page hit counter
Monday , October 23 2017
Breaking News
Home / උණුසුම් පුවත් / බලංගොඩ,රත්නපුර හා ඇඹිලිපිටියේ නිධන් හෑරූ නිධන් ගල් උණුකරන ‘වෙද මහත්තයා’ දැලේ

බලංගොඩ,රත්නපුර හා ඇඹිලිපිටියේ නිධන් හෑරූ නිධන් ගල් උණුකරන ‘වෙද මහත්තයා’ දැලේ

නිධන් හෑරීම සඳහා ගල් උණුකර ඒ සඳහා කට්‌ටඩි වැඩ කරන වෙද මහත්මයා නමැති පුද්ගලයකු ගල් විදීමට යොදාගන්නා රසායනික දියරත් සමඟ පසුගිය සිකුරාදා (30 දා) අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්වූයේ පනාගොඩ ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි වෙද මහත්තයා නමැත්තෙකි. මෙම සැකකරු ගුරුකම් කටයුතු කරමින් ඊට අමතරව නිධන් ඇති ස්‌ථාන සෝදිසි කර රසායනික දියර යොදා ගල්විද ඇති බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පවසයි.

සැකකරු විසින් බලංගොඩ – රත්නපුර – ඇඹිලිපිටිය වැනි ප්‍රදේශයන්හි කොන්ත්‍රාත්තු මත මෙලෙස නිධන් හෑරීමට සහයෝගය ලබාදී ඇති බවත් එහිදී නිධන් ලබාගැනීම් ව්‍යර්ථ වී ඇති බවත් සැකකරු පොලිසියට පවසා ඇත.

2013 වසරේ බලංගොඩ ප්‍රදේශයේ ගෙවල් බිඳුම් රැසකට සම්බන්ධ වී ඇති මෙම සැකකරු දිවයිනේ නමගිය අපරාධකරුවන්ගේ නාම ලේඛනයට ඇතුළත් අයකු බවත් පොලිසිය පවසයි.

-දිවයින පුවත්පත ඇසුරින්
එක්වන්න අපගේ Facebook පිටුවට – @gossiplankasinhalanewswebsite

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

‘‘දුවගේ සැත්කම වැරදුණා කියලා මාධ්‍යට ප්‍රකාශ දෙන්න ලෑස්ති වෙන්න එපා..‘‘ මහනුවර රෝහලේ ප්‍රධාන වෛද්‍යවරියගේ කෙරුවාව මෙන්න

‘‘ඔයාලගේ දුවගේ සැත්කම ධන පැත්තට හැරෙන්නත් පුළුවන් සෘණ පැත්තට හැරෙන්නත් පුළුවන්. හැබැයි සෘණ පැත්තට හැරුණා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!