page hit counter
Tuesday , December 19 2017
Breaking News
Home / Off road / සමන් කුමාර සිසුවා ඉගෙනුම ලබමින් සිටියේ මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහා විද්‍යාලයේය. සිංහල අලූත් අවුරුද්ද වෙනුවෙන් පාසල් නිවාඩු දෙන දවස වූයේ එදාය. පාසල් ගිය සමන් කුමාර පුතා සවස් වනතෙක් ගෙදර නොපැමිණීම ගැන ඔහුගේ මව සහ පියා මහත්සේ කලබලයට පත්වූහ.

සමන් කුමාර සිසුවා ඉගෙනුම ලබමින් සිටියේ මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහා විද්‍යාලයේය. සිංහල අලූත් අවුරුද්ද වෙනුවෙන් පාසල් නිවාඩු දෙන දවස වූයේ එදාය. පාසල් ගිය සමන් කුමාර පුතා සවස් වනතෙක් ගෙදර නොපැමිණීම ගැන ඔහුගේ මව සහ පියා මහත්සේ කලබලයට පත්වූහ.

සමන් කුමාර සිසුවා ඉගෙනුම ලබමින් සිටියේ මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහා විද්‍යාලයේය. සිංහල අලූත් අවුරුද්ද වෙනුවෙන් පාසල් නිවාඩු දෙන දවස වූයේ එදාය. පාසල් ගිය සමන් කුමාර පුතා සවස් වනතෙක් ගෙදර නොපැමිණීම ගැන ඔහුගේ මව සහ පියා මහත්සේ කලබලයට පත්වූහ.

සමන් කුමාරගේ පියා ජේ. බී. තිලකරත්න මහතා මතුගම නගරයේ තිලකරත්න ස්ටෝර්ස් නමින් වෙළෙඳ සලක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකි.

පුතා ඉස්කෝලේ ගියා තවම ගෙදර ආවේ නැහැ. හැම තැනකම හොයා බැලූවා. හමුවුණේ නැහැ.

මතුගම මූලස්ථාන පොලිසියට පැමිණි තිලකරත්න මුදලාලි පුතාගේ අතුරුදන්වීම ගැන පැමිණිලි කළේය.

තිලකරත්න මුදලාලි පුතාගේ අතුරුදන්වීම ගැන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ මීට අවුරුදු 31කට පමණ කලින්ය

සමන් කුමාරගේ පියා ජේ. බී. තිලකරත්න මහතා මතුගම නගරයේ තිලකරත්න ස්ටෝර්ස් නමින් වෙළෙඳ සලක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකි.

පුතා ඉස්කෝලේ ගියා තවම ගෙදර ආවේ නැහැ. හැම තැනකම හොයා බැලූවා. හමුවුණේ නැහැ.

මතුගම මූලස්ථාන පොලිසියට පැමිණි තිලකරත්න මුදලාලි පුතාගේ අතුරුදන්වීම ගැන පැමිණිලි කළේය.

තිලකරත්න මුදලාලි පුතාගේ අතුරුදන්වීම ගැන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ මීට අවුරුදු 31කට පමණ කලින්ය.

ඒ 1983 අපේ‍්‍රල් මස 5 වැනිදාය.
මතුගම එවකට මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිව සිටි පියල් බරණගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සමන් කුමාර සිසුවාගේ අබිරහස් අතුරුදන්වීම සම්බන්ධව පරීක්ෂණ ආරම්භකරනු ලැබුවේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි ඉන්ද්‍රජිත් අමරසිංහ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසිනි.

උප පොලිස් පරීක්ෂක ජයන්ත වික‍්‍රමසිංහ මහතාද මේ පරීක්ෂණ කණ්ඩායමට ඇතුළත්ව සිටි පොලිස් නිලධාරියෙකි.

පොලිස් කණ්ඩායම සමන් කුමාර සිසුවාගේ අබිරහස් අතුරුදන්වීම ගැන පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යමින් සිටි අතර වාරයේ බස් රථයකින් බැස පැමිණි අයෙක් තිලකරත්න මුදලාලිගේ කඩයට කඩිමුඩියේ පැමිණ ලියුමක් දී යන්නට ගියේය. ළමයා ඉන්නේ අපි ළඟ. ළමයා මුදා හරින්න නම් 1,50,000ක කප්පමක් ඕනෑ කියා ඒ ලියුමේ සඳහන්ව තිබූ අතර ඒ සමගම තවත් ලියුමක්ද තිබිණි.

