page hit counter
Tuesday , December 19 2017
Breaking News
Home / Off road / ඇමරිකානු ස්ථීර පුරවැසියෙකු වෙන්න ඔබටත් අවස්ථාවක්, නොමිලේ දැන්ම අයදුම්කරන්න මෙතැනින්

ඇමරිකානු ස්ථීර පුරවැසියෙකු වෙන්න ඔබටත් අවස්ථාවක්, නොමිලේ දැන්ම අයදුම්කරන්න මෙතැනින්

ඇමරිකානු විවිධත්ව සංක්‍රමණික වීසා (ගී්‍රන් කාඩ්) ලොතරැයි වැඩසටහන සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන්ට මේ දිනවල ලියාපදිංචි විය හැකි බව මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය දන්වා සිටී.

අන්තර්ජාලය online ඔස්‌සේ නොවැම්බර් 07 වැනිදා දක්‌වා ගී්‍රන් කාඩ් ලොතරැයිය සඳහා ලියාපදිංචි විය හැකි අතර ඒ සඳහා කිසිදු මුදලක්‌ අය නොකරන බවද තානාපති කාර්යාලය දැනුම් දෙයි.

අයෑදුම්කරුවන් අතුරින් අහඹු ලෙස තෝරා ගන්නා ශ්‍රී ලාංකිකයන් සංක්‍රමණික වීසා සඳහා සම්මුඛ පරීක්‌ෂණයට කැඳවන අතර ඉන් සුදුසුකම් ලබන්නන්ට ඇමරිකාවේ නීත්‍යනුකූල, ස්‌ථිර නේවාසිකයන් විය හැකි බවද තානාපති කාර්යාලය දැනුම් දේ.

අයෑදුම්පතක්‌ සම්පූර්ණ කර ඉදිරිපත් කිරීමට තුන්වැනි පාර්ශ්වයක ආධාර අවශ්‍ය නොවන බවද සුදුසුකම් හා උපදෙස්‌ සිංහල, දෙමළ හා ඉංගී්‍රසි භාෂාවෙන් ලබා ගැනීම සඳහා කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ ⇒ https://lk.usembassy.gov/u-s-2019-diversity-visa-lottery-begins/ ⇐ වෙබ් අඩවියට පිවිසෙන ලෙසද දැනුම් දී සිටී. ලොතරැයිය ඉල්ලුම් කිරීම සඳහා ⇒ www.dvlottery.state.gov ⇐ වෙබ් අඩවියට පිවිසෙන ලෙසද තානාපති කාර්යාලය ප්‍රකාශ කර සිටී.

අයදුම්කරුවන්ට www.dvlottery.state.gov වෙබ් අඩවියට පිවිස තමන් සම්මුඛ පරීක්ෂණ සඳහා තේරී ඇත්දැයි දැන ගැනීමට හැකිබව කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

Check Also

මෙන්න මේ තැන්වල දින දර්ශන එල්ලුවොත් ඔබේ විනාශය කාටවත් නවත්වන්න බෑ

වාස්තු විද්‍යාවට අනුව පැරණි දින දර්ශන එල්ලා තැබීමෙන් තම ජීවිතයේ දියුණුව බලාගෙන ඉද්දී කඩා වැටෙන …

2 comments

  1. I really appreciate to hear this opportunity travel TO U S.
    Thanks.shanthi santiago

  2. Great

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!