page hit counter
Monday , December 18 2017
Breaking News
Home / තරු හුට පට / දසුන් නිශාන් එල්ලී මැරුණේ නිළිය නිසාද.? මත් පෙති නිසාද..? බ්ලූ වේල් නිසාද..?

දසුන් නිශාන් එල්ලී මැරුණේ නිළිය නිසාද.? මත් පෙති නිසාද..? බ්ලූ වේල් නිසාද..?

ලලිතා ස්‌වර්ණා කුමාරි විවාහ වූයේ දැනට දශක තුනකට පමණ ඉහතදීය. ඇයගේ ස්‌වාමිපුරුෂයා වූයේ ද්‍රවිඩ ජාතික තරුණයෙකි. විවාහයෙන් පසුව එම යුවළ පදිංචිව සිටියේ නිට්‌ටඹුව, කත්තොට ප්‍රදේශයේය. මිල මුදල් යහමින් නොතිබුණත්, ඔවුහු කිසිවකුටත් කරදරයක්‌ නොවන අයුරින් සාර්ථක පවුල් ජීවිතයක්‌ ගත කළහ.

විවාහයෙන් වසරකට පමණ පසු එම කැදැල්ලට තවත් සාමාජිකයකු එකතු විය. ඒ හුරුබුහුටි පුංචි පුතෙකි. ඔවුහු එම ළදරුවාට දසුන් නිශාන්ත ද සිල්වා යන නම තැබූහ. කුඩාකල සිටම එම ළදරුවාට තිබුණේ කාගේත් සිත් සොරා ගන්නා සුළු පෙනුමකි. එම නිසා නන්නාඳුනනා අය පවා ඔහුට ආදරය කළහ. පුංචි දසුන්ගේ උපන් වේලාව පරීක්‍ෂා කළ එක්‌ ජ්‍යෙdතිෂවේදියකු පැවසුවේ කලාකාමී හිතක්‌ ඇති මෙම පිංවත් කුමරු ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයකු බවට පත්වන බවයි.

දසුන් බහ තෝරන වයසට පැමිණීමත් සමඟ ලලිතා සහ ස්‌වාමිපුරුෂයා අතර යම් යම් ගැටුම් ඇතිවිය. එහෙත් ඒ සියල්ල ඇය ඉවසා ගෙන සිටියේ තම සුරතල් පුතණුවන් නිසාය. එවැනි ගැටුම් මැද කාලය වේගයෙන් ගෙවී ගියේය. ඒ සමඟම පුංචි දසුන්ද උස්‌ මහත් විය.

දසුන් පාසල් යන වියට පා තැබුවේය. ලලිතා ඔහු ගම්පහ බණ්‌ඩාරනායක මහා විද්‍යාලයට ඇතුළත් කළාය. කුඩාකල සිටම ඔහු අධ්‍යාපන කටයුතු සඳහා විශාල උනන්දුවක්‌ දැක්‌වීය. එහෙයින් පාසල තුළ ඔහු ජනප්‍රිය චරිතයක්‌ බවට පත්විය.

එම කාලය අතරතුර ලලිතා තවත් පුතෙකු බිහි කළාය. එවිට දසුන් ශිෂ්‍යත්ව විභාගය සඳහා සූදානමින් සිටියේය. තම පවුලට මල්ලි කෙනකු එකතු වීම ගැන ඔහු සිටියේ ඉමහත් ප්‍රීතියකිනි. අලුත උපන් ළදරුවාට වයස අවුරුදු එකහමාරක්‌ පමණ වන විට ලලිතාගේ ස්‌වාමිපුරුෂයා කැනඩාව බලා පිටත් විය. ඒ රැකියාවක්‌ කිරීම සඳහා ය. එතැන් සිට එම දරු දෙදෙනාගේ සම්පූර්ණ වගකීම තනිකරම පැටවුණේ ඇය මතයි.

