page hit counter
Monday , December 18 2017
Breaking News
Home / Uncategorized / දින 12 බිලිඳා මහමග දමා ගිය 22හැවිරදි වෛද්‍ය සිසුවිය මාට්ටු

දින 12 බිලිඳා මහමග දමා ගිය 22හැවිරදි වෛද්‍ය සිසුවිය මාට්ටු

දින 12 ක බිළිඳෙකු මහමග දමා ගිය චෝදනාවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කළ වෛද්‍ය සිසුවියක් රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුනවෙල මහතා නියෝග කර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන 22 හැවිරිදි සිසුවියක්.

ඇය විසින් තම දින 12 ක බිලිඳා බෙහෙත් ශාලාවක් අසල දමා ගොස් තිබියදී සොයාගනු ලැබුවා.

ඒ ඔස්සේ සිදුකල විමර්ශන වලදීයි සැකකාර වෛද්‍ය ශිෂ්‍යාව පොලොන්නරුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පසුව මව සහ දරුවා සම්බන්ධයෙන් DNA පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ අදාළ බිලිඳා එම සැකකාර සිසුවියගේ දරුවා බවයි.

දරුවා ඔතා තිබූ රෙදි කැබැල්ලේ සුනඛයෙකුගේ පාද සටහන් තිබී ඇතිමුත් දරුවාට කසිදු හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

එම දරුවා දැනට නිරෝගීව අනුරාධපුර ශික්ෂණ රෝහලේ රැකවරණය යටතේ සිටිනවා.

එම සිසුවිය දරුවා ලැබීමට ආසන්න කාලයේ පුලියන්කුලම ප්‍රදේශයේ නිවසක කුලියට සිට ඇති බවයි පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ.

අනතුරුව අනුරාධපුර රෝහලේදී දරුවා ලැබීමෙන් අනතුරුව එම සිසුවිය නැවත එම නවාතැන වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර වෛද්‍ය සිසුවිය එම ප්‍රදේශයේ තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇය ගැබ්ගෙන තිබෙනවා.

ඒ පිළිබඳව සිය නිවසට නොදැන්වූ එම සැකකාරිය ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් කුලී නිවසක මෙලෙස නවාතැන්ගෙන සිට ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

එහිදී එම නිවසේ හිමිකරුවන්ට ඇය විසින් ප්‍රකාශ කර ඇත්තේ තම සැමියා ජපානයට ගොස් ඇති බවයි.

ඇය පොලිසිය වෙත ප්‍රකාශ කර ඇත්තේ තම දෙමව්පියන් මේ පිළිබඳව දැනගතහොත් තම මරා දමනු ඇති බවට සිතා දරුවා මහමග දමා ගිය බවයි.

Check Also

අද 2017 ජූලි මස 07 වන සිකුරාදා – අද දවස ඔබේ ලග්නයට කොහොමද?

-මේෂ ලග්නය අද දවසේ ඔබගේ අලුත් බලාපොරොත්තු ඇති වෙන අතර ඒවා හැකි වන දවසක් ලෙසින් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!