page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / Rape cases / පියවරුන් දෙදෙනෙක් විසින් තම බාල වයසේ දැරියන් දෙදෙනනා දූෂණය කරලා

පියවරුන් දෙදෙනෙක් විසින් තම බාල වයසේ දැරියන් දෙදෙනනා දූෂණය කරලා

මවුවරුන්ගේ රැකවරණ නොලැබෙන සමහර පවුල්වල බාලවයස්‌කාර දැරියන් සිය පියවරුන් ගෙන් ලිංගික අතවරයන්ට ලක්‌වීමේ ප්‍රවණතාවක්‌ දක්‌නට ඇතැයි පොලිසිය පවසයි.

ඉකුත් සති දෙක තුළදී 13 හැවිරිදි වියේ පසු වන දැරියන් දෙදෙනකු පියවරුන්ගේ ලිංගික අතවරයට ලක්‌ වී ඇතැයි වැලිපැන්න හා දොඩන්ගොඩ පොලිස්‌ වසම්වලින් කළුතර පොලිස්‌ අධිකාරි කාර්යාලයට වාර්තා කර තිබිණි.

වැලිපැන්නේ පදිංචි දැරියකුගේ මව විදේශගත වී ඇතැයිද දොඩන්ගොඩ පදිංචි දැරියගේ මව ඇඟලුම් සේවිකාවක්‌ බවද මේ පිළිබඳව කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශය පැවැතAවූ පරීක්‌ෂණවලදී අනාවරණය වී ඇත.

දැරියන් දෙදෙනා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර වෛද්‍ය පරීක්‌ෂණයකට යොමු කළ බව පොලිසිය පවසයි.

සැකකාර පියවරුන් දෙදෙනා කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපතිනි පොලිස්‌ පරීක්‌ෂිකා මල්කා තුෂාරි මහත්මිය විසින් අත්අඩංගුවට ගෙන මතුගම මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්‌ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

කළුතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න මහතාගේ උපදෙස්‌ පිට කළුතර කොට්‌ඨාස භාර ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂිකා මල්කා තුෂාරි මහත්මිය ඇතුළු නිලධාරීහු පරීක්‌ෂණ පවත්වති.

-දිවයින පුවත්පත ඇසුරින්
එක්වන්න අපගේ Facebook පිටුවට – @gossiplankasinhalanewswebsite

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

අවුරුදු දෙකේ සිගිති දැරියකට අතවර කළ නරුමයා මාට්ටු

මේ කතාවත් මහා සංවේදී කතාවක්‌. දෙහිඅත්තකණ්‌ඩිය පොලිසිය පැත්තෙනුයි මේ කතාව වාර්තා වුණේ. අවුරුදු 13ක පිරිමි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!