page hit counter
Monday , October 23 2017
Breaking News
Home / උණුසුම් පුවත් / බූස්ස කඳවුර හිමිවරුන්ට තහනම් කලාපයක් – පොලිසිය ජල ප්‍රහාරක රථ සමගින් සූදානමින්

බූස්ස කඳවුර හිමිවරුන්ට තහනම් කලාපයක් – පොලිසිය ජල ප්‍රහාරක රථ සමගින් සූදානමින්

ජාතිය බලමුළුව සංවිධානයේ හිමිවරුන්ට හෝ එම සංවිධානයට අයත් නොවන කවරහෝ හිමිනමකට හෝ අක්මීමන දයාරත්න හිමි ඇතුළු පැමිණෙන තැනැත්තන්ට හා වාහනවලට රෝහීන්ග්‍යා සරණාගතයන් රඳවා සිටින රැදවුම් කදවුර පරිශ්‍රය සහ ඒ අවට ඇති මාර්ගවල රැදී සිටීම හෝ ඇතුළුවීම තහනම් කරමින් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ඒ.නිශාන්ත පිරිස් මහතා තහනම් නියෝගයක් නිකුත් කළේය.

මෙම තහනම් නියෝගය රත්ගම පොලිස් ස්ථානාධිපති කමල් කිරිඇල්ල මහතාගේ ඉල්ලීමක් අනුව නිකුත් කෙරිණ.

බූස්ස බන්ධනාගාර පරිශ්‍රයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට අයත් බූස්ස රැදවුම් කදවුර පිහිටි ප්‍රදේශයට මේ වන විට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ.

භික්ෂුන් වහන්සේලා ප්‍රමුඛ පිරිස්වලින් එල්ලවිය හැකියැයි අපේක්ෂිත තර්ජනයකට මුහුණදීම සඳහා මෙලෙස ආරක්ෂාව දැඩි කර තිබේ.

සංවිධාන කිහිපයක් එම සරණාගත පිරිස්ට යම් බලපෑමක් එල්ල කිරීමට පැමිණෙතැයි සමාජ ජාලාවල සඳහන් වී තිබීම මෙම ආරක්ෂක වැඩ පිළිවෙලට හා උසාවි නියෝගයට හේතු වී ඇතැයි කියැවේ.

Check Also

‘‘දුවගේ සැත්කම වැරදුණා කියලා මාධ්‍යට ප්‍රකාශ දෙන්න ලෑස්ති වෙන්න එපා..‘‘ මහනුවර රෝහලේ ප්‍රධාන වෛද්‍යවරියගේ කෙරුවාව මෙන්න

‘‘ඔයාලගේ දුවගේ සැත්කම ධන පැත්තට හැරෙන්නත් පුළුවන් සෘණ පැත්තට හැරෙන්නත් පුළුවන්. හැබැයි සෘණ පැත්තට හැරුණා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!