාට ලයිසන් දෙන්නේ නෑ – මෙන්න අපේ රටේ අලුත්ම රථවාහන නීති

දැනට රියැදුරු බලපත් ලබාගැනීමේදී ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් ලබා ගත් ශාරීරික යෝග්‍යතා වෛද්‍ය සහකිකයක් පමණක් ඉදිරිපත් කෙරුණ ද රිය අනතුරු සිදු වීම දිනෙන් දින ඉහළ යෑම නිසා මානසික වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමේ තීරණයකට එළැඹීමට සිදුවු බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි.මේ පිළිබදව කැබිනට් පත්‍රිකාව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් මෝටර් වාහන (සංශෝධන) පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර එම කෙටුම්පතටද රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට අයැදුම්කරුවකු මානසික රෝග වෛද්‍යවරයකුගෙන් වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය යන වගන්තියක් ඇතුළත් කර ඇති බවද වාර්තා වේ.

වයස අවුරුදු 18 ට අඩු දරුවන්ට රථ වාහන පැදවීමට අවස්‌ථාව සලසන වැඩිහිටියන්ට එරෙහිව නීති සම්පාදනය කිරීම කෙරෙහි මාර්ග ආරක්‌ෂාව පිළිබඳ ජාතික සභාවේ අවධානය යොමුවී ඇත.මෑත කාලයේ අවුරුදු 18 ට අඩු දරුවන් රිය පැදවීමෙන් අනතුරුවලට ගොදුරු වීම ඉහළ යැම සලකා මෙම තීරණය ගත් බව එම සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පැවැසීය.

මෙහි ආසන්නතම සිද්ධිය වන්නේ තලාව, කිරලෝගම ප්‍රදේශයේදී අධික වේගයෙන් යතුරුපැදියක්‌ පදවාගෙන ගිය පාසල් සිසුවකුට එය පාලනය කරගත නොහැකි වීමෙන් මරණයට පත්වීමයි.

එක්වන්න අපගේ Facebook පිටුවට – @gossiplankasinhalanewswebsite

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

‘‘දුවගේ සැත්කම වැරදුණා කියලා මාධ්‍යට ප්‍රකාශ දෙන්න ලෑස්ති වෙන්න එපා..‘‘ මහනුවර රෝහලේ ප්‍රධාන වෛද්‍යවරියගේ කෙරුවාව මෙන්න

‘‘ඔයාලගේ දුවගේ සැත්කම ධන පැත්තට හැරෙන්නත් පුළුවන් සෘණ පැත්තට හැරෙන්නත් පුළුවන්. හැබැයි සෘණ පැත්තට හැරුණා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!