page hit counter
Tuesday , December 19 2017
Breaking News
Home / උණුසුම් පුවත් / සියල්ලන්ගේ හදවත් කම්පාකරමින් මහනුවර රෝහලේදී හදවත බද්ධ කළ සචිනි සමුගනී

සියල්ලන්ගේ හදවත් කම්පාකරමින් මහනුවර රෝහලේදී හදවත බද්ධ කළ සචිනි සමුගනී

අරගල රැසක්‌ මධ්‍යයේ මහනුවර මහ රෝහලේ හෘද කපාට ශල්‍ය ඒකකයේදී ඉකුත් විසිහය වැනිදා රාත්‍රියේදී හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මයට ලක්‌ කළ දහනව හැවිරිදි සචිනි සෙව්වන්දි පෙරේදා (30 දා) මියගොස්‌ ඇත.

ලංකාවේ දෙවැනි හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය වූ මේ සඳහා හදවත ලබාදුන් හාරගම නලින්ද බණ්‌ඩාරගේ හදවත ද නිශ්චිතව නතර වූයේ පෙරේදාය.

මාස හතක්‌ පුරා මහනුවර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි අලුත්ගම සචිනි සෙව්වන්දි ගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකොට ඇත්තේ, යටිනුවර මහනුවර හදිසි මරණ පරීක්‍ෂක භාරත විඡේකෝන් සහ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ. එන්. සී. සේනාරත්න යන මහත්වරුන් විසිනි. ඔවුන් පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවෙන් දක්‌වා ඇත්තේ රෝගියාගේ පෙනහැල්ලේ අධික රුධිර පීඩන තත්ත්වයක්‌ ඇතිවීම මත, හෘද වස්‌තුව අකර්මන්‍ය වීමෙන් මරණය සිදුව ඇති බවට අනුමාන කළ හැකි බවයි.

මියගිය සචිනිගේ පෙනහැල්ලේ අධික රුධිර පීඩනයට හේතුව සහ එය මරණයට හේතුවූ අන්දම සම්බන්ධයෙන් වෛද්‍ය නිගමනයන් රෝග නිශ්චය තුන්ඩුවේ සඳහන් කොට නැති බවද දැනගන්නට තිබේ. මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණයක්‌ සිදුකොට සචිනිගේ මරණයට හේතු නිශ්චිතව හඳුනා ගැනීම ඉදිරි ශල්‍යකර්මයන්ට පහසුවක්‌ වන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය බවද දැනගන්නට ඇත.

ශල්‍යකර්මයෙන් පසුව සචිනි දරුණු ආසාදන තත්ත්වයකට ගොදුරුව සිට ඇති බවට රුධිර පටකයන්හි ව්‍යාධීන්ට ලක්‌ව ඇති බවටද තොරතුරු දැනගන්නට තිබේ. මියගිය සචිනිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා (4 දා) සවස 4 ට අලුත්ගම පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.


එක්වන්න අපගේ Facebook පිටුවට – @gossiplankasinhalanewswebsite

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!