කප්පම් මුදල නාවලකන්ද පාසල ළඟින් ගෙනවිත් තබා යන ලෙසද එම ලියුමේ සඳහන්කර තිබී ඇත. ලියුම ලියා තිබුණේ සමන් කුමාර සිසුවාය.

”තාත්තේ ඉල්ලන ගානක් දීලා මාව බේරාගන්න. නැත්නම් මාව මරා දමයි.” සමන් කුමාර ලියා තිබූ ලියුමේ සඳහන්ව තිබී ඇත. සමන් කුමාර ඒ ලියුම ලියා තිබුණේ ඔහුගේ පාසල් පොතකින් කොළයක් කඩාගෙනය.

මේ ලියුම ලැබී තවත් දිනකට පසු තවත් ලියුමක් ලැබී තිබුණේ තැපෑලෙනි. එම ලියුම තැපැල් කර තිබුණේ මතුගම නගරයේ පිහිටි තැපැල් කන්තෝරුවෙනි.

කප්පම් මුදල් ඉල්ලීම ගැන පොලිසියට පැමිණිලි කිරීම සම්බන්ධයෙන් තර්ජනය කර තිබූ අතර කප්පම් මුදල තැබිය යුතු තැනත් පසුව දැනුම් දෙන බවත් මේ ගැන ආයෙත් පොලිසියට කිව්වොත් දරුවා මරා දමන බවටත් එම ලියුම මගින් තර්ජනය කර තිබී ඇත.

තැපැල් කළ ලියුමක් ලිපිනයේ සඳහන් පුද්ගලයාට හැරෙන්නට වෙනත් අයකු අතට පත්කිරීම නීති විරෝධි වුවත් අහිංසක ළමයකුගේ ජීවිතය ගැන කල්පනාකර එම ලියුම ලබාදීමට තැපැල් ස්ථානාධිපතිවරයා කැමැත්ත පළකර ඇත.

පොලිසිය තුළ ඇතිවූ සැකය හරියටම හරිය. ධර්මසේන නමැත්තා ලියුම තැපැල්කර තිබුණේ තිලකරත්න මුදලාලිගේ නමටය.
තිලකරත්න මුදලාලිගේ නමට තැපැල්කර තිබූ ලියුම කඩා බලද්දී එහි සඳහන් කර තිබී ඇත්තේ කප්පම් මුදල රැුගෙනවිත් තැබිය යුතු ස්ථානය ගැනය.

පොලිස් පරීක්ෂක පියල් බරණගේ, උපපොලිස් පරීක්ෂක අමරසිංහ සහ උප පොලිස් පරීක්ෂක ජයන්ත වික‍්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් වහා ගොස් මතුගම පාන්තිය ප‍්‍රදේශයේ පදිංචි බී. ඒ. ධර්මසිරි පීරිස් (24) නමැත්තා අත්අඩංගුවට ගනු ලැබීය.පොලිසිය ඊළඟට අත්අඩංගුවට ගත්තේ කලවාන නාවලකන්ද ප‍්‍රදේශයේ පදිංචි පිටිගලගේ පේ‍්‍රමරත්න (23) නමැත්තාය.
පේ‍්‍රමරත්න හිටපු උප සේවා පොලිස් කොස්තාපල්වරයෙකි.

මොවුන් දෙදෙනා ගජ මිතුරෝ වෙති.

අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් ප‍්‍රශ්න කිරීමේදී සමන් කුමාර සිසුවා ඝාතනය කර ඇති බව පමණක් නොව ඔහුගේ සිරුර සඟවා ඇති ස්ථානය ගැන පවා පොලිසියට පාපොච්චාරණය කරනු ලැබූහ. පාසල ඇරී නිවස බලා එමින් සිටි සමන් කුමාර පා පැදියේ නංවාගෙන ඇති අතර ධර්මසේනව හොඳින් දන්නා නිසා කිසිම සැකයකින් බියකින් තොර ඔහු පාපැදියට ගොඩවී ඇත.

