page hit counter
Monday , October 23 2017
Breaking News
Home / දේශපාලන / Maithripala sirisena / ජනාධිපතිගේ වෙබ් අඩවියට ISIS ත්‍රස්‌ත ප්‍රහාරයක්

ජනාධිපතිගේ වෙබ් අඩවියට ISIS ත්‍රස්‌ත ප්‍රහාරයක්

2016 අගෝස්‌තු 29 වැනි දින මෙරට තුළ මහත් ආන්දොaලනයකට තුඩුදුන් පුවතක්‌ මැවීමට 17 හැවිරිදි පාසල් සිසුවෙකු සමත් විය. මහනුවර ප්‍රදේශයේ උපන් ගයාන් උපශාන්ත නමැති තරුණයා විසින් සිදු කළ එම ආන්දෝලත්මක ක්‍රියාව වී තිබුණේ නිත්‍යානුකූල නොවන අයුරින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට ඇතුල්වී එහි දත්තයන් වෙනස්‌ කිරීමය.මේ වන විට අදාලළචෝදනාවට සැකකාර ගයාන් උපශාන්තට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් නඩු පවරා තිබෙන අතර ඉකුත් දිනක කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා ඉදිරියේ නඩුව අඬගසන ලදී.

එහිදී තම සේවාලාභියා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා විසින් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයාගේ වෙබ් අඩවියට රිංගා ඇත්තේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ඉදිරිපත් කළ 17 හැවිරිදි ගයාන් උපශාන්ත නොව අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌තවාදීන් බවය. ගයාන් උපශාන්ත නමැති තරුණයා අධිකරණයට ඉදිරිපත් කොට ඇපපිට නිදහස්‌ව ඇතත් සත්‍ය තත්ත්වය වන්නේ බංගලාදේශයේ සිට ක්‍රියාත්මක අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌තවාදීන් විසින් ජනාධිපතිවරයාගේ වෙබ් අඩවියේ දොරටු විවර කර ඇති බවය.

“මරුසිරා” www.marusira.com නමැති වෙබ් අඩවියක්‌ පවත්වාගෙන යමින් 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ 02 සිට 10 දක්‌වා වූ වගන්ති වල සඳහන් වැරදි එනම්, ප්‍රධාන වශයෙන් වෙනත් යම් තැනැත්තකුගේ පරිගණකයකට හෝ දත්ත ගබඩාවකට නීත්‍යානුකුල නොවන ආකාරයකට ප්‍රවේශයක්‌ සිදු කළා යයි මහනුවර ප්‍රදේශයේ පදිංචි ගයාන් උපශාන්ත නමැත්තාට එරෙහිව තිබු නඩුව කොළඹ ප්‍රධාන මහේස්‌ත්‍රාත්වරයා ඉදිරියේ අඬගසන ලද අවස්‌ථාවේදී ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කර සිටියේය.

“මගේ සේවාලාභියා මෙරට උපන් අති විශිෂ්ට පරිගණක ක්‍රියාකරුවෙක්‌. ඔහුගේ පරිගණක දැනුම ඔහු විසින්ම අවබෝධ කරගත් දැනුමකි. ඒ අනුව, ඔහු පරිගණක ක්‍රියාකාරිත්වය සම්බන්ධව ලෝකයේම පිළිගත් විශිෂ්ටයෙකි. ඔහු “මරුසිරා” www.marusira.com නමින් වෙබ් අඩවියක්‌ පවත්වාගෙන යමින් මෙරට පවත්නා වෙබ් අඩවිවලට තම වෙබ් අඩවි ආරක්‌ෂා කරගැනීම, හැකර්වරුන්ගෙන් ආරක්‌ෂා වීම සඳහා නොමිලයේ පාඨමාලා මෙම වෙබ් අඩවිය මගින් ඉදිරිපත් කර තිබෙනවා. එම වෙබ් අඩවියේ ඇතුළත් එක්‌ ලිපියක අන්තර්ගත කරුණු මා මෙසේ ඉදිරිපත් කරනවා. එහි තිබෙන්නේ – ඇන්ටිවයිරස්‌ කොහොමද වැඩ කරන්නේ. ඔහු ඇන්ටිවයිරස්‌ පිළිබඳව මේ ලිපිය මගින් දැනුම බෙදාහැර තිබෙනවා. මොහුගේ අරමුණ මෙරටේ තරුණ තරුණියන්ට එම දැනුම ඇති විශේෂඥයන් බවට පත්කිරීමයි. මොහුගේ පරිගණක පාඨමාලා, පරිගණක දත්ත පිළිබඳ දැනුම සම්බන්ධයෙන් ෆේස්‌බුක්‌ නැතහොත් මුහුණු පොතේ ප්‍රධාන ඉංජිනේරුවන් ද, මවිතයට පත්වේ. ඔවුන් විසින් මොහු සමග සමීපව පරිගණක පිළිබඳ ඥානය බෙදාගෙන ඇත. ඒ අතරතුර, ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පවත්වාගෙන ගිය වෙබ් අඩවියකට ද, යම් තැනැත්තකු ඇතුළත් වී දත්ත වෙනස්‌ කර ඇත. ඒ කාලයේ මේ සම්බන්ධයෙන් වෙබ් අඩවි ආරක්‌ෂාව සඳහා මෙරටට සම්බන්ධකම් පවත්වන ජාත්‍යන්තර ආයතනයක්‌ ගිවිසුමකට අත්සන් කරලා තිබෙනවා. මොවුන්ට මගේ සේවාලාභියා මහත් හිසරදයක්‌ වී තිබෙනවා. ඒ අනුව, මොහුව මෙම වෙබ් අඩවි ජාලයෙන් ඉවත් කළ යුතු බව සදහන් කර තිබෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර්වරයකු අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ ප්‍රකාශයක්‌ පදනම් කර ගනිමින් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව මොහුව අත්අඩංගුවට ගත් නමුත්, ඔහුගේ පරිගණකය හෝ වෙනත් කිසිම ලේඛනයක්‌ අත්අඩංගුවට ගෙන නැහැ. මොහු හැකර්කරුවකු නොවන බවත්, ඔහුගේ එකම ව්‍යායාමය හැකර්කරුවන්ගෙන් වෙබ් අඩවි ආරක්‌ෂා කර ගැනීම හඳුන්වාදීම. ඔහුගේ පාඨමාලා ඒ දිනවල ජාත්‍යන්තරයේ පවා ඉතා ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. මොහු කෙතරම් ජාත්‍යන්තර කීර්තියට පත්වුණා ද කිවහොත්, මොහුගේ සේවය ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ආණ්‌ඩුකාරවරයා ද ලබාගෙන තිබෙනවා. පරිගණක සම්බන්ධයෙන් මෙවැනි දැනුමක්‌ ලාංකිකයකුට තිබීම ගැන ඔහු පුදුමයට පත්වී ඇත. එහෙත්, ඔහුගේ එම දැනුම ශ්‍රී ලංකාවට ලබාගැනීම වෙනුවට ඔහුට නඩුවක්‌ පවරා රිමාන්ඩ් කර ඇප පිට දැනට මුදාහැර තිබෙනවා.