එතැන් සිට වසර ගණනක්‌ ගතවීමෙන් පසු ලලිතා සහ ඔහුගේ ස්‌වාමිපුරුෂයා අතර තිබුණ සම්බන්ධතාවය ක්‍රම ක්‍රමයෙන් අඩුවිය. එහෙත් මොන ගැටලු තිබුණත් ඇය තම දරු දෙදෙනාට කිසිම දුකක්‌ දුන්නේ නැත. ඇය සම්පූර්ණ දිවියම දරු දෙදෙනා වෙනුවෙන් කැප කළාය.

දසුන් අධ්‍යාපනයට මෙන්ම රංගනයටද විශාල උනන්දුවක්‌ දැක්‌වූවේය. එමනිසා ඔහු නාට්‍ය කණ්‌ඩායමේ ප්‍රධාන සාමාජිකයකු විය. ඒ සමඟම ඔහු පාසල් සමයේදීම තරුණියක සමඟ ආදර සම්බන්ධතාවයක්‌ ගොඩනඟා ගත්තේය. ඇය නමින් සංදීපනී රණතුංගයි.

දසුන් සහ සංදීපනී අතර ඇති ආදර සම්බන්ධතාවය පාසලේ සිටි බොහෝ අය දැන සිටියහ. එමනිසා වැඩිකල් නොගොස්‌ දෙපැත්තේම නිවැසියෝ මෙම ආදර සම්බන්ධතාවය ගැන දැන ගත්හ. සංදීපනීගේ දෙමාපියන් නිතරම පැවසුවේ එම ආදර සම්බන්ධතාවය නවතා දමන ලෙසයි. එහෙත් ඇය මුළු හදවතින්ම දසුන්ට ආදරය කළ නිසා දෙමාපියන්ගේ කීම පවා නොඇසුවාය.

සංදීපනීගේ දෙමාපියන් එම ප්‍රදේශයේ යමක්‌ කමක්‌ තිබුණ අය විය. එම නිසා මිල මුදල් අතින් ඇයට කිසි අඩුවක්‌ තිබුණේ නැත. බොහෝ අවස්‌ථාවල ඇය දසුන්ගේ පෞද්ගලික අවශ්‍යතාවන් සඳහා ද නිර්ලෝභීව මුදල් වියදම් කළාය.

උසස්‌ පෙළ විභාගයට මුහුණ දුන් පසු දසුන් කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධියක්‌ ලබා ගත්තේය. ඒ පරිගණක ඉංජිනේරුවකු වශයෙනි. එලෙස උපාධිය ලබා ගත්තත් ඔහුගේ කැමැත්ත වූයේ නළුවකු වීමටයි. එම නිසා ඔහු රැකියාවක්‌ කරන අතරතුර නිරූපණ ශිල්පියකු ලෙස කටයුතු කළේය. උසට සරිලන සිහින් සිරුර සහ කඩවසම් බව නිසා නිරූපණ ක්‌ෂේත්‍රයෙන් ඉදිරියටම යැමට ඔහුට හැකිවිය.

සංදීපනීද ඒ වන විට පාසල් අධ්‍යාපනය හමාර කරමින් ජාත්‍යන්තර පාසලක ගුරුවරියක ලෙස සේවය කරමින් සිටියාය. තම පෙම්වතා නිරූපණ ශිල්පියකු ලෙස කටයුතු කිරීම ගැන ඇය වැඩි කැමැත්තක්‌ දැක්‌වූයේ නැත. ඒ වර්තමානයේ සමහර නිරූපණ ශිල්පියන් නටන නාඩගම් ගැන ඇය හොඳින් දන්නා නිසාය.

