page hit counter
Monday , October 23 2017
Breaking News
Home / සුව අරණ / හම සුදු කරන ආලේපන නිසා විකෘති දරුවන් බිහිවී කාන්තාවෝ වඳභාවයට පත්වෙයි

හම සුදු කරන ආලේපන නිසා විකෘති දරුවන් බිහිවී කාන්තාවෝ වඳභාවයට පත්වෙයි

ශරීරයේ පැහැය වෙනස් කර ගැනීමට භාවිත කරන රූපලාවණ්‍ය නිෂ්පාදන කාන්තාවන්ගේ මඳසරුභාවයට මෙන්ම විකෘති දරුවන් ඉපදීම කෙරෙහිත් බලපෑම් ඇති කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති නාරි හා ප්‍රසව පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍ය සාරද කන්නන්ගර පවසයි.

කලින් පැවැති ඔෟෂධ හා සුවඳ විලවුන් පනත සංශෝධනය කොට සුවඳ විලවුන් නියාමනය සඳහා පනතක් බලාත්මක නොකිරීම හේතුවෙන් බුරුතු පිටින් කිසිදු විශ්වසනීය තොරතුරක් නොමැතිව මෙරටට පැමිණෙන රූපලාවණ්‍ය ආලේපන හේතුවෙන් මේ තත්ත්වය උද්ගතව ඇතැයි හෙතෙම පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්ථානයේදී පෙරේදා (26දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මෙසේද පැවැසීය.

ඉහළ ස්තරයේ සිට පහළ ස්තරය දක්වා සෑම කාන්තාවක්ම පාහේ රූපලාවණ්‍ය කටයුතුවල නිරත වෙනවා. රූපලාවණ්‍ය ආලේපන, විලවුන් හැම දෙයක්ම පාවිච්චි කරනවා.

මේක එක සමාජ කොට්ඨාසයකට විතරක් සීමා වෙලා නැහැ. රූපලාවණ්‍ය නිෂ්පාදන පුළුල් පරාසයක විහිදෙනවා. මේ නිෂ්පාදන සෞඛ්‍යසම්පන්නද, එහි අඩංගු සංඝටක හිතකරද කියන කාරණය ගැන දැනුවත් විය යුතුයි. එහෙම නැති වුණොත් සෞඛ්‍ය ගැටලු ඇති කරන්න පුළුවන්. මේ රූපලාවණ්‍ය නිෂ්පාදන හේතුවෙන් මරණයන් පවා සිද්ධ වෙලා තියෙනවා.

මේ නිෂ්පාදනවල ප්‍රමිතියක් සහ නියාමනයක් තිබිය යුතුයි. කලින් මේවා නියාමනය වුණේ ‘ඔෟෂධ සහ සුවඳ විලවුන් පනත’ යටතේ. නමුත් 2015 අලුත් ඔෟෂධ පනතක් ආවා. ඒ පනතින් ඔෟෂධ වර්ග නියාමනය වුණත් සුවඳ විලවුන් නියාමනය හැලුණා. සුවඳ විලවුන් නියාමනය සඳහා ලංකාවේ මේ වෙද්දී පනතක් නැහැ. නියාමනයක් නැති නිසාම අන්තරායකර නිෂ්පාදන බුරුතු පිටින් වෙළෙඳපොළට එන්න පටන් ගත්තා. අද ඕනම කඩේකට ගිහින් බැලුවොත් ඉතාමත් විස සහිත නිෂ්පාදන ඕන තරම්, ඕනම කෙනකුට ගන්න පුළුවන්. මේ නිෂ්පාදනවල තත්ත්වය ගැන අපිට ලැබුණු වාර්තාවලට අනුව මේ නිෂ්පාදන බොහෝමයක් පිටරටවල තහනම් කළ ඒවා. විශේෂයෙන් මේ නිෂ්පාදන වැඩි හරියක් ඇවිත් තියෙන්නේ පාකිස්තානයෙන්. ඕනම නිෂ්පාදනයක නිෂ්පාදකයා සහ ලිපිනය ගැන වගේම එම නිෂ්පාදනය බෙදාහරින්නා සහ ලිපිනය ආදී විස්තරත් සඳහන් වෙන්න ඕනේ. නමුත් මේ නිෂ්පාදනවල එහෙම කිසි දෙයක් නැහැ. අරාබි අකුරු ටිකක් ගොඩක් ඒවාවල තියෙනවා. අපි මේ ගැන සොයා බලද්දී අපිට තේරුම් ගිය කාරණය තමයි මේ බොහොමයක් නිෂ්පාදනවල විස රසායනික ද්‍රව්‍ය අධික ප්‍රමාණයක් අඩංගු වෙනවා. සාමාන්‍යයෙන් රසදිය අඩංගු විය යුත්තේ මිලිග්‍රෑම් සියයකට එක ඒකකයක්. ඒ තමයි රසදියවල සෞඛ්‍යාරක්ෂිත සීමාව. නමුත් මින් එක නිෂ්පාදනයක රසදිය ඒකක හයදහස් ගාණක් අඩංගු වෙනවා. හිතන්න මෙයින් කොච්චර විසක් ශරීර ගත වෙනවා ඇතිද? මේ අය සහතික කරනවා. මේ නිෂ්පාදනය පාවිච්චි කළොත් දවස් හතකින් සුදුවෙනවා කියලා. ඇත්තටම මේක ගෑවාම දවස් හතකින් සුදු වෙනවා ඇති. මොකද රසදියවලින් හමේ තියන මෙලනොසයිට් සෛල විනාශ කරනවා. එතකොට ඉතින් අනිවාර්යයෙන්ම මේක ගාන කෙනා දවස් හතකින් සුදු වෙන්න ඕනේ. ඒ සුදුවෙන එක නොවේ ප්‍රශ්නේ. රසදියවලින් සමේ පිළිකා, වකුගඩු ආබාධ, දියවැඩියාව වගේ දරුණු රෝග හැදෙන්න පුළුවන්. ඒ වගේම කාන්තාවන් වඳ භාවයට පත් වෙන්න පුළුවන්. ඕනම පිළිකාවක් ලංකාවේ ශීඝ්‍ර ලෙස වැඩි වෙමින් පවතිනවා, පසුගිය දශකය තුළ අපි දැක්කා. මෙවැනි විස රසායන ශරීර ගතවීම් ඉන් එක හේතුවක් විදියට අපිට දක්වන්න පුළුවන්.

