page hit counter
Monday , October 23 2017
Breaking News
Home / සුව අරණ / කෝපි මන්ඩි සතුව ඇති විශ්මිත බලය මෙන්න – මෙය දැනගත් පසු කිසිදිනක කෝපි මන්ඩි විසිකරන එකක් නෑ

කෝපි මන්ඩි සතුව ඇති විශ්මිත බලය මෙන්න – මෙය දැනගත් පසු කිසිදිනක කෝපි මන්ඩි විසිකරන එකක් නෑ

අපි අතර සිටින බොහෝ දෙනෙක් උදෑසන අවදිවූවායින් පසුව කෝපි කෝප්යක් පානය කිරීමට පුරුදුවී සිටිනවා.
කෝපි කියන්නේ ලොව පුරා බොහෝ දෙනෙක් පානය කරන්නට කැමත්තක් දක්වන පානයක්.

ඔබ කෝපි කෝප්පයක් පානය කිරීමෙන් පසුව කෝප්පයේ පතුලේ ඉතිරිවන කෝපි මන්ඩි ඉවත දැමුවත් මේ කෝපි මන්ඩි වලින් ඔබ පුදුමයට පත්වන විවිධ දෑ සිදුකරගන්නට පුළුවන්. ඔබ කලයුත්තේ කෝපි මන්ඩි ඉවත නොදා එකතු කර වියළා ගැනීම පමණයි.

වියළාගත් කෝපිමන්ඩි භාවිතයෙන් සිදුකළ හැකි විශ්මිත දෑ 13 ක්

කලවාවල මේදය කැටි වීමට

බොහෝ සෙයින් කාන්තාවනට ඇති වන සෞඛ්‍යය ගැටළුවක් වන ඉන ප්‍රදේශයේ සහ කලවාවල මේදය කැටි ගැසීම සඳහා භාවිතා කළ හැකි සාර්ථක අත් බෙහෙතක් ලෙස කෝපි මන්ඩි හඳුන්වා දෙන්න පුළුවන්. මේ සෞඛ්‍යය ගැටළුව සුවකර ගන්නට භාවිතා කරන විවිධ රාසයනික ඖෂධ වලත් කැෆේන් සංයෝගය අන්තර්ගත වනවා. කෝපි මන්ඩි සහ ඔබ කැමති තෙල් වර්ගයක් එකට කවලම් කර මිශ්‍රණයක් සකස්කර ගන්න. මේ මිශ්‍රණය අවශ්‍ය ස්ථානයේ ආලේප කරන්න.

සබන් ලෙස

ඔබට යම් අවස්ථාවක නිවසේ සබන් කැටයක් නොතිබුණානම් ඔබට සබන් වෙනුවට කෝපි මන්ඩි භාවිතා කරන්න පුළුවන්. කෝපි මන්ඩි භාවිතයෙන් ඔබෙගේ අත් හොඳින් සෝදා ගන්නට පුළුවන්. මෙය ඔබම එක්වරක් උත්සහා කර බලන්න.

හිසකෙස් සඳහා

හිසේ ගල්වන වෙනත් කිසිම ආලේපනයකට වඩා හොඳින් කෝපි මන්ඩි හිස කෙස් වල වර්ධනයට අවශ්‍ය වන පෝෂණය සපයනවා. තද කළු පැහැ හිසකෙස් වල‍ට මෙය විශේෂයි. ඔබත් හිසකෙස් වල කෝපිමන්ඩි ආලේප කරන්න. ඔබේ කෙස් කළඹත් කාන්තිමත් වේවි.

ඇස් යට ඇතිවන ඉදිමීම් සඳහා

කෝපි මන්ඩි සහ ඔලිව් තෙල් ස්වල්පයක් එකට මිශ්‍ර කරන්න. මේ මිශ්‍රණය ඇස් යට ආලේප කරන්න.කෝපිමන්ඩි ඇස් ඉදිමීම් සහ ඇස් යට කළු පැහැ වීමට සාර්ථක අත් බෙහෙතක් වනු ඇත.
ඔබත් මෙය උත්සහා කර බලන්න. ඔබේ මුහුණට නැවුම් බවක් අත්වේවි.

ශීතකරණය තුළ භාවිතයට

ඔබේ ශීතකරණය තුලත් අපවිත්‍ර වූ පිලී ඟඳක් හමනවා නම් මේ දුඟඳ දුරු කරගැනීමට කෝපිමන්ඩි භාවිතා කරන්න පුළුවන්. ඔබ කෝපිමන්ඩි කෝප්පයක් ශීතකරණය තුල තබන්න. ඔබේ ශීතකරණය තුල තිබූ අපවිත්‍ර වූ දුඟඳ ක්‍ෂණයකින් දුරුවේවි.

මස් පුළුස්සන දැල් කවුළුව පිරිසිදු කර ගැනීමට

අපි කවුරුත් “ BBQ ”ආහාරයට ගැනීමට කැමැත්තක් දැක්වුවත් “ BBQ ”සැකසීමෙන් පසුව ඇලෙන සුළු ග්‍රිල් එක පිරිසිදු කරගැනීමට වැඩි නැඹුරුවක් දක්වන්නේ නෑ. ඔබට පුළුවන් ස්පොන්ජ් එකක් ගෙන එයට කෝපි මන්ඩි එක්කර ග්‍රිල් එක හොඳින් අතුල්ලා උණු ජලයෙන් සෝදා ගන්න. එවිට ඔබේ “ BBQ ” ග්‍රිල් එක ඉතා හොඳින් පිරිසිදු වේවි.

