page hit counter
Monday , October 23 2017
Breaking News
Home / දේශපාලන / අයවැය එනකම් වාහන ගන්න නම් එපා.. අයවැයෙන් වාහන මිල වෙනස් වෙන්නේ මෙහෙමයි .!

අයවැය එනකම් වාහන ගන්න නම් එපා.. අයවැයෙන් වාහන මිල වෙනස් වෙන්නේ මෙහෙමයි .!

රථවාහන වලට පනවා තිබූ බදු වැඩි කිරීම සහ එමගින් රථ වාහන මිල වැඩි කිරීම වත්මන් රජයට එල්ල වූ විශාල චෝදනාවකි. කෙසේ වෙතත් සාමාන්‍ය ජනතාවට සිහිනයක්ව තිබෙනා වාහන සිහිනය තව දුරටත් සිහිනයක් නොවී යථාර්තයක් වීමට යන බවට වන පුවතක් වාර්තා වෙනවා.
ඒ අනුව මෙවර අයවැයෙන් පසු කුඩා ප්‍රමාණයේ මෝටර් රථවලට සහ විදුලි මෝටර් රථවලට පනවා ඇති බදු අඩු කිරීමට මුදල් ඇමැති මංගල සමරවීර අවධානය යොමුකර ඇතැයි වාර්තා වේ.

හරිත පරිසරයක්‌ ගොඩනැඟීමේ ජාත්‍යන්තර සංකල්පයට අනුව ඉන්ධන මගින් ධාවනය වන වාහන භාවිතය අවම කිරීම මුදල් ඇමැතිවරයා මෙම පියවර ගැනීමට හේතුව බව ද මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අනුව විදුලි කාර් සඳහා සහ එන්ජින් ධාරිතාව සී. සී. 800 මෝටර් රථ සඳහා බදු ඉවත් කිරීමට අවධානය යොමුකර ඇත. මෙලෙස කුඩා සහ විදුලි මෝටර් රථ මිල අඩු කර ඒවා භාවිතය බහුල කිරීම රජයේ අරමුණ බව ද වාර්තා වේ.
එක්වන්න අපගේ Facebook පිටුවට – @gossiplankasinhalanewswebsite

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!