මේක ඉතාමත් දරුණු තතත්වයක්. පිටරටවල දැන් උණ කටුවලින් පවා රසදිය ඉවත් කරනවා. රසදිය මිනිසුන්ගේ භාවිතයෙන් ඉවත් කරන්න උත්සාහ ගන්නවා. සිය දහස් ගුණයකින් රසදිය අඩංගු වෙන දේවල් මූණේ ගෑවම එයා විතරක් නෙමේ එයාට දාව උපදින දරුවෝ පවා අංගවිකල දරුවෝ බවට පත් වෙනවා. කාන්තාවෝ වඳභාවයට පත් වෙනවා.

වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ

හමේ වර්ණය වෙනස් කරගන්න භාවිත කරන වයිට්නින් ක්‍රීම් කිසිම සීමාවක් බාධාවක් නැතිව අපේ රටට ගලාගෙන එනවා. අවාසනාවකට පනතක් ක්‍රියාත්මක නොවීම නිසා අපේ රටට ඉතාම භයානක ප්‍රතිඵල ගෙන දෙන තත්ත්වයක් උදාවෙන්න පටන් අරන්. වයස අවුරුදු 14-15 ඉඳන් අවුරුදු 30-35 ඉක්මවන වයස් පරාසයන් තුළ ඉතාමත් බහුලව මේ ආලේපන පාවිච්චි කරනවා. මේවාවල තියෙන ප්‍රධාන සංඝටකවල ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා. අසාමාන්‍ය ලෙස විස රසායන ප්‍රමාණයක් භාවිත කරලා තියෙන්නේ ඉක්මන් ක්‍රියාකාරීත්වයක් සඳහා. මේ නිෂ්පාදන බොහොමයක් පකිස්තානයේ නිෂ්පාදනය කළ ඒවා. ඒවා ආනයනය කරන පුද්ගලයෝ ගැන අපිට සැක සහිතයි.

මේවා ශරීර ගතවුණාම සිද්ධ වෙන්නේ අති මහත් ඛේදවාචකයක්. මේ අයගේ මඳ සරු භාවයට සෘජුවම බලපෑම් එල්ල කරනවා. මේ අය තමයි ඉදිරියේදී දරුවන් බිහිකරන මවුවරුන් වෙන්න ඉන්නේ. මේ පිරිසට මේ නිෂ්පාදන කරන බලපෑම් ඇති වුණාම විකෘති දරුවන් බිහිවීමේ සම්භාවිතාවක් වගේම දරුවන් නොලැබී යෑමේ සම්භාවිතාවක් තිබෙනවා. මේක කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් වෙන්න පුළුවන්. මේ සඳහා රජයේ අවධානය යොමුවිය යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගේම අභ්‍යන්තර වෙළෙ¼දාම සම්බන්ධ අමාත්‍යාංශවලත් අවධානය යොමුවිය යුතුයි.

එක්වන්න අපගේ Facebook පිටුවට – @gossiplankasinhalanewswebsite
හැමෝටම බලන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

මින්ඉදිරියට කාමරංකා කන්න හිතන්නවත් එපා – කාමරංකා කන අයට වෙනදේ මෙන්න

වකුගඩු ආසාදන ශ්‍රී ලංකාවේ බරපතළ සෞඛ්‍ය තර්ජනයකි. කිහිප ආකාරයක වකුගඩු ආසාදන ශ්‍රී ලංකාවේ වාර්තා වන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!