page hit counter
Monday , December 18 2017
Breaking News
Home / Education / King Ravana / බොල්තුඹේ සමන් දෙවොලේ ඇති රාවණා රථය ගන්න ගිය සුද්දා නිසා හෙන හතක් පුපුරා වූ විනාශය මෙන්න

බොල්තුඹේ සමන් දෙවොලේ ඇති රාවණා රථය ගන්න ගිය සුද්දා නිසා හෙන හතක් පුපුරා වූ විනාශය මෙන්න

රාවණා රජතුමා ගැන සුවිසල් උනන්දුවක් දක්වන බොහෝ දෙනෙක් අද සමාජයේ හිඳිනවා. ඒ අනුව රාවණා රජුගේ තොරතුරු සෙවීමටත් ඔවුන් නිරායාසයෙන්ම පෙළඹෙනවාට සැක නැහැ. නමුත් රාවණා රජු සම්බන්ධ තොරතුරු රැසක් සඟවාගත් අපූරු දෙවොලක් පිළිබඳව අදත් ඒ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව නැහැ.

ඒ තමයි ‍බොල්තුඹේ සමන් දේවාලය. බලංගොඩ නගරයේ සිට පින්නවල හරහා (අලි පින්නවල නොවේ) බගවන්තලාව දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ කිලෝ මීටර් 14 ක් පමණ පසු කළ විට මේ අපූරු පුදබිමට පිවිසෙන්නට පුළුවන්.

අප රටේ ඇති ප්‍රධාන සමන් දේවාල හතර වන්නේ රත්නපුර මහා සමන් දේවාලය, මහියංගනයේ සමන් දේවාලය, දැරණියගල සමන් දේවාලය සහ බොල්තුඹේ සමන් දේවාලයයි.

නමුත් මේ දේවාල හතරින් දැරණියගල සහ බොල්තුඹේ සමන් දේවාල සීතාවක රාජසිංහ මහ නිරිඳුන් විසින් කරවන ලද බව සඳහන් වෙනවා. නමුත් මේ භූමියේ ඒ වන විට ඉතා පැරණි රාවණා දෙවොලක් තිබූ බවට මානව විද්‍යාත්මක සාක්ෂි සපයා ගත හැකියි. ප්‍රදේශයේ අදටත් නොනැසී පවතින ජනප්‍රවාද වලින් පැවසෙන්නේ රාම – රාවණා යුද්ධය මේ බොල්තුඹේ දේවාලයට නොදුරින් ඇති දෙතනගල ප්‍රදේශයේ දී සිදු වූ බවයි. එහි දී රාම කුමරුන් දෙතනගල නමින් හැඳින්වෙන කඳු මුදුන් දෙකට දෙදණ සිරකරගෙන රාවණා රජු නැසීමේ අවසන් හීය හෙවත් ‘රාම සරය’ විද්ද බව ජන ප්‍රවාදයේ සඳහන්. එම හී පහර වැදුණු රාවණා රජුගේ හිස බොල්තුඹේ දේවාල භූමියේත් හිස නැති කඳ ඕලු ගංතොටත් රැඳුණු බව පැවසෙනවා.

මෙම ප්‍රදේශ ආශ්‍රිතව අදත් හඳුනාගත නොහැකි ඊතල හැඩයේ ලෝහ කැබලි හමුවන බවට විශ්වාසයක් තිබෙනවා.

බොල්තුඹේ සමන් දේවාලය වඩාත් වැදගත් වන්නේ එහි රාවණා රථය සහ රාවණා ධජය තැන්පත් කොට ඇති බවට පැතිර ඇති ජන විශ්වාසය නිසයි.

ඉංග්‍රීසි පාලන සමයේ මෙම රථය සහ ධජය පරීක්ෂා කිරීමට පැමිණි සුදු ජාතික ආදායම් පාලකවරයෙකු එය බළහත්කාරයෙන් පිටතට ගැනීමට දැරූ උත්සාහයත් සමඟ හෙන හතක් පුපුරා දින හතක් එක දිගටම වැසි ඇද හැලුණු බවත් අවසානයේ ඔහුට එතැනින් පිටවීමට ඇතෙකු ගෙන ඒමට සිදුවූ බවත් ජන ප්‍රවාද වල සඳහන් වෙනවා. ඒ වර්ෂාව කොතරම් ප්‍රබලද කිවහොත් ඒ ඇතාගේ කරවටක් ජලය තිබූ බවට ජන විශ්වාස තිබෙනවා.

හාත්පස සදාහරිත බවකින් යුතු රමණීය නිසල බිම් කඩක පිහිටි මේ බොල්තුඹේ සමන් දේවාලය වෙත පිට ප්‍රදේශවලින් ජනතාව පැමිණෙන්නේ ඉතා අඩුවෙන්. එය විස්මයට කරුණක්.

රාවණා රජු සම්බන්ධ පුරාවෘත්ත රැසක් සමඟම සමන් සුරිඳුන්ගේ භාණ්ඩාගාරය ලෙස සැලකෙන මේ බොල්තුඹේ සමන් දේවාලය දේශීය ජන විඥාණය පිළිබඳ ඔබේ දැනුම් පරාසය තවත් පුළුල් කරවන තෝතැන්නක් බවට සැකයක් නැහැ.

මව්බිම පුවත්පත – සහන් සංකල්ප සිල්වා

මෙවැනි දේවල් දිනපතා දැනගන්න එකතුවෙන්න අපගේ ෆෙස්බුක් පිටුවට –Gossip-Lanka Sinhala News

හැමෝටම බලන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

සතුරු කරදර වලින් මිදී සතුරන්ට දඩුවම් ලබාදෙන්න කාලි මෑණියන්ට නිවැරදිව පහන් තියන්නේ මෙහෙමයි

ශ්‍රී ලාංකීය ජනයා අතර ගෞරවයටත් වන්දනා මානයටත් ලක්‌වන කාලි මෑණියෝ ඉතා ගරු ගාම්භීර තේජස්‌ සහිත …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!