page hit counter
Wednesday , January 17 2018
Breaking News
Home / උණුසුම් පුවත් / බේත් විද්ද ගමන් බබා කෑ ගැහුවා අම්මේ මාව පිච්චෙනවා කියලා නර්ස්ලාට කීවට ගණන් ගත්තේ නෑ – වීඩියෝ

බේත් විද්ද ගමන් බබා කෑ ගැහුවා අම්මේ මාව පිච්චෙනවා කියලා නර්ස්ලාට කීවට ගණන් ගත්තේ නෑ – වීඩියෝ

රමික දිම්සත්… වේයන්ගොඩ මොට්ටුන්න ප්‍රදේශයේ පදිංචව සිටි ඔහු පසුගිය 11දා උණ රෝගය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබුණා.

ඇතුළත් කර තුන්වන දින රාත්‍රියේ රමිකට රෝහලෙන් ලබාදුන් යම් ඕෂධයක් නිසා රෝගි තත්වය උත්සන්න වූ බව ඔහුගේ මව පවසනවා.

‘‘තුන්වෙනි දවසේ රෑ වෙලා බබාට දුන්නා බෙහෙත් එකක් එයාගේ සේලයින් එකට දාලා.

බෙහෙත් එක දෙන්න කලින් චූටි ඉන්ජක්සන් එකකට දාලත් බෙහෙත් එකක් අතට දුන්නා.බෙහෙත් එක දුන්න ගමන් බබා කෑගහුවා .අම්මා මාව පිච්චෙනවා කියලා.අම්මා මට පවන් ගහන් කියලා කෑගහුවා.

එතකොට එයාට මූත්‍රා යන්න පටන් ගත්තා ඉවරයක් නැතුව.මම ඊට පස්සේ නර්ස්ලට කීවා එයාලා ගණන් ගත්තේ නෑ.ඊට පස්සේ ටිකක් වෙලා එයටා නින්ද ගියා.ඊට පස්සේ දෙවනි පාරත් ඇවිල්ලා බෙහෙතක් දුන්නා.

බබා ඇහරලා කෑගහුවා.ඊට පස්සේ පුතාට නින්ද ගියා.ඩොක්ටලයි නර්ස්ලයි දුවන් ඇවිත් පුතාව වටකරගෙන පපුව තද කළා.

එතකොට ඩොක්ට කීවා අම්මා අපි බබාව අයි සී යූ එකට අරන් යනවා කියලා.එගොල්ලො අයි සී යූ තියන් ටිකක් වෙලා ඇවිත් කීවා අම්මා අපි බබාව කොළඹ අරිනවා කියලා.යනකොටත් එයාට සිහිය නෑ.කතා කරලවත් මම දිහා බැලුවේ නෑ..

රිජ්වේ අර්යා ලමා රෝහලේ දැඩි සත්කාර ඒකකටෙ මාරු කර යැවුණු රමික් නැවතත්දින ගණනක් ප්‍රතිකාර ලැබුණද පියවි සිහිය ලැබී නැහැ

අයි සී යූ එකට දාලා දෙවනි දවසේ ඩොක්ටර්ලා කීවා අම්මා ඔයා හිත හදාගන්නා බබාගේ මොලේ සෛල ඔක්කොම මැරිලා තියෙන්නේ කියලා. අම්මා බබා තවම හිටුපු තත්වමයි.මම දවල් වෙලා යද්දි අනේ මගේ පුතා මාව දාලා ගිහිල්ලා අනේ මට හිටපු එකම බොන්කක්කා එයා මාව දාලා ගිහිල්ලා. ”

පසුගිය සිකුරාදා රිමික මොලොව හැරගියේ සියලු දෙනා දැඩි කම්පාවට පත් කරමිනි.

මරණයට හේතුව තවමත් පරේෂණා මට්ටමේ පවතින බව ඥාතීන් පවසනවා.පශ්තාත් මරණ පරීක්ෂණ වාර්තාව තවමත් ලැබී නැහැ. තතු දන්නා ඥාතිවරයෙකු පවසන්නේ රෝහලෙන් ලබාදුන් ඕෂඨ හේතුවෙන් රමිකගේ ජීවිතට හානි වූ බවයි.

මව් හිත දුක්ගිනි අවුලා අවසන් ගමන් ගිය පුංචි පුතුගේ මරණයට වග කියන්නේ කවුද..? "බෙහෙත් එක දුන්න ගමන් බබා කෑ ගැහුවා… අම්මා මාව පිච්චෙනවා කියලා. අම්මා මට පවන් ගහන්න කියලා කෑ ගැහුවා…" #ChildDeath #lka #GampahaHospital

Posted by Newsfirst.lk on Sunday, September 24, 2017

එක්වන්න අපගේ Facebook පිටුවට – @gossiplankasinhalanewswebsite

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

-ලංකාදීපපුවත් ඇසුරනි

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!