දසුන් ගෙල වැලලාගෙන සිටි අයුරු සහ පසෙකින් පෙනෙනුයේ ගෘහ භාණ්‌ඩ පොලොවේ ගසා ඇති අයුරුය…
දිවයිනට විශේෂයෙන් ලැබුණු මේ ඡායාරූපය පළකරනුයේ අඥන අපරාධ ප්‍රවර්ධනය සඳහා නොව එහි බිහිසුණු බව සහ නිස්‌සාර බව චිත්‍රණය කිරීම උදෙසා පමණි එම කාලය අතරතුර දසුන්ලාගේ ආදර සම්බන්ධතාවට දෙපාර්ශ්වයේම වැඩිහිටියෝ කැමැත්ත ලබා දුන්හ. ඒ සමඟම සංදීපනී දසුන්ගේ මව සමඟ දැඩි ලෙන්ගතුකමක්‌ ඇති කර ගත්තාය. අඩක්‌ වැඩ අවසන් කර තිබූ දසුන්ගේ නිවසේ ඉතිරි වැඩ කටයුතු කර ගැනීම සඳහා ඇය මුදල් පවා ලබා දුන්නාය. එම පවුලේ තවත් බොහෝ අවශ්‍යතාවයන් සඳහා ඇය නිර්ලෝභීව මුදල් වියදම් කළාය. විශේෂයෙන්ම දසුන් සඳහා ඇය නොමසුරව මුදල් දුන්නාය.

ඔවුන්ගේ ආදර සම්බන්ධතාවට වසර 13 ක්‌ සපිරුණේ 2015 වර්ෂයේදීය. එම නිසා ඔවුහු එම වසර තුළ වැඩිහිටියන්ගේ ආශිර්වාද මැද විවාහ ගිවිස ගත්හ. ඒ පසුකාලීනව විවාහ උත්සවය ගන්නා අටියෙනි.

ඉතා කෙටි කලක්‌ තුළ නිරූපණ ශිල්පියකු ලෙස එම ක්‌ෂේත්‍රයේ ඉහළ තැනක්‌ ඔහු හිමිකර ගත්තේය. ඒ අතර තුර ගීත රූප රචනා කිහිපයකටද ඔහුට ආරාධනා ලැබුණි. ඒ අතරතුර ඔහු රැකියාවෙන්ද සමු ගත්තේය. ඒ වන තුරු ඔහු මෙම සියලු කටයුතු කරගැනීම සඳහා කොළඹ පැමිණියේ විවාහක බිරිඳගේ හෝ තම නිවසේ සිටයි. ඉතා කෙටි කලක්‌ තුළදී කලා ක්‌ෂේත්‍රයේ හොඳ නමක්‌ හදා ගැනීමට ඔහුට හැකිවිය. එම නිසා ඔහුට ප්‍රසිද්ධ ටෙලි නාට්‍ය කිහිපයක රඟපෑම සඳහා ආරාධනා ලැබුණි. ඒ සමඟම ඔහු කාර්යබහුල පුද්ගලයකු බවට පත්වූවේය. තම ගම් ප්‍රදේශයේ සිට එම කලා කටයුතු සඳහා සහභාගි වීමටද ඔහුව අපහසු විය. එම නිසා තම රංගන කටයුතුවල පහසුව සඳහා ඔහු පන්නිපිටිය ප්‍රදේශයේ කුලී නිවසකට පැමිණියේය.

එම කුලී නිවසේ තවත් රංගන ශිල්පියෝ කිහිප දෙනෙක්‌ පදිංචි වී සිටියහ. දසුන්ගේ ජීවිතය වෙනස්‌ වන්නට පටන් ගත්තේ එහි පදිංචියට පැමිණීමත් සමඟයි. ඒ සමඟම ක්‌ෂේත්‍රය තුළ ජනප්‍රිය වීමත් සමඟ දසුන් කාටත් හොර රහසේම නවක නිළියන් කිහිප දෙනකු සමඟම ආදර සම්බන්ධතා කිහිපයක්‌ පවත්වාගෙන ගියේය. ඒ සැම විටම ඔහු හැසිරුණේ අවිවාහක පුද්ගලයකු මෙන්ය.

දසුන්ගේ විවාහක බිරිඳ මේ කිසිවක්‌ දැන සිටියේ නැත. ඇය තමන්ටත් වඩා ඔහුව විශ්වාස කළාය. තම ස්‌වාමිපුරුෂයා රඟපාන ටෙලි නාට්‍ය, ගීතමය රූප ජවනිකා බලමින් ඇය සතුටු වූවාය. එතැනින් නොනැවතුණු ඇය තම යහළු යෙහෙළියන්ටද ඒවා පෙන්නුවාය. ඒ ගැන විස්‌තර කළාය.