මටත්, පරිගණක පිළිබඳ සාමාන්‍ය අවබෝධයක්‌ තිබෙනවා. මටත් මොහු ගැන පුදුම හිතුණා. ඔහුගේ සමාජ සත්ක්‍රියාවක්‌ වන්නේ ෆේස්‌බුක්‌ වෙත මුදාහරින අහිංසක තරුණියන්ගේ නග්න ඡායාරූප ෆේස්‌බුක්‌ මගින් ඉවත් කිරීමයි. මේ දිනවල ඔහු ගැන ආරංචි වූ තරුණියක්‌ ඇගේ නග්න ඡායාරූප ඇගේ පූර්ව පෙම්වතා විසින් මුහුණු පොත වෙත මුදාහැර ඇති බවත්, එයින් ඇය ලැ-ජාවට පත්වී ඇති හෙයින් සියදිවි හානි කර ගන්නා බවත් පවසා ඇත. ඔහු ක්‌ෂණිකවම ෆේස්‌බුක්‌ ජාලයේ අංශාධිපතිට කථා කොට එම ඡායාරූප ඉවත්කර තිබෙනවා. අද අපිට අහන්න දකින්න ලැබෙන්නේ රටේ සුප්‍රසිද්ධ තැනැත්තන්ගේ, ජනනායකයන්ට අපහාස වන නින්දනීය දැන්වීම් මුහුණු පොත හරහා සැරිසරන ආකාරයයි.

මේ සම්බන්ධ නීතිගත කළ කමිටුවක මමත් සිටිනවා. අපිට තිබෙන විශාල ගැටලුව එම දැන්වීම් ෆේස්‌බුක්‌ ජාලයට ඇතුළත් කළ මූලාශ්‍රය සොයා ගැනීමට අපහසුවීමයි. එහෙත්, මොහුට එය ඉතාමත් සුළු වෙලාවක්‌ තුළ සොයා ගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් ඒ පිළිබඳ විමර්ශන කරන නිලධාරීන්ගේ දැනුම පවතින්නේ අවම මට්‌ටමක බවයි. ඔහු මා සමග පැවසූවේ ජනාධිපතිවරයාගේ වෙබ් අඩවියට ඇතුල් වූ බවට 17 හැවිරිදි තරුණයෙක්‌ අධිකරණයට ඉදිරිපත් කර ඇප පිට මුදාහැර ඇති නමුත්, සත්‍ය වශයෙන්ම ජනාධිපතිවරයාගේ වෙබ් අඩවියට ඇතුළත්වී ඇත්තේ බංග්ලාදේශයේ සිට ක්‍රියාත්මක වන ISISI ත්‍රස්‌තවාදීන්. ඔවුන් සිදුකර ඇත්තේ ජනාධිපතිවරයාගේ වෙබ් අඩවියේ දොරටු විවෘත කර තිබීමයි. මේ ශිෂ්‍යයා ඒ තුළින් ඇතුල්වී දත්ත වෙනස්‌ කර තිබෙනවා. මෙවැනි වටිනා තරුණයන්ගේ දැනුම නිරපරාදේ විනාශවීම කනගාටුවට කරුණක්‌. නමුත්, මොහුට සිදුවන හානිය සහ මානසික ආතතිය නැවත හැරවීමේ ක්‍රමයක්‌ නැත. ඇත්තටම ඔහු අද සිටිය යුත්තේ ජනාධිපති වරයාගේ වෙබ් අඩවි උපදේශකවරයකු ලෙසයි.නීතීඥ චම්පිකා මොණරවිල මහත්මියගේ උපදෙස්‌ පිට නීතීඥ ප්‍රේමසිරි පෙරේරා මහතා සමඟ ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා පෙනී සිටියහ.

Check Also

වැඩි ගානට ප්‍රමිතියෙන්තොර කෑම විකුණුවොත් කරන්න ඕනි දේ මෙන්න – මෙන්න අද මිල වැඩිවෙන ආහාර වල මිල ගනන්

ආහාර සැකසීම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් සීග‍්‍රයෙන් ඉහළ යාම නිසා දේශීය ආපනශාලා කර්මාන්තය බරපතල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!