page hit counter
Saturday , October 21 2017
Breaking News
Home / උණුසුම් පුවත් / kandy hospital / නුවර මහ රෝහලේ දෙවැනි හදවත් සැත්කමත් සාර්ථකයි – තරුණයාගේ හදවත නිසා තරුණිය සුවය ලබයි

නුවර මහ රෝහලේ දෙවැනි හදවත් සැත්කමත් සාර්ථකයි – තරුණයාගේ හදවත නිසා තරුණිය සුවය ලබයි

ශ්‍රී ලංකවේ දෙවන හදවත් බද්ධ කිරීමේ සැත්කම මහනුරවර මහරෝහලේදි ඊයේ (26) රාත‍්‍රී සාර්ථක ලෙස සිදු කෙරිණ. මෙම සැත්කමට පැය හතක් ගතවි තිබේ. මෙම සැත්කම අවසන් වන විට අද අලූයම වි තිබිණි.

මෙවර සැත්කම සිදුකරනු ලැබුවේ 19 හැවිරදි තරුණියකයටය. ඇයගේ හදවතේ ක‍්‍රියාකාරිත්වය සියයට දහය දක්වා අඩුවි තිබුණු අතර ඇයට හදවතක් බද්ධ කිරිමට වෛද්‍ය වරුන් නිර්දේශ කර තිබිණි. ඒ අනුව මීට පෙර ඇයට හදවතක් බද්ධ කිරිමට සුදනම් වුවත් වෛද්‍ය උපකරණ වල ඇති අඩුපාඩුවක් නිසා එය තාවකාලිකව නතර කිරිමට වෛද්‍ය වරු තීරණය කළහ.

ඉන් පසු රෝහල් අධ්‍යක්ෂක වරයා ඇතුලූ වෛද්‍ය කණ්ඩායම එම අඩුපාඩු පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය වරයා දැනුවත් කර තිබේ. එම වෛද්‍ය උපකරණ දින දෙකක් ඇතුළත රෝහලට ලබාදීමට අමාත්‍ය වරයා කටයුතු කිරිමෙන් පසු වෛද්‍ය වරුන් මෙම සැත්කම සාර්ථකව සිදුකර තිබේ.

මෙම සැත්කම සඳහා හදවත ලබාගෙන ඇත්තේ තලාතුඔය පුලියද්ද ප‍්‍රදේශයේදී යතුරුපැදි අනතුරකින් තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි මොළය මිය ගිය තරුණයෙකු ගෙනි. ඔහුගේ හෘදය ලබාදිම සඳහා ඥාතින් කැමැත්ත පළකර තිබිණි. ඒ අනුව විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික‍්‍රම මහතා ඇතුලූ වෛද්‍ය වරුන් පිරිසකින් යුතු විසි දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම සැත්කම සිදුකළහ.

මේ පිළිබඳව අදහස් දැක්වු මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය සමන් රත්නායක මහතා කියා සිටියේ මහනුවර රෝහලේදි සිදුකළ දෙවන හදවත් බද්ධ කිරීමේ සැත්කම බවය. හදවත් සැත්කම සිදුකළ රෝගියා දැනට දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන අතර විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් ඉතා සුපරික්ෂාකාරිව රෝගියා රැකබලා ගැනිම් කටයුතු සිදුකරන බවද කීය.

මීට පෙර මෙම සැත්කම සිදුකළ නොහැකි වුයේ වෛද්‍ය උපකරණ වල අඩුපාඩු තිබු නිසායි. පසුගියදා මාධ්‍ය මගින් කුමන විවේචන ඉදිරිපත් කළත් වෛද්‍යවරුන් මේ හදවත් බද්ධ කිරීම සාර්ථකව සිදුකළ බවද අධ්‍යක්ෂ වරයා සඳහන් කළේය. මීට පෙර මෙම සැත්කම සිදුකිරීමට යාමේදී මාධ්‍ය මගින් විවිධ මත සමාජ ගත කළ බවද අධ්‍යක්ෂ වරයා සඳහන් කළේය. විවිධ කණ්ඩායම් දැනුමක් නැතිව සිදුකළ මතවාදයන් නිසා වෛද්‍ය වරුන්ගේ සිත් රිදිමක් සිදුවුණ බවද ඔහු පැවසීය.

මෙවන් සංකීර්ණ සැත්කමක් සිදුකරන විට ඒ සඳහා අවශ්‍ය පරිසරය සම්පූර්ණ කළ යුතු බවද හෙතෙම පැවසීය. සෞඛ්‍ය අමාත්‍ය වරයා මේ පිළිබඳව මැදිහත් වී

කටයුතු කළ අතර අවශ්‍ය සියලූම පහසුකම් ලබාදී ඉදිරියේදි අවශ්‍ය මානව සම්පත් සහ වෛද්‍ය උපකරණ ලබා දීමටද එතුමා පියවර ගන්නා බව දැනුම් දුන් බවද අධ්‍යක්ෂ වරයා වැඩිදුරටත් සඳහන් කළේය. පසුගියදා ඇතැම් මාධ්‍ය මගින් මේ පිළිබඳව විවිධ මත පලකල පසු වෛද්‍ය වරුන්ට ඇතිවු සිත් තැවුල් නැතිකර වෛද්‍ය වරුන් ඇතුලූ කාර්ය මණ්ඩලය ධෛර්යමත් කිරිමට සෞඛ්‍ය අමාත්‍ය වරයා පියවර ගත් බවද මහරෝහලේ අධ්‍යක්ෂ වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සැත්කම පිළිබඳ අදහස් දැක්වූ සචිනිගේ පියා වන මහේෂ් කුමාර මහතා,
“26 වැනිදා රෑ 11.30ට පමණ දියණිය සැත්කමට ගෙන ගියා. අලුයම 5 පමණ වන තුරු සැත්කම කළා. සැත්කමින් අනතුරුව දරුවා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා.”


එක්වන්න අපගේ Facebook පිටුවට – @gossiplankasinhalanewswebsite

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

රොහින්ග්‍යා සරණාගතයෝ ඇවිල්ලා මාස 2යි. ළමයි 6ක් පාසල් යනවා – සුපිරි ඝනයේ වාහන වලින් එන අය කන්න බොන්න දීලා තියෙනවා

“රොහින්ග්‍යා මුස්ලිම්වරු මියන්මාරයේ ප්‍රශ්නයක්. ලංකාවේ නීතිය අනුව අපි සරණාගතයන්ට ඉඩ දෙන්න බැඳී නෑ. රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!