පන්නිපිටියේ පදිංචියට පැමිණි පසු දසුන්ගේ ජීවිතයට අසීමිත නිදහසක්‌ ලැබුණි. නොයෙක්‌ ආකාරයේ මිතුරු මිතුරියන් ඇසුරු කිරීමට අවස්‌ථාව උදාවිය. එම තත්ත්වය උඩ ඔහු කෙළිලොල් ජීවිතයක්‌ ගත කිරීමට පුරුදු විය. ක්‍රම ක්‍රමයෙන් තම බිරිඳ සමඟ තිබුණු බැඳීමද අඩුකර දැමුවේය.

එවැනි තත්ත්වයක්‌ මත දසුන්ට මුතුමලී ටෙලි නාට්‍යයේ රඟපෑමට අවස්‌ථාවක්‌ ලැබුණි. ජනප්‍රිය නිළි ශලනි තාරුකාද එහි රඟපෑවාය. දින කිහිපයක්‌ ගතවෙද්දී එම ටෙලි නාට්‍යය හරහා දෙදෙනා අතර දැඩි මිත්‍රත්වයක්‌ ගොඩනැඟුණි. දෙදෙනා අතර එම මිත්‍රත්වය එන්න එන්නම වැඩිවී පෞද්ගලික තොරතුරු පවා හුවමාරු කරගන්නා මට්‌ටමට පැමිණියහ. අවසානයේ දසුන්ට ශලනිගෙන් තොර ලෝකයක්‌ නොමැති විය. දසුන් තම හිතවතුන් සමඟ මත්පැන් පානය කරන විට පවා පැවසුවේ “ශලනිට මම ආදරෙයි. ඒකිව කවද හරි මගේම කර ගන්නවා” කියාය. එහෙත් ඔහුගේ කිසිදු යහළුවෙක්‌ “උඹ දැන් බැඳපු මිනිහෙක්‌. පිස්‌සු වැඩ නොකර ඉඳින්” කියා කීමටවත් නොසිටියේය. දිනපතාම පාහේ දසුන් ශලනිගේ දුක සැප සොයා බැලුවේය. තමාගේ අතිශය පෞද්ගලික ප්‍රශ්න පවා ඇයට පැවසුවේය. අවසානයේ තම බිරිඳට වඩා ශලනි ගැන ඔහු සොයා බැලුවේය. ශලනිද දසුන්ට කැමැත්තක්‌ දැක්‌වූවාය. එවැනි තත්ත්වයක්‌ මත දෙදෙනා නොදැනුවත්වම පෙම්වතුන් බවට පත්වූහ.

දසුන් ශලනිට ආදරය කළේ පිස්‌සකු මෙන්ය. ඔහුට තම ආදරණීය බිරිඳව පෙනුණේ නන්ද කුමරු නවදැලි හේනේ දුටු වැඳිරිය මෙන්ය. රූපයට ලොල් වූ ඔහු ඉතා සූක්‍ෂම අයුරින් තම විවාහක බිරිඳව මඟහැරීමට කටයුතු කළේය.

විවේකී සෑම අවස්‌ථාවකම දසුන් සහ ශලනි මුණගැසී පෙම් සුව වින්දේය. විදෙස්‌ රටවල පවා ඔවුහු සංචාරය කළහ. දසුන් උත්සාහ කළේ සෑම අවස්‌ථාවකම ඇයව සතුටින් තැබීමටයි. ඒ සඳහා අවශ්‍ය සියලු කැප කිරීම් ඔහු කළේය. දසුන් විවාහකයකු බව ශලනි දැන ගත්තේ ආදර සම්බන්ධතාව පටන්ගෙන මාස කිහිපයකට පසුවයි.

දසුන් විවාහකයකු වුවත් එම සම්බන්ධය නවතා දැමීමට ශලනි කැමැති වූයේ නැත. ඇය දසුන්ට පැවසුවේ දෙදෙනකු සමඟ පවුල් ජීවිතයක්‌ ගත කිරීමට නොහැකි බවයි. එවිට දසුන් දිවුරා පොරොන්දු වූයේ හැකි ඉක්‌මනින් තම බිරිඳගෙන් දික්‌කසාද වී ඇයව විවාහ කර ගන්නා බවයි.

