page hit counter
Saturday , October 21 2017
Breaking News
Home / තරු හුට පට / සැමගේ නෙතට කඳුලක් එක් කරමින් සමුගත් දසුන්ගේ නිසල සිරුර නිවසට – ශලනි තාරුකා සියල්ල හෙලි කරයි – Video

සැමගේ නෙතට කඳුලක් එක් කරමින් සමුගත් දසුන්ගේ නිසල සිරුර නිවසට – ශලනි තාරුකා සියල්ල හෙලි කරයි – Video

ගෙල වැලලාගෙන මියගිය නව පරපුරේ ජනප්‍රිය නළු දසුන් නිශාන්ගේ දේහය මේ වන විට නිට්ටඹුවේ පිහිටි ඔහුගේ නිවසට රැගෙනවිත් තිබෙනවා.

පන්නිපිටිය පැලැන්වත්ත ප්‍රදේශයේ පිහිටි තාවකාලික නවාතැනේදී ඔහු ඊයේ දහවල් කාලයේ විදුලි පංකාවේ ලණුවක එල්ලී මියගොස් සිටියා.

පසුව ඔහුගේ දේහය කලුබෝවිල රෝහලට රැගෙන ගොස් එහිදි මරණ පරීක්ෂණය සිදුකර තිබුණා.

දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන ආකාරය මෙතෙක් ප්‍රකාශයට පත්කර නැහැ.

ගෙලවැලලා ගත් දසුන්ගේ දේහය කලුබෝවිල රෝහලට රැගෙන ගිය ආකාරය…

ජනප්‍රිය රංගන ශිල්පී දසුන් නිශාන් ගෙලවැලලාගෙන මියයන අවස්ථාවේ සිය ජංගම දුරකථනය මගින් සියල්ල රූගත කර තිබියදී පොලිසියට හමුවී තිබෙනවා.

අවසන් ගමන් ගිය ජනප්‍රිය නළු දසුන් නිෂාන් එක්ක පැටලුනු කතාව ගැන ශලනි තාරුකා දුන්නු උත්තරේ..!

යොවුන් රංගන ශිල්පී දසුන් නිෂාන් ඊයේ සියදිවි හානි කරගැනීමෙන් පස්සේ විවිධ කතා හුවමාරු වෙන්න පටන් ගත්තා. සමහරු කිව්වා ප්‍රේම සම්බන්ධයක් නිසා මේ විදිහට දසුන් ජීවිතේ දාලා ගියා කියලා.තවත් සමහරු දසුන්ගේ වෙන්ව යාමත් සමඟ ශලනි තාරුකා ගැනත් කතා කළා. ඇයගේ ෆේස්බුක් ගිණුමද ඉවත් කරලා තියෙනවා කියලා සමහරු කිව්වා.

මේ ගැන අහන්න අපි ශලනි තාරකාව සම්බන්ධ කරගන්න හැදුවත් එය සාර්ථක වුණේ නෑ. කොහොම වුණත් ඇය දසුන් සමඟ දීර්ඝ කාලයක් එක්ව ටෙලි නාට්‍යක රඟපෑව නිසා මේ විදිහේ කතා හැදුනා වෙන්නත් පුළුවන්. ඒ හැමදේම ගැන මීට මසකට පමණ කළින් ශලනි සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

ශලනිගේ නමත් හිටි හැටියෙම වෙබ් සයිට්වල යන්නේ ජනප්‍රියත්වය වැඩි නිසාද..?

ඒක කියන්න බැහැ..

ළඟදි ඒ විදිහට ඔබේ නමත් එක් රංගන ශිල්පියෙක් සමඟ ඈදිලා කටකතාවක් හැදුනා නේද..?

කොහොමත් මට ඉතිං අහක යන කුණු තමයි එන්නේ.මොකද ගොඩක් වෙලාවට ඔය කියන රංගන ශිල්පියාගේ ප්‍රශ්නෙදි, මාව ගාවගන්න ඇත්තේ අවුරුදු එක හමාරක් එක දිගට දීර්ඝ ටෙලි නාට්‍යයක දකින්න ලැබුණු නිසා වෙන්න ඇති.

එහි විවාහක යුවළක් විදිහට අපි නිතර දකින්න ලැබු‍ණා. මම හිතන්නේ මම ගෑවුණේ ඒ ටෙලි නාට්‍ය නිසා තමා. බුද්ධියෙන් බලන අය ඒ විදිහට තේරුම් ගත්තා සහ ඕන දෙයක් වැරදියට දකින අය ඒ විදිහට තේරුම් ගත්තා. මම වැරැද්දක් කරලා නැති නිසා මම ඒවට උත්තර බඳින්න ගියේ නැහැ. මම හිතන්නේ ඉතිං සයිට්වල යන හැමදෙයක්ම විශ්වාස කරන්න හොඳ නැහැ. අපි ගරලා තමා ඒ දේවල් ගන්න ඕනේ.


එක්වන්න අපගේ Facebook පිටුවට – @gossiplankasinhalanewswebsite

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

ශලනි – දසුන් කතාවේ නොකී කතා හෙලිවෙයි.. ශලනි ප‍්‍රසිද්ද කල වීඩියෝව මෙන්න..

මේ දිනයන්හි ආන්දෝලනාත්මක චරිතයක් වී සිටින රංගන ශිල්පිනී ශලනි තාරකා විසින් කලකට පෙරදී රචනා කරනු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!