page hit counter
Monday , October 23 2017
Breaking News
Home / Off road / විභාගය අසමත් දරුවන්ට බණින්න එපා.. බැන්නොත් වෙන දේ මෙන්න

විභාගය අසමත් දරුවන්ට බණින්න එපා.. බැන්නොත් වෙන දේ මෙන්න

ශිෂ්‍යත්ව විභාගය අසමත් වීම හේතුවෙන් දරුවන්ට දෙමාපියන් කායිකව හා මානසිකව දෙන දඬුවම් ඔවුන් දීර්ඝකාලීනව රෝගීන් බවට පත්වීමට හේතුවක් වීමේ අවදානමක් වුවද මතුවිය හැකි බව ළමා මනෝ වෛද්‍ය විශේෂඥ ස්වර්ණා විජේතුංග මහත්මිය සඳහන් කරයි.දරුවන් විභාග අසමත් වූ බව පවසමින් දිගින් දිගටම චෝදනා කිරීමට හා දඬුවම් දීම මත ඔවුන්ගේ මානසික ශක්තිය බිඳ වැටීම හේතුවෙන් විෂාදය වැනි මානසික රෝගයන්ට වුවද දරුවන් ගොදුරු විය හැකි බව ඇය පෙන්වා දෙයි.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය යනු දෙමාපියන් දරුවන් බලෙන් ඇදගෙන ගොස් පවරන පැවැරුමක් බවත් එම විභාගයට පෙනී සිටීමට බොහෝ දරුවන්ගේ මොළය නිසි ලෙස වර්ධනය වී නොමැති බවත් ඇය පෙන්වා දෙයි.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය අසමත් වන දරුවාට ඉහළ පන්තිවලදී විශාල ජයග්‍රහණයක් ලබාගැනීමට හැකි වන බවත් ඒ වන විට දරුවාගේ මොළය හොඳින් වර්ධනය වී ඇති බවත් ඇය පෙන්වාදෙයි.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් නොවූ දරුවකුට තම දෙමාපියන් නිතරම අදක්ෂයෙක් යැයි කියමින් බැණ වදින්නේ නම් එම දරුවා මානසික රෝගියකු බවට පත්වන අතර එය කායික රෝගයන් වන අධිරුධිර පීඩනය, අසාත්මිකතාවන්, දියවැඩියාව, කොලොස්ටේ‍රා්ල් වැනි බෝනොවන රෝගයන්ට හේතුවක් විය හැකි බවද විශේෂඥවරිය සඳහන් කරයි.

මෙවැනි දේවල් දිනපතා දැනගන්න එකතුවෙන්න අපගේ ෆෙස්බුක් පිටුවට –Gossip-Lanka Sinhala News

පුංචි මල් කැකුළු වල හෙට දවස වෙනුවෙන් හැමෝම දැනුවත් කරන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

රුපියල් 100 ට විකුණූ පරණ පත්තර ගොඩෙන් රුපියල් ලක්ෂ 3 ක් මතුවෙයි

පරණ පත්තර සහ අබලි ද්‍රව්‍ය එකතු කිරීමේ රැකියාවේ නියුතු පුද්ගලයකු රුපියල් 100කට මිලදී ගත් පත්තර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!