page hit counter
Tuesday , December 19 2017
Breaking News
Home / දේශපාලන / Mahinda rajapaksa / මහින්දට උදව් කළොත් නාමයෝජනා නෑ! මහින්දට සහය දක්වන පළාත් සභා මන්ත්‍රීවරුන්ට වැඩ වරදී

මහින්දට උදව් කළොත් නාමයෝජනා නෑ! මහින්දට සහය දක්වන පළාත් සභා මන්ත්‍රීවරුන්ට වැඩ වරදී

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහය දක්‌වන පළාත් සභා මන්ත්‍රීවරුන් කිසිවෙකුටවත් ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් නාමයෝජනා ලබා නොදීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු පැවසීය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නායකයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව පිළිනොගැනීම, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දෙකඩ කිරීම සඳහා පොදුජන පෙරමුණ සමඟ එක්‌ව කටයුතු කිරීම සහ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යටතේ පැවැති උතුරුමැද, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, බස්‌නාහිර, වයඹ සහ නැගෙනහිර පළාත් සභා පෙරළා දැමීමට කුමන්ත්‍රණ කිරීම ඇතුළු චෝදනා

රැසක්‌ සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ද හෙතෙම පැවසීය.

පළාත් සභා මැතිවරණය කොට්‌ඨාස ක්‍රමයට පැවැත්වීමටත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රබලයන් රැසක්‌ පළාත් සභා මැතිවරණයට තරග කිරීමට සූදානමින් සිටීමත් මෙම තීරණය ගැනීමට හේතු වූ බව ද අදාළ ඇමැතිවරයා පැවසීය.

Check Also

වැඩි ගානට ප්‍රමිතියෙන්තොර කෑම විකුණුවොත් කරන්න ඕනි දේ මෙන්න – මෙන්න අද මිල වැඩිවෙන ආහාර වල මිල ගනන්

ආහාර සැකසීම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් සීග‍්‍රයෙන් ඉහළ යාම නිසා දේශීය ආපනශාලා කර්මාන්තය බරපතල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!