page hit counter
Monday , December 18 2017
Breaking News
Home / තරු හුට පට / “හදිස්සේ හරි මන් මැරුනොත් නයට කහින හැමෝටම සාපවෙන්න ඕන” මියගිය දසුන් වෙනුවෙන් ශලනි ලියූ සංවේදී කවි මෙන්න

“හදිස්සේ හරි මන් මැරුනොත් නයට කහින හැමෝටම සාපවෙන්න ඕන” මියගිය දසුන් වෙනුවෙන් ශලනි ලියූ සංවේදී කවි මෙන්න

පසුගියදා ජිවීතයෙන් සමුගත් රංගන ශිල්පි දසුන් නිශාන් ගේ මරණය බොහෝ කතාබහට ලක් වුනා.
මෙලෙස තිබියදී දසුන් සියදිවි නසා ගැනීමට හේතූ වූවා යැයි කියන ප්‍රේම සම්බන්ධයක් පිළිබදවද හෙළි වූවා.
දසුන් විවාහකයෙක් බවත් , තමන් විවාහකයෙක් බව සඟවා රංගන ශිල්පිණි ශලනි තාරකා සමග ප්‍රේම සබදතාවයක් අරඹා තිබු බවත් සදහන් වුනා.
කෙසේ වෙතත් දසුන්ගේ මරණයත් සමග විවිධ අයගේ චෝදනාද එල්ල වූ රංගන ශිල්පි ශලනි තාරකා දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බවද ඇයගෙ හිතවතුන් පවසනවා.

මෙලෙස ශලනි තාරකා සිය මිතුරි‍යකට යැවුවා යැයි කියන කෙටි පණිවිඩ‍යක් සමාජජාලා වල කතා බහට ලක්ව තිබෙනවා.
එහිදි ශලනි සිය මිතුරියට පවසා තිබෙන්නේ දසුන් ලබා ගත් තීරණය තමන්ද ලබා ගැනීමට තරම් දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බවයි.

ශලනි යැවූවා යැයි කියන කෙටි පණිවිඩය පහතින්

නව පරපුරේ ජනප්‍රිය නළු දසුන් නිශාන්ගේ මරණය බොහෝ සෙයින් කතාබහට ලක් වුනා. ඉන්පසුව දසුන්ගේ පෙම්වතිය යැයි කියන ශලනි තාරකා පිළිබදවද විවිධ පුවත් මැවුනා. කෙසේ වෙතත් දසුන්ගේ මරණයත් සමග එල්ල වූ නො‍යෙකුත් අපවාද හා චෝදනා හමුවේ මුනිවත රැකි ඔහුගේ පෙම්වතිය ජනප්‍රිය රංගන ශිල්පිනි ශලනි තාරකා ඊයේ දින (30) සිය ෆේස්බුක් ගිණුමේ තැබු සටහනක් කතාබහට ලක්ව තිබෙනවා.

දසුන් වෙනුවෙන් ශලනි ලියු එම කවි පහතින්

ඉක්මන් වුනා වැඩිද මන්දා

කියා සිතුනා දසදහස් වාරයක්

නික්ම යන්නට සිතුවේ ඇයි නුඹ

ලොවට දැන් එය ප්‍රශ්නයක්

නුඹේ දුක නැහැ කෙනෙක් ඇසුවේ

වැරදි නෑ නුඹ රත්තරං

අපේ පවකට අප හමුවුනේ

අයිත් වූ පසු ඇයට නම්

ඇයගේ ලොව තුල නුඹ කුරැටු ගෑ

පැරණි ගී හරි රස ඇති

ඇයත් දන්නැති මාත් දන්නැති ලොවට

ඔබ අප ගෙන යන්නැති

අසීමිත ප්‍රේමයක් වපුරා

මගේ හද නුඹ ගත් හැටි

මුලාවක් වුව ඔබේ ප්‍රේමය

සදාකල් මියදෙන්නැති

හැරගියත් නුඹ යලි නොඑන ලෙස

තරහවෙනු බෑ කිසි දිනේ

මුලු ලොවම අද නගන හඩ යට

තනිව පිලිතුරැ නැහැ අනේ

සසරේ මතුදින කිසිම දේකට

ඉක්මන් නොවී ඉනු මා වගේ

දරනු බැරිවුව දරා ගනු නුඹ

මග ඇරැනු මා සිත වගේ

හීනවල හිද කියන හැගුමන්

අදත් මට මී පැණි වගේ

රැවටුවත් නුඹ එදත් මා සිත

ආදරෙයි මං පන වගේ

නාඩා ඉනු නුඹ සැනසෙන්න දැන්

එයයි නුඹ ඉක්මන් කලේ

ලොවෙ ගැරහුම් දරා ගන්නම්

ඔබේ නමින් මියැදෙන වෙලේ

පරාජිත නොව නුඹ විදපු දුක

ලොව නුඹේ විනිසුරැ නොවේ

නිදාගනු ප්‍රිය ලොවෙන් හැංගී

සැනසීම ගෙන මා එන දිනේ

-ශලනි-
2017.09.30

Check Also

ශලනි – දසුන් කතාවේ නොකී කතා හෙලිවෙයි.. ශලනි ප‍්‍රසිද්ද කල වීඩියෝව මෙන්න..

මේ දිනයන්හි ආන්දෝලනාත්මක චරිතයක් වී සිටින රංගන ශිල්පිනී ශලනි තාරකා විසින් කලකට පෙරදී රචනා කරනු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!