ඝාතනය කිරීමට පෙර සමන් කුමාරට කියා ඔහුගේ පාසල් පොතකින් කඩාගත් කොළ තුනකින් ලියුම් තුනක්ද ලියාගෙන ඇත. කප්පම්කරුවන් එවූ ලියුම් සමග වරින්වර එවා ඇත්තේ එසේ සිසුවාට කියා ලියාගත් ලියුම් කරදාසිය.

ලියුම් ලියාගත් පසු සමන් කුමාර ඝාතනය කර සිරුර වළකට දමා ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළිවිය.
සමන් කුමාරගේ සිරුර දමා ඇත්තේ රබර් ගසක් ඉදිරී වැටීමෙන් ඇතිව තිබූ වළකටය. යටදොළ, පාන්තිය ප‍්‍රදේශයේ කන්දක බෑවුමක සිරුර මෙසේ වළදමා ඇති බවත් පොලිසිය හෙළිකරගෙන තිබේ.

පුතා මුදාහැරීමට නම් රුපියල් 1,50,000ක කප්පම් මුදලක් සැකකරුවන් දෙදෙනා තිලකරත්න මුදලාලිගෙන් ඉල්ලා ඇත්තේ ඔහු (සමන් කුමාර) මරා දැමීමෙන් පසුවය. සැකකරුවන් දෙදෙනාගෙන් ප‍්‍රශ්න කිරීමේදී පොලිසිය විසින් මේ සියලූ තොරතුරු හෙළි කරගනු ලැබූහ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගේ මඟපෙන්වීම යටතේ ගොස් පොලිසිය සිරුර සොයා ගන්නා විටත් බෙහෙවින් නරක්වී තිබිණ.

සමනළයෙක් බඳු සමන් කුමාරගේ සිරුර සොයාගත් පසු ඔහුගේ මව හා පියා ඇතුළු පවුලේ අය පමණක් නොව ගම්වාසින්ද නැගූ විලාප හඬින් මුළු ප‍්‍රදේශයම ශෝකයෙන් ඇළලී ගියේය.

ඒ විලාප හඬ යටදොල වත්ත පාන්තිය වත්තේ පිහිටි කන්ද පවා උසුලාගෙන සිටියේ මහත් ආයාසයක් දරාය.
සමන් කුමාරගේ පාසල් පොත් බෑගය ධර්මසේනගේ ගෙවත්තේ වළ දමා ඇති බවට ඔහු හෙළිකිරීමෙන් පසු පොලිසිය ගොස් එම ස්ථානයේ කැණීම්කර එයද සොයා ගත්තේය. සමන් කුමාරගේ සිරුර සොයා ගත්තේ ඔහු පැහැරගෙන ගොස් දින හතරකට පසුවය.
ඝාතනයට ලක්වනවිට ඔහුගේ වයස අවුරුදු 14ක් පමණ විය.

වෙනදාට සිංහල අලූත් අවුරුද්දට රබන් සුරල් හඬින්, ඔංචිලි වාරම් හඬින් හා කොවුල් හඬ අතරින් වෙනදා ගමට ආ අවුරුදු කුමරා මෙදා ගමට පැමිණියේ නැත.

සිංහල අලූත් අවුරුද්ද සැමරීමට මුළු මතුගම ප‍්‍රදේශයම ලක ලැහැස්ති වෙමින් සිටියදී අලූත් අවුරුදු කුමරා ගමට පැමිණීමට දින තුනක පමණ කාලයක් තිබියදී සමන් කුමාරගේ ප‍්‍රාණය නිරුද්ධව නරක්වී ගිය සිරුර හමුවිය. මතුගම ප‍්‍රදේශයම මළගෙයක් වීමට ගතවී ඇත්තේ නිමේෂයකිි. සමන් කුමාර සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇත්තේ එවකට කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාව සිටි අධිකරණ වෛද්‍ය විශේෂඥ එස්. එම්. සල්ගාදු මහතාය.

ගෙල මිරිකීම නිසා හුස්ම හිරවීමෙන් මෙම මරණය සිදුවී ඇති බව අධිකරණ වෛද්‍ය විශේෂඥ එස්. එම්. සල්ගාදු මහතාගේ නිගමනය වී ඇත.

