page hit counter
Monday , October 23 2017
Breaking News
Home / දේශපාලන / වැඩි ගානට ප්‍රමිතියෙන්තොර කෑම විකුණුවොත් කරන්න ඕනි දේ මෙන්න – මෙන්න අද මිල වැඩිවෙන ආහාර වල මිල ගනන්

වැඩි ගානට ප්‍රමිතියෙන්තොර කෑම විකුණුවොත් කරන්න ඕනි දේ මෙන්න – මෙන්න අද මිල වැඩිවෙන ආහාර වල මිල ගනන්

ආහාර සැකසීම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් සීග‍්‍රයෙන් ඉහළ යාම නිසා දේශීය ආපනශාලා කර්මාන්තය බරපතල අර්බුදයකට මුහුණ දී ඇති බැවින් එයට සමගාමීව හෙට සිට (28) බත් පැකට්, තේ කෝප්පයක සහ ආප්පවල මිල ඉහළ දැමීමට කටයුතු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසයි.

රජය හිටි හැටියේ ගෑස් මිල රුපියල් 110කින් වැඩි කිරීම, පොල්, එළවළු හා සහල් මිල පාලන මිලකට නතු නොවී සීග‍්‍රයෙන් ඉහළ යාම සහ පරිසර හිතකාමී ආහාර දවටන (ලන්ච් ෂීට්) මිල අධික වීම මෙම මිල වැඩිවීම සඳහා විශේෂයෙන් බලපාන ලද බව එ් මහතා සඳහන් කළේය.

හෙට (28) සිට දිවයින පුරා ආපනශාලාවල බත් පැකට් එකක මිල රුපියල් 130 දක්වා වැඩි වනු ඇත.

එම බත් පාර්සලයේ බත්, එළවළු වර්ග 03ක්, පලා වර්ගයක් සහ මාලූ කෑල්ලක් අඩංගු විය යුතුයි.

මාලූ කෑල්ලක් වෙනුවට බිත්තරයක් හෝ කුකුළු මස් ලබා ගැනීමට පාරිභෝගිකයාට අයිතිය ඇත.

ආප්පයක මිල රුපියල් 15 දක්වා වැඩි වන අතර එම ආප්පය සමඟ ලූණුමිරිස් නොමිලේ සැපයීම සිදුකළ යුතුය.

සාමාන්‍ය තේ එකක මිල රුපියල් 20 දක්වා වැඩි වන අතර එ් සඳහා හොඳ මට්ටමේ ටී බෑග් සැපයීම ආපනශාලා හිමියන්ගේ වගකීමකි.

එමෙන්ම කිරි තේ එකක මිල රුපියල් 40 දක්වා වැඩි වන අතර එ් සඳහා අවශ්‍ය ප‍්‍රමාණයට පිටි දමා සැකසිය යුතු අතර හොඳ මට්ටමේ ටී බෑග් සැපයීම සිදුකළ යුතුය.

මේ වන විට ආහාර අඩු මිලට සපයන විශ්ව විද්‍යාල හා රජයේ වෙනත් ආයතනවල ආපනශාලාවලද ඉහත දක්වන ලද ආහාර වර්ගවල මිල ගණන් හෙට (28) සිට මෙම මිලටම අලෙවි කරනු ලැබේ.

ඉහත දක්වන ලද ආහාර වර්ග එම මිල ගණන් යටතේ අඩු ප‍්‍රමිතියකින් අලෙවි කරන ආපනශාලා පිළිබඳව පහත දැක්වෙන දුරකථන අංකවලට වහාම දැනුම් දෙන ලෙස සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.

දුරකථන අංක 0713130345 (අසේල සම්පත්) හෝ 0777205137 (රංජිත් විතානගේ)

හැමොම දැනුවත් කරන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!