page hit counter
Tuesday , December 19 2017
Breaking News
Home / උණුසුම් පුවත් / පිඹුරු මිනිස් ගැටුමින් පැරදුනු අඩි 26ක් දිග යොධ පිඹුරා මෙන්න

පිඹුරු මිනිස් ගැටුමින් පැරදුනු අඩි 26ක් දිග යොධ පිඹුරා මෙන්න

මිනිසෙකු සමඟ කළ සටනකින් පැරදුණු ඉන්දුනීසියාවේ යෝධ පිඹුරෙකු අවාසනාවන්ත ඉරණමකට ගොදුරු විය.

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ වගා භූමියක පිවිසුම් මාර්ගයක් හරහා සිටිය දී අඩි 26ක් පමණ දිග මෙම පිඹුරා අල්ලා ගැනීමට ආරක්ෂක නිලධාරියෙකු උත්සාහ කර ඇත.

එම අවස්ථාවේ දී පිඹුරා ආරක්ෂක නිලධාරියාට පහර දී ඇති අතර ගම්වාසීන් කිහිප දෙනෙකුගේ ද සහාය ඇතිව මෙම යෝධ පිඹුරා මරා දැමීමට ඔහුට හැකිවී තිබේ.

කෙසේ නමුත් රොබට් නබාබාන් නමැති මෙම පුද්ගලයාට ද සටනින් බරපතළ තුවාල සිදු වී ඇති අතර ඔහු රෝහල්ගත කෙරුණි.

අනතුරුව ගම්වාසීන් විසින් මෙම යෝධ පිඹුරා ප්‍රදර්ශනය සඳහා එල්ලා තබන ලදී.

අවසානයේ ගම්වැසියන් එක්වී පිඹුරා මස්කර, පුළුස්සා, ආහාරයට ගෙන තිබේ.


හැමෝටම බලන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

රොහින්ග්‍යා සරණාගතයෝ ඇවිල්ලා මාස 2යි. ළමයි 6ක් පාසල් යනවා – සුපිරි ඝනයේ වාහන වලින් එන අය කන්න බොන්න දීලා තියෙනවා

“රොහින්ග්‍යා මුස්ලිම්වරු මියන්මාරයේ ප්‍රශ්නයක්. ලංකාවේ නීතිය අනුව අපි සරණාගතයන්ට ඉඩ දෙන්න බැඳී නෑ. රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!