මොහු මෙරට සිටි දක්ෂම අධිකරණ වෛද්‍ය විශේෂඥයෙක්ද විය.
මූලික මහේස්ත‍්‍රාත් පරීක්ෂණය පවත්වා ඇත්තේ මතුගම එවකට මහේස්ත‍්‍රාත්වරයාව සිටි අයිවන් කුලතුංග මහතාය. කප්පම් ලබා ගැනීම සඳහා දරුවකු පැහැර ගෙනගොස් ඝාතනය කිරීමක් පළමු වරට මෙරට වාර්තාවූයේ සමන් කුමාර ඝාතන සිද්ධියයි. විත්තිකරුවන් කර තිබූ ඉල්ලීමක් මත මෙහි වැඩිදුර නඩු විභාගය පවත්වා ඇත්තේ ගාල්ල මහාධිකරණය හමුවේය.

ගාල්ල මහාධිකරණ විනිසුරුවරයාව සිටි එදිස්සූරිය මහතා විසින් මේ සම්බන්ධව නඩු විභාගයක් පවත්වනු ලැබ විත්තිකරුවන් දෙදෙනාටම මරණීය දණ්ඩනය නියම කරනු ලැබීය.

විත්තිකරුවන් දෙදෙනාට මරණීය දණ්ඩනය නියමකර ඇත්තේ 1987 වසරේදීය. සමන් කුමාර සිසුවාගේ ඝාතනය සම්බන්ධව පරීක්ෂණ පවත්වා වරදකරුවන් නීතිය හමුවට ඉදිරිපත් කිරීමට අපමණ කැප කිරීම් කළ මතුගම මූලස්ථාන පොලිස් ස්ථානාධිපති පියල් බරණගේ මහතා සහකාර පොලිස් අධිකාරිවරයෙක් ලෙස සේවය කරමින් සිටියදී විශ‍්‍රාම ගිය අතර ඉන්ද්‍රජිත් අමරසිංහ මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් ලෙස සේවය කරමින් සිටියදී විශ‍්‍රාම ලබා ඇත. ජයන්ත වික‍්‍රමසිංහ මහතා නියෝජ්‍ය පොලිස් පතිවරයෙක් ලෙස තවමත් පොලිස් සේවයේ නිරතව සිටී.

මරණ දඬුවම නියමවූ ධර්මසිරි හා පේ‍්‍රමරත්න නමැත්තන් ගාල්ල මහාධිකරණයේ සිට ගෙන ආවේ වැලිකඩ බන්ධනාගාරය වෙතය.
වැලිකඩ බන්ධනාගාරයේ එවකට ජේලර්වරයෙක් ලෙස රාජකාරි කළ පසුව බන්ධනාගාර අධිකාරිවරයෙක් ලෙස උසස්වීම් ලබා දැන් විශ‍්‍රාම සුවයෙන් පසුවන ලාල් ආනන්ද වික‍්‍රමසිංහ මහතා සමන් කුමාරගේ ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමවී හිර ගෙදරට පැමිණි ධර්මසිරි හා පේ‍්‍රමරත්න ගැන මතකය අවදි කරමින් පැවැසූ කතාව මෙසේ පෙළ ගස්වන්නෙමු.

මතුගම සමන් කුමාර ඝාතන නඩුවෙන් මරණ දඬුවම නියමවී වැලිකඩ හිරගෙදරට ධර්මසේනයි පේ‍්‍රමරත්නයි ගෙනාපු වෙලාවේම අනෙක් හිරකාරයෝ ඒ දෙන්නට අතපය කැඩෙන්නට ගැහැව්වා. බොහොම අමාරුවෙන් බේරාගත්තේ. හිරකාරයෝ ගහලා අතපය කඩා තිබුණ නිසා කොළඹ ජාතික රෝහලට දෙන්නවම ඇතුළත් කළා. බන්ධනාගාර නිලධාරින්ගේ විශේෂ ආරක්ෂාවක් යටතේ මේ දෙන්නා සති ගණනාවක් ප‍්‍රතිකාර ගත්තා. කැඩුණු අතපයවලට ප්ලාස්ටර් දමා තිබුණ. කොළඹ ජාතික රෝහලෙන් ටිකට් කැපුවට පස්සේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කළා. බන්ධනාගාර රෝහලේ ප‍්‍රතිකාර ගන්න හිරකාර ලෙඞ්ඩුත් මොවුන් දෙන්නට ගැහැව්වා. ඒ නිසා බන්ධනාගාර රෝහලේ තියාගන්නත් බැරිව ගියා. ප්ලාස්ටර් පිටින්ම මරණීය දණ්ඩනය නියමවූවන් දමන කන්ඩම් සෙල්වලට ගෙනවිත් දැම්මා. පසු කාලයකදී දෙන්නාම සුවය ලැබුවා.