කෙළිලොල් ජීවිතයක්‌ ගතකළ දසුන් විශාල ප්‍රශ්නයකට මුහුණ දුන්නේය. ඒ වසර ගණනාවක්‌ තිස්‌සේ තමන්ගේ දුක සැප සොයා බලමින් පණ මෙන් ආදරය කළ තම බිරිඳව අතහැර මාස කිහිපයකට ඉහතදී හමුවූ ටෙලි නිළියව විවාහ කර ගන්නවාද කියාය. ඔහු මත්පැන්, මත්පෙති ආදිය ද පාවිච්චි කරමින් පිස්‌සකු මෙන් මේ ගැන කල්පනා කළේය. අවසානයේ විවාහක බිරිඳව අතහැර ටෙලි නිළියව විවාහ කර ගැනීමට ඔහු තීරණය කළේය.

පළමුව ඔහු එම අදහස තම මවට පැවසුවේය. ඇය එයට තදින්ම විරුද්ධ වූවාය. එහෙත් උත්සාහය අතහැර නොදැමූ දසුන් මවට ඇවිටිලි කළේ එම සම්බන්ධයට විරුද්ධ නොවන ලෙසයි. කෙලෙස කීවත් එම සම්බන්ධයට තම මව කැමති කරවා ගැනීමට ඔහුට නොහැකි විය.

දසුන්ගේ වෙනස්‌වීම සංදීපනීටද දැනෙමින් තිබුණි. එහෙත් ඇය දසුන් ගැන සැක නොකළාය. දිනක්‌ දසුන් තම බිරිඳට පැවසුවේ තමා ටෙලි නිළියක සමඟ යහළු වී සිටින බවත්, එමනිසා තවදුරටත් විවාහ ජීවිතය ගත කිරීමට නොහැකි බවත්ය. දසුන්ගේ එම කතාව එක්‌වරම ඇයට විශ්වාස කිරීමට පවා අපහසු වූවාය. වසර පහළොවකට ආසන්න කාලයක්‌ තම පණ දෙවැනි කොට ආදරය කළ ස්‌වාමිපුරුෂයා එවැනි කතාවක්‌ පවසාවි යෑයි ඇය සිහිනෙකින්වත් නොසිතුවාය. එහෙත් සත්‍යය එය බව පසුව ඇයට අවබෝධ වූවාය.

දික්‌කසාද වීමට ඇය අකමැති වූවාය. ඇයට වුවමනා වූයේ කෙලෙස හෝ නැවත වරක්‌ තම ස්‌වාමිපුරුෂයා වන දසුන් සමඟ සාර්ථක පවුල් ජීවිතයක්‌ ගත කිරීමටයි. එහෙත් දසුන් ඇයට බල කරමින් පැවසුවේ දික්‌කසාදය ලබාදෙන ලෙසයි. එතැනින් නොනැවතුණු දසුන්ගේ අනියම් පෙම්වතිය වන ටෙලි නිළියද අවස්‌ථා කිහිපයකදී දුරකථනයෙන් ඇයට පැවසුවේ දසුන් දැන් ජීවත් වන්නේ තමා සමඟ බවත්, අපි ඇවිදින්න අසවල් තැන්වලට ගිය බවත්ය.

දසුන්ගේ මවටද මෙය විශාල ගැටලුවක්‌ විය. ඇයද හැකි සෑම අවස්‌ථාවකම තම ලේලියගේ සිත සනසමින් පැවසුවේ හැකි ඉක්‌මනින් ඔය ප්‍රශ්නය විස¹ ගමු කියාය. දැඩි සිතක්‌ ඇති කරගත් දසුන්ගේ බිරිඳ ද රටට නොපෙන්වා එම ප්‍රශ්න තනිවම විඳ දරා ගත්තාය.

