page hit counter
Monday , December 18 2017
Breaking News
Home / Daily Horoscope Forecasts / අද 2017 ඔක්තෝබර් මස 06 වන සිකුරාදා – අද දවස ඔබේ ලග්නයට කොහොමද?

අද 2017 ඔක්තෝබර් මස 06 වන සිකුරාදා – අද දවස ඔබේ ලග්නයට කොහොමද?

-මේෂ ලග්නය

අද දවසේ ඔබගේ අලුත් බලාපොරොත්තු ඇති වෙන අතර ඒවා හැකි වන දවසක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. පවුලේ කටයුතු වලට වෙනදාට වැඩිය වැඩි නැඹුරුතාවයක් ඇතිවන නිසා පවුලේ අය අතර සමගිය සහයෝගය වැඩි වෙන දවසක් ද වනවා. බුද්ධිය ඥානය පෙරදැරි කරගෙන කරනුලබන කටයුතු ඇති සාර්ථක අන්දමින් කර ගන්නට පුළුවන්. ස්නායූ ආශ්‍රිත රෝගපීඩා ආදියට ඉඩකඩ වැඩි. ඒ නිසා ඒ පිලිබඳ ඉතා සැලකිලිමත්ව කටයුතු කරන්න. ඔබේ සුබ වර්ණය වෙන්නේ අද දවසේ ල නිල් පැහැය.

-වෘෂභ ලග්නය

අද දවස ඔබේ සිතේ සතුට වර්ධනය වන දවසක් ලෙසින් හඳුන්වන්නට පුළුවන්. පොතපත කියවීමට මෙන්ම අධ්‍යාපන කටයුතු වලට වැඩි නැඹුරුතාවයක් පෙන්නුම් කරන දවසක්. යුග ජීවිතය ආශ්‍රිතව ගත් කල අනපේක්ෂිත කරදර භාදක ඇති වන්නට හැකියාව පවතිනවා. ලේ දුෂ්‍යවීම් ලේ ආශ්‍රිත රෝගපීඩා ආදියට ඉඩකඩ තිබෙනවා. මේ පිළිබඳව සිතා බලා දවසේ කටයුතු අරම්බ්ග කරන්න. හැකියාවක් තිබේනම් උදෑසන 7.48 ට උතුරු දිශාවබලා ඔබගේ සුබ කටයුතු ආරම්භ කරන්න ඔබට එම කටයුතු වඩාත් සාර්ථක කර ගන්නට හැකි වෙවී.

-මිථුන ලග්නය

අද දවසේ ඔබට උගත් බුද්ධිමත් අයගෙන් සහයෝගය නොඅඩුව ලැබෙන දවසක්. නිවාස ආශ්‍රිතව පවතී ගැටලුකාරී තත්වයන් මගහරවා ගන්නට ඔබට අද දවසේ හැකියාව ලැබේවි. පවුලේ සමගියට සහජීවනයට එතරම් සුබදායක තත්වයක් නෙමෙයි ගෙනදෙන්නේ. ඉවසීම උපේක්ෂාසහගත බව වැඩිවෙන තරමට තමයි ඔබට අද දවසේ හොඳ සාර්ථකත්වයක් දකින්නට ලැබෙන්නේ. ඒ වගේම තමයි අස්ථි ආශ්‍රිත රෝගපීඩා අදියට ද ඉඩ තිබෙන නිසා ඒ පිලිබඳ සැලකිලිමත් වෙන්න. කරන්නට බලාපොරොත්තුවන සුබ කටයුතක් උදෑසන 8.59 ට උතුරු දිශාව බලා ආරම්භ කරන්න ඔබට එය වඩාත් සාර්තක කර ගන්නට හැකි වේවි.

-කටක ලග්නය

අද දවසේ ඔබ තරමක උදාකලා වන බවක් තමයි පෙන්නුම් කරන්නේ. පවුලේ අයගෙන් ඈත වී කටයුතු කිරීමට ඉඩකඩ තිබෙනවා. මේ නිසාවෙන් මානසික කනස්සල්ල මානසික පසුතවීම් ආදිය ඇති වන්නට පුළුවන්. අද දවසේ ඔබ අන් අයගේ ප්‍රශ්නවලට මැදිහත්වීමෙදී නම් කිහිපවරක් සිතා බලා කටයුතු කලයුතු වනවා. උදෑසන 10.36 ට කරන්නට තිබෙන සුබ කටයුතු කරන්නට ආරම්භ කළහොත් ඔබට එයින වඩාත් හොඳ ප්‍රතිපල ලබා ගන්නට හැකි වේවි.

