page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / උණුසුම් පුවත් / ගැහැනු ළමයකුට call කළ නිසා සාමණේර හිමි දෙනමකට ගමේ කොල්ලෝ පහර දෙති

ගැහැනු ළමයකුට call කළ නිසා සාමණේර හිමි දෙනමකට ගමේ කොල්ලෝ පහර දෙති

ගැහැනු ළමයකුට දුරකතන ඇමතුම් ලබා ගැනීමේ සිද්ධියක් පිළිබඳව ඇතිවූ වචන හුවමාරුවක් නිසා ඇතිවූ පහරදීමකින් පොළොන්නරුව දමන, ගැමුණුපුර විහාරස්ථානයක වැඩවිසූ සාමණේර භික්ෂුන් වහන්සේ දෙනමකට ගම්වැසි තරුණයන් පිරිසක් පහර දීම හේතුවෙන් පෙරේදා (26දා) රාත්‍රියේ එම භික්ෂුන් වහන්සේ දෙනම පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කොට ඇතැයි පොළොන්නරුව පොලිසිය කියයි.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ එම විහාරස්ථානයේ වැඩවිසූ 14 වියැති සාමණේර දෙනමකි. පොලිසිය පවසන අන්දමට අසල්වැසි නිවෙසක ගැහැනු ළමයකුට දුරකතන ඇමතුමක් ලබා දුන්නේ යැයි කියන සිද්ධියකට දමන, ගැමුණුපුර හා පළුගස්දමන යන ප්‍රදේශවල තරුණයන් පිරිසක් විහාරස්ථානයට පෙරේදා (26දා) රාත්‍රි 8.30ට පමණ පැමිණ ඇතිවූ වචන හුවමාරුවකින් පසු මෙසේ එම සාමණේර භික්ෂුන් දෙනමට පහරදී ඇත. පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති උන්වහන්සේලාගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

සිද්ධියට සම්බන්ධ යැයි සැක කෙරෙන පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගැනීමට පෙරේදා (26දා) රාත්‍රියේම පොලිසිය කටයුතු කර ඇත. සැකකරුවන් ඊයේ (27දා) පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව පොළොන්නරුව මූලස්ථාන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී. එම්. දිසානායක මහතා පැවැසීය.

Check Also

රොහින්ග්‍යා සරණාගතයෝ ඇවිල්ලා මාස 2යි. ළමයි 6ක් පාසල් යනවා – සුපිරි ඝනයේ වාහන වලින් එන අය කන්න බොන්න දීලා තියෙනවා

“රොහින්ග්‍යා මුස්ලිම්වරු මියන්මාරයේ ප්‍රශ්නයක්. ලංකාවේ නීතිය අනුව අපි සරණාගතයන්ට ඉඩ දෙන්න බැඳී නෑ. රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!