page hit counter
Monday , October 23 2017
Breaking News
Home / උණුසුම් පුවත් / school girl sad story / පාසල් නිල ඇදුමින් පාසල් යනවා කියලා ඇවිත් රූම් ගානේ පෙම්සුව විඳපු කපල් දෙකකට වෙච්ච වැඩේ – Video

පාසල් නිල ඇදුමින් පාසල් යනවා කියලා ඇවිත් රූම් ගානේ පෙම්සුව විඳපු කපල් දෙකකට වෙච්ච වැඩේ – Video

මීගමුව ප්‍රදේශයේ පාසලක අවුරුදු 17ක් වයසැති සිසුවියන් දෙදෙනෙකු පාසල් නිළ ඇඳුමින් සැරසී තවත් තරුණයන් දෙදෙනෙකු සමග එම ප්‍රදේශයේ ලැගුම්හලක රැදී සිටියදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

119ට ලැබුණු ඇමතුමක් මත මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්.

එහිදී එම සිසුවියන් සහ වයස අවරුදු 21ක් වූ තරුණයන් දෙදෙනාගෙන් ප්‍රශ්න කර ඔවුන් මුදවා ඇති අතර ලැගුම්හලේ හිමිකරු බලපත්‍ර නොමැතිව එය පවත්වාගෙන ගිය හෙයින් ඔහු සමඟ කැබ් රථයක් සහ ත්‍රීරෝද රථයක්ද පොලිස් අත්අඩංගුවට පත්වුණා.

රු 3000 බැගින් අයකර සැකකරු ඔවුන්ට කාමර පහසුකම් ලබා දී තිබුණා.

මෙම පුද්ගලයා 58 වන වියෙහි පසුවූ වත්තල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බව සඳහන්.

පාසල් සුදු ඇදුමින් සැරසී සිටි යුවතියන් දෙදෙනෙකු ලැගුම්හල් කාමරයක් තුළට රැගෙන යාමට ඉඩසලස්වා සමාජ වගකීමක් කඩකිරීම, පැහර හැරීම සහ බලපත්‍ර නොමැතිව ලැගුම් හලක් පවත්වාගෙන යාම සම්භන්ධයෙන් ලැගුම්හල් හිමිකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පාසල් සිසුවියන් දෙදෙනාගේ දෙමවුපියන් ගෙන්වා තරයේ අවවාද කර පසුව මුදා හැරීමට කටයුතු කළ බවත් මෙම සිද්ධිය සම්බන්ධව ඉදරි පරීක්ෂණ කටයුතු සිදුවෙමින් පවතින බවත් මීගමුව පොලිසිය පවසනවා.

ළමා හා කාන්තා කාර්යාංශයද මේ පිලිබඳව පරීක්ෂණ සිදුකරනු ලබයි.

Check Also

තරුණියන් වනසන Online ගණිකා මඩම මිතුරියෝ ගණිකා ජාවාරමේ සුල මුල මෙන්න

Mithuriyo.com නමැති වෙබ් අඩෙවියක් හරහා සූක්ෂම ආකාරයෙන් සිදුවන මහා පරිමාණ ගණිකා ජාවාරමක් පිලිබඳව තොරතුරු රැසක් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!