සේදුම් කාරකයක් ලෙස

ඔබට පුළුවන් රසායනික ද්‍රව්‍ය වලින් තොර සේදුම්කාරකයක් ලෙස කෝපි මන්ඩි භාවිතා කරන්න. ඔබේ නිවසේ පිරිසිදු කිරීමට ඇති මැටි භාජන සහ සාස්පාන් වැනි උපකරණ වලට කෝපි මන්ඩි දමා හොඳින් අතුල්ලන්න. මෙමගින් ඔබේ භාණ්ඩ ඉතා හොඳින් පිරිසිදු කරනවාට අමතර සේදුම් කාරක සඳහා ඔබට වැයවන මුදලත් ඉතිරිකර දේවි.

කූඹින්ට එරෙහිව

කූබින්ගෙන් නොයෙක් කරදර අපට සිදුවනවා. මේ ගැටළුකාරී තත්වය සඳහාත් සාර්ථකව කෝපිමන්ඩි භාවිතා කරන්නට පුළුවන්. කෝපිමන්ඩි වලින් හමන සැර සුවඳින් කූබින්ගේ ඉව නැතිවී යනවා. මේ නිසා පහසුවෙන්ම කූඹි ආක්‍රමණ වලින් බේරෙන්නට පුළුවන්.

බලු මැක්කන්ට එරෙහිව

කූඹින්ට වගේම බලුමැක්කන්ට එරෙහිවත් කෝපිමන්ඩි භාවිතා කරන්න පුළුවන්.
ඔබේ නිවසේ සිටින සුරතල් බල්ලාගේ මැක්කන් පිරීසිටිනවා නම් කෝපිමන්ඩි බල්ලාගේ සමෙහි ආලේප කර මෘදුව සම්භාහනය කරන්න.
බල්ලාගේ ශරීරයේ සිටි මැක්කන් ඉවත්වී නැවුම් සුවඳක් හමාවී.

දෙඹරුන්ට එරෙහිව

ඔබේ ගෙවත්තෙත් දෙඹර වදයක් ඇත්නම් ගිනි ඇවිලෙන්නේ නැති භාජනයක් ගෙන එයට වියළි කෝපිමන්ඩි එකකර ගිනි තබන්න. කෝපිමන්ඩි ගිනි ගැනීමෙන් හමන සැර සුවඳ නිසා දෙඹරුන් ඉක්මණින්ම එම ස්ථානයෙන් පිටවේවි.

ගොළුබෙල්ලන්ට එරෙහිව

ඔබේ ගෙවත්තේත් ගොළු බෙල්ලන්ගෙන් ඔබට කරදර සිදුවනවා නම් ඔබට කෝපි මන්ඩි භාවිතා කරන්නට පුළුවන්. ඔබ කෝපිමන්ඩි ස්වල්පයක් ගොළු බෙල්ලන් සිටින පසට ඉහින්න.
ගොළු බෙල්ලන් කෝපි මන්ඩි වලින් හමන සුවඳට අකමැති නිසා ගොළුබෙල්ලන් එම ස්ථානය අතහැර ඉක්මණින්ම පිටවේවි.
(මෙය ගොළුබෙල්ලන්ට ලුණු දැමීම මෙන් සාහසික ක්‍රියාවක් නොවේ)

පූසන් පලවාහැරිම

ඔබේ අසල්වැසි නිවෙස් වල පූසන් ඔබේ වත්තට හෝ නිවසට පැමිණ ඔබට පීඩා ඇති කරනවා නම් මේ සඳහාත් ඔබට පුළුවන් කෝපි මන්ඩි භාවිතා කරන්න. ඔබ කලයුත්තේ ඔබේ නිවස වටා ආවරණය වන පරිදි කෝපිමන්ඩි හැලීමයි. මෙය පූසන්ට එරෙහිව  බාධකයක් වනු ඇත.

පොහොර ලෙස

කෝපි නයිට්‍රොජන්, පොටෑසියම් සහ පොස්පරස් වලින් පොහොසත් වන නිසා ඉතා හොඳ පොහොරක් වනවා. මෙම ගින් ඔබට සරුසාර වගාවක් ඇති කරගන්නට පුළුවන්. ඔබ කලයුත්තේ ඔබ සිටුවන පැළයේ පසට කෝපිමන්ඩි එකතු කිරීම පමණයි.

– උපුටා ගැනීම අන්තර්ජාලයෙන් –
මෙවැනි දේවල් දිනපතා දැනගන්න එක්වන්න අපගේ Facebook පිටුවට – @gossiplankasinhalanewswebsite

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

මින්ඉදිරියට කාමරංකා කන්න හිතන්නවත් එපා – කාමරංකා කන අයට වෙනදේ මෙන්න

වකුගඩු ආසාදන ශ්‍රී ලංකාවේ බරපතළ සෞඛ්‍ය තර්ජනයකි. කිහිප ආකාරයක වකුගඩු ආසාදන ශ්‍රී ලංකාවේ වාර්තා වන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!