-සිංහ ලග්නය

අද දවස ඔබ ආගමික කටයුතු වලට වැඩි නැඹුරුතාවයක් ලබාදෙන දවසක් වෙනවා. ඔබට අද දවසේ බොහොම සාමකාමී අයුරින් වැඩ කටයුතු කරගෙන යාමේ පවතිනවා. ඒ වගේම වෘත්තීය කටයුතු වලට ව්‍යාපාර කටයුතු වලට අද දවසේ ඔබට සාර්ථක ප්‍රතිපල අත් කර ගන්නට පුළුවන්. ඒ වගේම අත්හදා බැලීම් වගේ දේ වලට නම් අද දවස එතරම් සුබ දවසක් නෙමෙයි. උෂ්ණාධික රෝගපීඩා වැනි දේ ඇති වීමට ඇති ඉඩකට වැඩී. අද උදෑසන 7.24 ට ඔබ කරන්නට ප්බලපොරොත්තු වන වැඩ කටයුතු ආරම්භ කරන්න. ඔබට අද දවස සාර්ථක දවසක් කර ගන්නට හැකියාව පවතිනවා.

-කන්‍යා ලග්නය

අද දවස විශේෂයෙන් වෙනදාට වඩා ඔබ කායික ශක්තීන් වැඩිවන දවසක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. ඔබ ක්‍රීඩා කටයුතු වලට සම්බන්ද කෙනෙක් නම් අද දවසේ ඔබගේ ජයග්‍රහණ ඉතාමත් ඉහල මට්ටමක තමයි පවතින්නේ. ඔබ අද දවසේ අනුවනකම් බව දැන දැනත් සමහර අනුවන කටයුතු කරන්නට පෙළඹෙන බවක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ නිසා ඉතා බුද්ධිමත්ව කටයුතු කිරීම ඉතා වැදගත්. ඒ වගේම අස්ථි ආශ්‍රිත රෝග පීඩා වලටද ඉඩකඩ තිබෙනවා. ඔබේ අද දවසේ සුබ වෙලාව වෙන්නේ උදෑසන 8.58.

-තුලා ලග්නය

අද දවසේ ඔබගේ බලාපොරොත්තු සාර්ථක කර ගන්නට දරන උත්සාහය මල්පල ගැන්වෙන දවසක් වෙනවා. අධ්‍යාපන කටයුතු වගේම වෘත්තීය දියුණුව වෙනුවෙන් යම් කටයුත්තක් කල් දමා තිබුනා නම් ඒවා සාක්ෂාත් කර ගන්නට ඔබට හැකියාව පවතිනවා. ලේ විෂවීම් විෂභීජ ශරීරගත වීම් වලට ඉඩ ඇති නිසා ඒ පිලිබඳ සැලකිලිමත් වෙන්න. උදෑසන 7.36 ට උතුරු දිශාව බලා ඔබේ කටයුතු අරඹන්න. ඔබට අද දවස වඩාත් සාර්ථක දවසක් බවට පත්කර ගන්නට පුළුවන්.

-වෘශ්චික ලග්නය

අද දවස ඔබට තරමක් පීඩා ගෙනදෙන දවසක් වෙනවා. මේ නිසා අස්ථාන චෝදනා වලට ලක්වෙන්න අවස්ථාව තිබෙන නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. ඒ වගේම වෙහෙස මහන්සියකින් තොරව ආර්ථිකය වර්ධනය කර ගන්න කරනුලබන දේ නිසා නීති කරදර බාධා ඇතිවීමට ඉඩකඩ තිබෙනවා. පැරණි හිතවත්කම් අලුත්වන දවසක් ලෙසත් අද දවස හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා. හැබැයි ඒ හිතවත්කම් වල සීමාව හොඳින් හඳුනාගෙන කටයුතු කිරීමද ඉතාමත් වැදගත් වෙනවා. උදෑසන 9.40 ට කරන්නට බලාපොරොත්තුවෙන වැඩ කටයුතු කරනවනම් ඔබට ඉන් සාර්ථක ප්‍රතිපල අත් කර ගන්නට හැකියාව තිබෙනවා.

