page hit counter
Tuesday , December 19 2017
Breaking News
Home / දේශපාලන / “මෛත්‍රී පිල උදේට එකක් රෑට තව එකක් කියනවා. මීණීමරු ගෝඨා තවමත් නිදැල්ලේ..” – වීඩියෝ

“මෛත්‍රී පිල උදේට එකක් රෑට තව එකක් කියනවා. මීණීමරු ගෝඨා තවමත් නිදැල්ලේ..” – වීඩියෝ

නව ව්‍යවස්ථාව තුල තිබෙන මුලික ලියවිල්ල පිළිගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ සියලුදෙනා පිළිගනිද්දී සිරිසේන මහත්තයාගේ කණ්ඩායම විධායක ධූරය තව දුරටත් තිබිය යුතු බව කියන බවත්, ඔවුන් උදේට එකකුත් රෑට තව එකකුත් කියන පිරිසක් බවත් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (03) “හැටදෙලක්ෂයේ ජනතා සම්මුතිය රැකගැනීමේ ව්‍යාපාරය” විසින් සංවිධානය කළ “ හැටදෙලක්ෂය සීරුවෙන් ” නම් වූ මහා සත්‍යග්‍රහයේ දෙවන අදියර මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානයේදී පැවැත්වූ අවස්ථාවේ පැවැති ජන හමුවේ දීය.

“තවම ගෝඨාභය හිරගෙදර ගිහිල්ල නෑ.. ලසන්තව මැරුවේ.., තාජුඩීන්ව මැරුවේ…, වැලිකඩ හිරගෙදර සිරකරුවන් 26 දෙනෙක් මැරුවේ..වෙන කව්රුත් නෙමේ… එක කළේ ගෝඨාභයයි. නමුත් ඔහු තවමත් නිදැල්ලේ..” ආචාර්ය බාහු පැවසීය.

ආචාර්ය බාහුගේ කතාව සහිත වීඩියෝවක් පහතින්

හැමෝටම බලන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

වැඩි ගානට ප්‍රමිතියෙන්තොර කෑම විකුණුවොත් කරන්න ඕනි දේ මෙන්න – මෙන්න අද මිල වැඩිවෙන ආහාර වල මිල ගනන්

ආහාර සැකසීම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් සීග‍්‍රයෙන් ඉහළ යාම නිසා දේශීය ආපනශාලා කර්මාන්තය බරපතල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!