මරණ දඬුවම නියමවී කන්ඩම් සෙල්වලට දැම්මාම කිසිම වැඩක් පලක් පවරන්නේ නැහැ. උදේම පැය භාගයයි සවසට පැය භාගයයි වශයෙන් ව්‍යායාම් කරන්න එළියට ගන්නවා. ටික කාලයක් යද්දි මේ දෙන්නා අසීමිත විදිහට මහත් වෙන්න පටන් ගත්තා. ඒ කකා බිබී නිකන්ම ඉන්න නිසා.

මරණීය දණ්ඩණය නියමවී සිටි මොවුන් දෙන්නාට පසු කාලයක ඒ මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත් කර තිබුණා. ඊට පස්සේ ඔවුන් දෙන්නාට කන්ඩම් සෙල්වලින් පිටතට ගෙන මැහුම් අංශයේ වැඩ පුහුණු වෙන්න දැම්මා. දෙන්නම බොහොම හොඳට මැහුම් වැඩ පුහුණු වුණා. මැහුම් අංශයට දාන්න කලින් දෙන්නාම වසරක කාලයක් හිර ගෙදර බර වැඩ කළා.

වැලිකඩ හිරගෙදර පිරිත් කණ්ඩායමේ නායකයා වශයෙන් ධර්මසිරි හිරෙන් නිදහස් වෙලා යනකම්ම කටයුතු කළා. පේ‍්‍රමරත්නත් හිර ගෙදර පිරිත් කණ්ඩායමේ හිටියා. දෙන්නටම බොහොම හොඳට ලස්සනට පිරිත් කීමේ හැකියාව තිබුණා. ඒ දෙන්නා පිරිත් කියනකොට කාටත් අහන් ඉන්නත් ආශා හිතෙන බව වසර ගණනාවකට එහා අතීතය මෙනෙහි කරමින් විශ‍්‍රාමික බන්ධනාගාර අධිකාරි වික‍්‍රමසිංහ මහතා පැවැසීය.

තව දුරටත් දොඩමළුවෙමින් විශ‍්‍රාමික බන්ධනාගාර අධිකාරිවරයා ධර්මසිරි පේ‍්‍රමරත්න ගැන මතකය අවදි කරමින් පැවැසුවේ මෙවැනි කතාවකි.

වෙසක් කාලයට වැලිකඩ හිරගෙදර කරන වෙසක් සැරසිලිවලට මූලිකත්වය ගෙන මේ දෙන්නා කටයුතු කළා. හිරගෙදර තොරණ හදද්දි වෙහෙස මහන්සිය නොබලා කටයුතු කළ හැටි මට අද වාගේ මතකයි. පසුකාලයකදි ධර්මසිරි තොරණ් හදන්නත් දක්ෂයෙක් වුණා. හිරගෙදර ආගමික කටයුතුවලදී දෙන්නා ලොකු උනන්දුවකින් කි‍්‍රයා කළා.

හිරගෙදර දඬුවම් විඳින හිරකාරයන් අතරින් අතළොස්සක් පමණක් හිරකාරයන්ට ලැබෙන විශේෂ වරප‍්‍රසාදවලටද ධර්මසිරි හා පේ‍්‍රමරත්න හිමිකම් කියා ඇත.

ඒ හා සම්බන්ධව තොරතුරු හෙළිකරමින් විශ‍්‍රාමික බන්ධනාගාර අධිකාරි වික‍්‍රමසිංහ මහතා මෙසේ කීය.