-ධනු ලග්නය

අද දවසේ ඔබට ප්‍රභල ධනහොග ඇතිකරන දවසක් වෙනවා. මේ නිසා ලොතරැයි වාසනාවක් බලන්න එහෙම අද දවස ඔබට ඉතාමත් සුබ දවසක්. කතාවේ බලයෙන් ඔබට අද දවසේ ජයග්‍රහණ රැසක් ඇත කර ගන්නට හැකියාව පවතිනවා. ඒ වගේම රසමුසු සහිත ආහාරවල භුක්තියත් අද දවසේ ඔබට ලබන්නට හැකියාව පවතිනවා. ඒ වගේම රැකී රක්ෂා ආශ්‍රිතව පවතින අර්බුධකාරී වටපිටාව මාවම කර ගන්නටත් ඔබට අද හැකියාව තිබෙනවා. ඔබේ අද දවසේ සුබ වෙලාව වෙන්නේ උදෑසන 8.48.

-මකර ලග්නය

උසස් අධ්‍යාපානයේ යෙදී සිටින අයට ඉතාමත් සුබ පල අත් වන දවසක්. ඒ වගේම විදේශගත අධ්‍යාපන වලට විදේශගත පදිංචිවීම් වලට බලාපොරොත්තුවක් තිබුන නම් ඔබට අද දවසේ ඒ කටයුතු සාර්ථක කර ගන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි මෙතුවක් කල් ඔබට අපහසු වුන අභියෝග ජයග්‍රහන බවට පත් කර ගන්නටත් ඔබට හැකියව තිබෙනවා. ඔබට වම් පාද අශ්‍රිත අබධතා ඇති වීමේ ඉඩකඩ ද පවතිනවා. ඔබේ සුබ වෙලාව වෙන්නේ උදෑසන 7.47. උතුරු දිශාව බලා කටයුතු අරඹන්න ඔබට අද දවස සාර්ථක කර ගන්නට හැකියාව තිබෙනවා.

-කුම්භ ලග්නය

ඔබට අද දවසේ රෝගී තත්වයන් තිබුනා නම් ඒ තත්වයන් මගහරවා ගන්නට ඔබට හැකියාව තිබෙනවා. ඒ වගේම දුවා දරුවන් පිලිබඳ සතුටු වීමේ කරුණු කාරණා යෙදෙන්නට පුළුවන්. දේපල ආශ්‍රිත දියුණුවටත් අද දවස සුබ දවසක් ලෙසින් හඳුන්වන්නට පුළුවන්. වෙනදාට ඔබට ගැනීමට නොහැකි වූ තීන්දු තීරණ පිළිබඳව ඔබට ස්ථීර තීරණ පහසුවෙන් ගන්නට හැකියාව ලැබෙන දවසක් වෙනවා. නිධන්ගත රෝග පීඩා වෙති වීමට ඇති ඉඩකඩ වැඩි නිසා තෙල් සහ සීනි සහිත ආහාර ගැනීමෙන් වලකිනවානම් සුබයි. උදෑසන 8.58 ට ඔබේ සුබ කටයුතු අරඹන්න.

-මීන ලග්නය

පවුලේ සමගියට පසුගිය කාලයේ පැවතුන බාධක මගහැරී යන කාලයක්. පවුලේ අය සමග සතුටුසාමීචියේ යෙදෙන්න විනෝද වෙන්න වැඩි පුර කාලය යොදවන දවසක් වෙනවා අද දවස. ඒ වගේම කෙතරම් කරදර බාධා තිබුනත් ඒවා මග හරවාගෙන අද දවසේ වැඩ කටයුතු ඔබට සාර්ථක ලෙස නිම කර ගන්නට ඔබට හැකියාව තිබෙනවා. මුදල් ආයෝජන වලදී ඒවායින් හොඳ ප්‍රතිපල ලබා ගන්නටත් ඔබට පුළුවන්. ලේ විෂවීම් චර්මරෝග පීඩා වලට ලක්වීමට ඉඩ තිබෙන නිසා ඒ පිලිබඳ කල්පනාවෙන් කටයුතු කිරීම වැදගත් වෙනවා. ඔබේ සුබ කටයුතු උදෑසන 9.34 ට ආරම්භ කිරීමෙන් ඔබට වඩාත් හොඳ ප්‍රතිපල ලබා ගන්නට හැකියාව පවතිනවා.
Hiru Astro
දිනපතා ලග්න පලාපල දැනගන්න එක්වන්න අපගේ Facebook පිටුවට – @gossiplankasinhalanewswebsite

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

අද 2017 සැප්තැම්බර් මස 30 වන සෙනසුරාදා – අද දවස ඔබේ ලග්නයට කොහොමද?

-මේෂ ලග්නය තරගකාරී කටයුතු සහ කායික ශක්තීන් මුල් කරගෙන කරනුලබන කටයුතු වලින් ජයග්‍රහණ ලබාගත හැක. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!