දසුන්ට කිසි දිනක තම බිරිඳගෙන් ගැළවීමට නොහැකි බව ටෙලි නිළිය දැන ගත්තාය. එම නිසා ක්‍රම ක්‍රමයෙන් ඇය දසුන්ව මඟහැරීමට තීරණය කළාය. උමතුවෙන් මෙන් ඇයට ආදරය කළ දසුන්ට මෙය දරා ගැනීමට නොහැකි විය. අවසානයේ ඔහු තම බිරිඳට බල කරමින් පවසා සිටියේ දික්‌කසාදය ලබාදෙන ලෙසයි. එහෙත් ඇය එයට අකමැති වූවාය.

තම බිරිඳගෙන් දික්‌කසාදය නොලැබෙන බවත්, ටෙලි නිළිය තමාව අතහැර දමා යන බවත් ඉවෙන් මෙන් ඔහුට දැනුණි. දිවා රෑ නිදි වරා ඔහු ඒ ගැන කල්පනා කළේය. ටෙලි නිළිය ළඟ බැගෑපත් වී පැවසුවේ තමාව අතහැර දමා නොයන ලෙසයි. එහෙත් හදවතින්ම ආදරය නොකළ ඇය දසුන් සමඟ තිබූ ප්‍රේම සම්බන්ධය නතර කර දැමුවාය. ඒ සමඟම දසුන් තනිකරම උමතු පුද්ගලයෙක්‌ මෙන් හැසිරුණේය. ටෙලි නිළිය අතහැර යැම නිසා දසුන්ට ලෝකයම එපා වී තිබුණි. ඔහු සිටියේ ඉමහත් දුකකිනි. තමා පසුතැවෙන්නේ වැරැදි දෙයක්‌ සිදුකර එයින් මිදීම නිසා බව ඔහුට අවබෝධ නොවුණි. එය තේරුම් කරදීමට තරම් හැකි යහළුවෙකුවත් ඔහුට නොසිටියේය.

තම සිතේ දුක නිවා ගැනීම සඳහා අධික ලෙස මත්පැන් පානය කිරීමට දසුන් පුරුදු විය. එයින් නොනැවතුණු ඔහු විවිධ වර්ගයේ මත්පෙති පවා පාවිච්චි කළේය. එමනිසා එන්න එන්නම ඔහුගේ ජීවිතය අවුල් විය. අවසානයේ තමා කරන්නේ කුමක්‌ද කියාවත් ඔහු හරි හැටි නොදැන සිටියේය.

බ්ලූ වේල් (ඊකමැ උය්කැ) නමැති මාරාන්තික පරිගණක ක්‍රීඩාව ගැනද ඔහු අධ්‍යයනය කරමින් සිටියේය. එයින් මිනිසුන් කරගන්නා හානි, මැරෙන අයුරු අන්තර්ජාලය තුළ ඔහු නිතරම සොයා බැලුවේය. ඒවා නැරැඹීමත් සමඟ ඔහුගේ මානසික තත්ත්වය තව තවත් පිරිහීමකට ලක්‌වුණි.

මෙම සිද්ධිය නිසා දසුන්ගේ ජීවිතය මොන තරම් අවුල් වුණාද කියතහොත් සමහර දිනවල ඔහු තමාගේ රූගත කිරීම්වලට පවා සහභාගි වූයේ නැත. විරහ ගීත අසමින් මත්පැන් සහ මත්පෙති භාවිතා කරමින් දුක තුනීකර ගැනීමට ඔහු උත්සාහ කළේය. එහෙත් එය අනුවණ ක්‍රියාවක්‌ බව පෙන්වා දීමට තරම් කෙනෙක්‌වත් ඔහු ළඟ නොසිටියේය.

දිනක්‌ දසුන් තම ෆේස්‌ බුක්‌ ගිණුමට නන්දා මාලනියන් විසින් ගයන “රුවල් ඉරී ගිය නෞකාවේ…” නමැති ගීතයේ “දෑස පියාගෙන මා බිලිදී දිය ගැඹුරට… ගැලවී යනු මැන මේ විපතින් සිත දැඩිකොට…” යන පද පේළි දෙක ඔහුගේ ඡායාරූපයත් සමඟ දමා තිබුණි. එයිනුත් හැඟෙනුයේ ඔහු ජීවිතය පවා එපාවී කොතරම් දුකකින් සිටියාද යන්නයි.