හිරගෙදර යහපත් කල්කි‍්‍රයාවෙන් විනයානුකූලව ඉන්න හිරකාරයන්ට ස්පේෂල් ඩියුටි කිරීමේ වරප‍්‍රසාදය ලැබෙනවා. මේ වරප‍්‍රසාදය ලැබුණු හිරකාරයන්ට බන්ධනාගාරයේ කාර්යාලයේ වැඩවලට යොදා ගන්නවා. සමහර වෙලාවලට හිරගෙදර ඇතුළේ තියෙන මුර කුටිවල රාජකාරියේ යොදවනවා. මෙවැනි අය විනයාරක්ෂක හිරකරුවන් ලෙස හඳුන්වනු ලබනවා. ධර්මසිරි හා පේ‍්‍රමරත්නත් මේ විශේෂ වරප‍්‍රසාදයට හිමිකම් කිව්වා. ඒ ඔවුන් හිරගෙදර යහපත් කල්කි‍්‍රයාවෙන් හිටිය නිසා.

තවත් කාලයක් ගියාට පස්සේ තවත් හොඳට හිටියාම හිරකාරයින් ඇඳගෙන ඉන්න ජම්පරයට උඩින් කළු පාට බාපනයක් පැළඳීමේ වරප‍්‍රසාදය ලැබෙනවා. මේ වගේ කළුපාට බාපනයක් පැළඳීමට ලැබෙන අය කොස්තාපල් කියා අප හඳුන්වනවා. මෙය හිරකාරයකුට බොහොම කලාතුරකින් ලැබෙන තනතුරක්. කළුපාට බාපනයක් ලැබෙන හිරකාරයකුට බන්ධනාගාර නිලධාරියකුගේ අධීක්ෂණයකින් තොරව බන්ධනාගාර මූලස්ථානයෙන් පිටත පිහිටි බන්ධනාගාර කාර්යාලවලට තනියම යාමේ ඒමේ වරප‍්‍රසාදය තියෙනවා. ධර්මසිරි හා පේ‍්‍රමරත්නත් මේ තනතුරට පත්වී සිටියා.

මේ දෙන්නා ඔවුන් කරන ලද අපරාධය ගැන හරියට පසුතැවුණා. මම ඔවුන් දෙන්නත් එක්ක කතාබහ කර තිබෙනවා. ඒ අවස්ථාවල තමා ඒ බව කිව්වේ. හිරගෙදර පොදු වැඩ කටයුතු වලදී පුදුම කැපවීමකින් හිතට අරන් ඒ දේ හරියට මේ දෙන්නා ඉටුකළා. කොච්චර කාලයක් හිර දඬුවම් වින්දාද කියා මට දැන් මතක නැහැ. නමුත් වසර ගණනාවක් හිරගෙදර හිටියා. ඔවුන් දෙන්නා නිදහස් වෙලා සමාජ ගත වුණේ හොඳ පුරවැසියන් දෙන්නෙක් විදිහට බව මෙහිදී මා විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනවායැයි ලාල් ආනන්ද වික‍්‍රමසිංහ මහතා පවසයි.

මරණ දඬුවම නියම වෙලා හිරගෙදරට ආවාට පස්සේ මේ දෙන්නාගේ පවුලේ කිසිම කෙනෙක් බලන්න ආවේ නැහැ. මේ දෙන්නත් එක්ක එකට හිරේ ඉඳලා ඔවුන් දෙන්නට කලින් නිදහස් වෙලා ගිය අය නම් ධර්මසිරියි පේ‍්‍රමරත්නයි ඉඳහිටලා හරි බලලා යන්න ආවා යැයි විශ‍්‍රාමික බන්ධනාගාර අධිකාරිවරයා කතාබහ හමාර කරමින් කීය.

Check Also

ඇමරිකානු ස්ථීර පුරවැසියෙකු වෙන්න ඔබටත් අවස්ථාවක්, නොමිලේ දැන්ම අයදුම්කරන්න මෙතැනින්

ඇමරිකානු විවිධත්ව සංක්‍රමණික වීසා (ගී්‍රන් කාඩ්) ලොතරැයි වැඩසටහන සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන්ට මේ දිනවල ලියාපදිංචි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!