page hit counter
Wednesday , January 17 2018
Breaking News
Home / උණුසුම් පුවත් / පෙම්වතිය පරුෂ වචනයෙන් බැන්න නිසා දුකසිතී 21 හැවිරිදි තරුණයෙකු ගෙල වැලලාගෙන

පෙම්වතිය පරුෂ වචනයෙන් බැන්න නිසා දුකසිතී 21 හැවිරිදි තරුණයෙකු ගෙල වැලලාගෙන

සිය පෙම්වතිය පරුෂ වචනයෙන් බැණ වැදුණා යැයි තරුණයෙක් පෙරේදා (25) රාත්‍රියේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක ඉහළ මාලයේ ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි පින්දෙණිය පොලීසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ මොණරාගල ඇතිමලේවැව තිස්සපුර වීරපිටිය උදාගම ගම්මානයේ පදිංචිව සිටි සංජීව කුමාර නැමැති 21 හැවිරිදි තරුණියෙකි.

මෙම තරුණයා සහ තවත් පිරිසක් මොණරාගල සිට කෑගල්ල පිණ්දෙනිය පොලිස් වසමේ අලුතින් ඉදිකෙරෙමින් පවතින මාර්ගයක කම්කරුවන් ලෙස සේවය කරමින් සිට ඇති අතර ඔවුන් පින්දෙණිය ප්‍රෙද්ශයේ තාවකාලික නිවසක පදිංචිව සිට මෙම මාර්ගයේ සිය රැකියාව සිදුකරමින් සිට ඇති බව පින්දෙණිය පොලීසිය කියයි.

තරුණයා දැනට රාගම ප්‍රදේශයේ තරුණියක් සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යන අතර ,ඇය මීට දින කිහිපයක සිට තරුණයා සමග අමනාප වී තරුණයාට දුරකථනයෙන් පරුෂ වචනයෙන් බැන වැදීම නිසා තරුණයා සිත් තැවුලට පත්ව ඇත.

පෙරේදා රාත්‍රියේ මෙම තරුණයා සරමක් රැගෙන ගොස් අසල්වැසි ඉඩමක ඉදිකරමින් පවතික නිවසක දෙවැනි මහලේ කම්බියක ගෙල වැලලාගෙන මියගොස් තිබූ අතර තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කෑගල්ල මහරෝහලේදී සිදු කෙරිණ.

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!