දසුන්ට ජීවිතය එපා වී තිබුණි. ඔහුගේ මානසික තත්ත්වය බිංදුවටම වැටී තිබුණි. එලෙස ජීවත් වීම මහ කරදරයක්‌ ලෙස ඔහුට හැඟුණි. කෙලෙස හෝ ජීවිතය නැතිකර ගැනීමට ඔහු තීරණය කළේය.

දිනය පසුගිය 24 වැනිදාය. එදින දසුන් පදිංචිව සිටි පන්නිපිටිය කුලී නිවසේ විශාල සාදයකි. එහි නැවතී සිටි තවත් රංගන ශිල්පීන් දෙදෙනකු සහ පිටතින් පැමිණි කිහිප දෙනෙක්‌ එයට සහභාගි විය. මත්පැන් සහ මත්පෙති ආදියද එහි තිබුණි. මානසිකව අවුල් වී සිටි දසුන් එදින ඇතිවන තුරු මත්පැන් පානය කළේය. සාදය ඉවර වූ පසු ඔහු නින්දට ගියේ පසුදින තම ජීවිතය හානිකර ගන්නවා යන ස්‌ථිර අරමුණ පෙරදැරි කරගෙනය.

පසුදින එහි සිටි අනෙක්‌ රංගන ශිල්පීහු විවිධ කටයුතු සඳහා එම කුලී නිවසින් බැහැර වූහ. එම නිසා දසුන් නිවසේ තනි විය. ඔහුට ජීවිතය එපා වී තිබුණි. එදින කෙලෙස හෝ දිවිනසා ගන්නා බවට ඔහු තීරණය කළේය.

තම දිනපොතේ පිටුවක්‌ ඉරාගත් ඔහු මෙලෙසින් කෙටි ලිපියක්‌ ලිව්වේය. “දසුන් නිශාන් ද සිල්වා වන මාගේ සිය දිවි හානිකර ගැනීම මා විසින්ම මාගේ වුවමනාවට සිදුකර ගන්නා නිසා මේ සඳහා කිසිම පුද්ගලයකු වගකීමට අවශ්‍ය නැත. මම මාගේ මානසික පීඩනය දරා ගැනීමට නොහැකි නිසා මේ තීරණය ගනිමි” එයට පහළින් සම්පූර්ණ නම ලියා ඔහුගේ අත්සනද තබා තිබුණි.

එලෙස ලිපිය ලියූ ඔහු සියදිවි හානි කරගන්නා ආකාරය ගැන කල්පනා කළේය. එම මොහොතේ ඔහු සිටියේ පියවි සිහියෙන් නොවේ. විවිධ ක්‍රම කල්පනා වුවද අවසානයේ ඔහු එල්ලී මැරීමට තීරණය කළේය.

එම තීරණය ගත් මොහොතේ සිට ඔහුගේ සිත තවත් අවුල් ජාලාවක්‌ බවට පත් වූවේය. සිතට දැනෙන එම මානසික පීඩනය දරා ගැනීමට නොහැකි තැන එම නිවසේ තිබූ ගෘහභාණ්‌ඩ ආදිය පොළොවේ ගසා කුඩුපට්‌ටම් කළේය. ඉන්පසු විනාඩි කිහිපයක්‌ නිවස තුළ උමතුවෙන් මෙන් ඇවිද්දේය.

දැන්නම් හොඳටම ඇති ජීවත් වුණා. මැරෙන එක සැපයි කියා ඔහුට සිතෙන්නට ඇත. ඒ අනුව කාමරයට ගිය ඔහු ඇඳ ඇතිරිල්ලක්‌ රැගෙන සාලය දෙසට පැමිණියේය. ඒ එල්ලී මැරීම සඳහා ය. ඒ සමඟම තමාගේ සිය දිවි නසා ගැනීම වීඩියෝ කළ යුතු යෑයි ඔහුට සිතුණි. ඒ අනුව තම ජංගම දුරකථනයෙන් වීඩියෝ වන ආකාරයට සකසා එය සාලය පසෙකින් තැබුවේය.

