page hit counter
Monday , October 23 2017
Breaking News
Home / දේශපාලන / Nishantha Muthuhettigamage / මහින්ද – මෛත්‍රී එකතු වෙනවා මුතුහෙට්ටිගම කළ අන්දෝලනාත්මක ප්‍රකාශය – වීඩියෝ

මහින්ද – මෛත්‍රී එකතු වෙනවා මුතුහෙට්ටිගම කළ අන්දෝලනාත්මක ප්‍රකාශය – වීඩියෝ

මහින්ද – මෛත්‍රී එකතු වී එක ලැයිස්තුවකින් මැතිවරණයට එන බවට තමන් විශ්වාසයෙන් ප්‍රකාශ කරන බව වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ට්ගම මහතා පවසයි.

“පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලැයිස්තු දෙකක් නෑ.අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ බණ්ඩාරනායක මහත්තයාගෙන් එන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය.ඒකාබද්ධය කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගැලවිලා ගිය කොටසක්.අපි දෙගොල්ල එකතුවෙලා එක ලැයිස්තුවකින් මැතිවරණයට එනවා“

ඒ මහතා මේ බව පැවසුවේ අද (21) ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

“අපි දෙගොල්ල එක ලැයිස්තුවකින් ඇවිල්ලා රටේ ප්‍රාදේශීය සභා සියල්ල ජයග්‍රහණය කරනවා.කවුරු හරි කියනවානම් ඒක බොරු කියල ඕන ඔට්ටුවකට මම ලෑස්තියි.අපි කැපවෙලා කටයුතු කරනවා.අපි ආරාධනා කරනවා අද ඉඳලා එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා හදන්න අපිට අමාරු නෑ.දෙපැත්තට බෙදිලා ගියපු අපේ කණ්ඩායම් දෙක එක කණ්ඩායමක් විදියට ඒකරාශී කරන ඵෙතිහාසික මොහොත අද එළැඹිලා.කෙටි කාලයක් මත ගැටුම් තිබුණට අද ඒවා අවසන් කරලා අපි ලෑස්තියි තනි ලැයිස්තුවකින් තරග කරන්න.පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මේ වන විටත් සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා

අපි පැහැදිලිවම එක අම්මගේ දරුවෝ. නිදහස් පක්ෂය රැකගැනීමටයි අපිට අවශ්‍ය.අපි දෙගොල්ලන්ටම තනි තනිව ගමනක් නෑ.මහින්ද රාජපක්ෂ මහතා නොමැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාළුයි.ඒක දෙගොල්ලන්ම තේරුම් අරන් තියෙනවා.අසරණ පළාත් පාලන අපේක්ෂකයින් බිල්ලට දෙන්නේ නැතුව ඔවුන්ව ජයග්‍රහණය කරවන්න කටයුතු කරමු.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

එක්වන්න අපගේ Facebook පිටුවට – @gossiplankasinhalanewswebsite

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!