page hit counter
Monday , October 23 2017
Breaking News
Home / සුව අරණ / ඇඟ ඇතුළෙ හැදෙන අමුතු පණුවෙක් – දඹුල්ලේ මිනිසුන් රැසක් ලෙඩ කරයි

ඇඟ ඇතුළෙ හැදෙන අමුතු පණුවෙක් – දඹුල්ලේ මිනිසුන් රැසක් ලෙඩ කරයි

දඹුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 20කගේ පමණ ශරීරයේ අභ්‍යන්තරයේ ජීවත් වූ පණුවන් විශේෂයක් සැත්කම් මඟින් මේ වන විට ඉවත් කර ඇතැයි දඹුල්ල මූලික රෝහලේ වෛද්‍යවරු පවසති.

කුඩා දරුවන් දෙදෙනකුගේ පණුවන් ඉවත් කිරීමේ සාර්ථක ශල්‍යකර්මය ඊයේ (26දා) ශල්‍ය වෛද්‍ය අජිත් අර්ථනායක මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදුකරනු ලැබූහ.

මේ වසර තුළ පුද්ගලයන් 20 දෙනකුට පමණ මේ ආකාරයෙන් සැත්කම් සිදු කොට ශරීර අභ්‍යන්තරයේ සිටි පණුවන් ඉවත් කළ බවට විශේෂඥ ශල්‍ය වෛද්‍ය අජිත් අර්ථනායක මහතා සඳහන් කළේය. මෙසේ ශරීරගත වන පණුවන් අඟල් 3 – 4 – 5ක් දිග සුදු පැහැති පණු විශේෂයක් බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.

ශරීරයේ අභ්‍යන්තරයේ විවිධ ස්ථානවල කෝෂ සාදා ගෙන මෙම පණුවන් ජීවත් වන බව පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
ගෘහස්ථ සතුන්ගෙන් මෙම පණු විශේෂය බොහෝ දුරට ශරීරගත විය හැකි බවත් මදුරු විශේෂයක් මඟින් මෙම පණුවා මිනිසුන්ට ශරීරගත වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවත් වෛද්‍යවරු පවසති.

කාන්තා හා පිරිමි භේදයකින් තොරව මෙවැනි රෝගීන් හමුවී තිබෙන බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. ඊයේ (26දා) සිදුකළ සැත්කමෙන් කුඩා දරුවකුගේ ශරීරයේ සිටි පණුවන් ඉවත් කිරීම වෛද්‍ය කණ්ඩායම විසින් සාර්ථකව සිදුකරනු ලැබීය.

ලෝකයේ රටවල් ගණනාවකින් මෙවැනි සිද්ධීන් වාර්තා වී තිබෙන බවත් එහෙත් ලංකාවේ විවිධ තැන් කිහිපයක ශරීරවල මේ ආකාරයෙන් පණුවන් සිටි බවට වාර්තා වී ඇතැයි හෙතෙම සඳහන් කළේය.

එහෙත් එක දිගටම දඹුල්ල රෝහලට මේ ආකාරයෙන් පණුවන් ශරීරගත වී ඇති රෝගීන් වැඩිවීම බරපතළ ප්‍රශ්නයක් බව වෛද්‍යවරු පවසති.
මෙම පණු විශේෂය ශරීරයට ඇතුළු වන ආකාරය මෙම පණුවන් පිළිබඳව සහ ඔවුන් ජීවත් වන කාල සීමාව පිළිබඳවත් එමෙන්ම මෙම සතුන් බෝ වන ආකාරය පිළිබඳවත් පරීක්ෂණ පැවැත්වීම සඳහා ශරීරවලින් ඉවත් කරගත් පණුවන් සහ පණුවන් ජීවත් වූ ශරීර අභ්‍යන්තරයේ තිබූ කෝෂ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට යැවූ බව වෛද්‍ය අර්ථනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

බොහෝ දුරට සම මතුපිටින් ගැටිති මතුවීමෙන් මෙම පණු ගෙඩි අනාවරණය කර ගැනීමට හැකියාව පැවැතියද ශරීර අභ්‍යන්තරයේ මේ ආකාරයෙන් පණු විශේෂය රැඳී සිටියහොත් එකවරම හඳුනා ගැනීමට නොහැකි අවදානම් තත්ත්වයක් පවතින බවද ඔවුහු පවසති.

විශේෂයෙන් ගෘහස්ථ බල්ලන් පූසන් වැනි සතුන්ගෙන් සහ මදුරුවන්ගෙන් මේ තත්ත්වය බෝවීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ඇති බවද වෛද්‍යවරු පවසති.
එකවරම මේ හා සමානව වැඩි රෝගීන් පිරිසක් දඹුල්ලෙන් වාර්තා වීම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමටද තම වෛද්‍ය කණ්ඩායම ඉදිරියේදී බලාපොරොත්තු වන බවද අර්ථනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම පණු විශේෂය කුඩා දරුවන්ගේ රහස් ප්‍රදේශයෙන් ඇතුළු වූ අවස්ථාද එමෙන්ම ශරීරයේ අත් පා වලින් සහ පපුව ප්‍රදේශවලින් ඇතුළු වූ අවස්ථාද දැක ගැනීමට තිබුණු බවද වෛද්‍යවරු සඳහන් කරති. එක් අවස්ථාවක ඇසක රැඳී සිටි අඟල් 6ක පමණ පණුවකු සොයාගැනීමට හැකියාව ලැබුණු බවද ඔවුහු සඳහන් කරති.

විශේෂයෙන් දඹුල්ල හබරණ ගලේවෙල සීගිරිය ආදී ප්‍රදේශවලීන් රෝගීන්ගේ වාර්තා වීම විශේෂත්වයක්ද බවද වෛද්‍යවරු පවසති.
එක්වන්න අපගේ Facebook පිටුවට – @gossiplankasinhalanewswebsite

සැවොම දැනුවත් කරන්න. මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

මින්ඉදිරියට කාමරංකා කන්න හිතන්නවත් එපා – කාමරංකා කන අයට වෙනදේ මෙන්න

වකුගඩු ආසාදන ශ්‍රී ලංකාවේ බරපතළ සෞඛ්‍ය තර්ජනයකි. කිහිප ආකාරයක වකුගඩු ආසාදන ශ්‍රී ලංකාවේ වාර්තා වන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!