සාලයේ තිබූ විදුලි පංකාවට ඇඳ ඇතිරිල්ල දමා එහි එල්ලී ගෙල වැලලා ගෙන සියදිවි හානි කර ගැනීමට ඔහු උත්සාහ කළේය. දසුන්ගේ පළමු උත්සාහය අසාර්ථක විය. යළි මඳ වේලාවක්‌ කල්පනා කළ ඔහු එතැනින් නික්‌මී මුළුතැන්ගෙය බලා ගියේය. එය ජංගම දුරකථනයේ කළ වීඩියෝ පටයේ පැහැදිලිව සඳහන් වී තිබුණි.

විනාඩි දෙක තුනක්‌ ඇතුළත යළි සාලයට පැමිණි ඔහු පෙර පරිදිම ගෙල වැලලා ගැනීමට උත්සාහ කළේය. එවර මාරයාගෙන් ගැළවීමට දසුන්ට නොහැකි විය. අවසාන මොහොතේ ඔහු එයින් ගැළවීමට උත්සහ දැරුවේය. එහෙත් පලක්‌ වූයේ නැත. දෙමාපියන් සහ නෑ සිය මිතුරන් හැරදමා ඔහු අකාලයේ ජීවිතයෙන් සමු ගත්තේය.

දසුන් එලෙස සියදිවි හානි කරගෙන පැය කිහිපයක්‌ ගතවූ පසු එම කුලී නිවසේ දසුන් සමඟ සිටි තවත් රංගන ශිල්පියකු පැමිණ තිබේ. ඔහු දොරවල් වසා ඇති බැවින් ජනේලයක්‌ තුළින් නිවස ඇතුළත විපරම් කර තිබේ. එවිට ඔහු දසුන් ගෙල වැලලාගෙන සිටින අයුරු දැක ගන්නට ලැබී තිබේ. ඒ අනුව ඔහු වහාම ඒ ගැන පොලිසියට පවසා ඇත.

පසුව කළ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අනුව හෙළිවුණේ මෙය ගෙල සිර කරගෙන එල්ලී සියදිවි නසා ගැනීමක්‌ බවයි. තම ජීවිතයේ සතුටින් ඉන්න හේතු රැසක්‌ තිබියදී අනවශ්‍ය කරදර ජීවිතය තුළට දමාගෙන මානසිකව අවුල් වී සියදිවි නසා ගැනීම විකල්ප හැටියට තෝරා ගන්න මිනිස්‌සු ඇත්තටම පරාජිතයෝ වෙති. දසුන් නිශාන්තද සිල්වා ද එවැනි පුද්ගලයෙකි. ලස්‌සන සාර්ථක පවුල් ජීවිතයක්‌ ගත කිරීමට හැකියාව තිබියදී ඔහු ටෙලි නිළියක සමඟ අනියම් සම්බන්ධතාවක්‌ ගොඩනඟා ගෙන ජීවිතය නන්නත්තාර කරගෙන තම මවට, සහෝදරයාට, බිරිඳට සහ හිතවතුන්ටද දුකක්‌ ඉතිරි කරමින් ජීවිතයෙන් පලාගියේ අන්ත පරාජිතයෙකු ලෙසය.

අවසාන වශයෙන් මෙවැනි හදිසි තීරණ ගන්නා තරුණ, තරුණියන්ට කිව යුත්තේ නිස්‌කාරණයේ දිවි නසා ගැනීමට පෙර එක්‌වරක්‌ නොව දස දහස්‌ වාරයක්‌ ඒ ගැන සිතිය යුතු බවයි.

-දිවයින පුවත්පතින්

Check Also

ශලනි – දසුන් කතාවේ නොකී කතා හෙලිවෙයි.. ශලනි ප‍්‍රසිද්ද කල වීඩියෝව මෙන්න..

මේ දිනයන්හි ආන්දෝලනාත්මක චරිතයක් වී සිටින රංගන ශිල්පිනී ශලනි තාරකා විසින් කලකට පෙරදී රචනා කරනු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!