page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / මාසික වැටුප ලක්‌ෂ හතර හමාරයි. බ්‍රිතාන්‍යයේ රැකියාවක්‌ ලබාගන්න මෙන්න ඔබටත් අවස්ථාවක්..!

මාසික වැටුප ලක්‌ෂ හතර හමාරයි. බ්‍රිතාන්‍යයේ රැකියාවක්‌ ලබාගන්න මෙන්න ඔබටත් අවස්ථාවක්..!

බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ සේවය කරන බොහෝ සාත්තු සේවක සේවිකාවෝ පිටරැටියෝ වෙති. ඔවුන්ගෙන් බොහෝ දෙනකු පෝලන්ත, රුමේනියා වැනි නැගෙනහිර යුරෝපා ජාතිකයෝය. එහෙත් මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමෙන් පසු සාත්තු සේවක සේවිකාවන්ගේ විශාල හිඟයක්‌ ඇති වන බව වාර්තා වෙමින් පවතියි. වාර්තා වන අන්දමට වසර 2026 වන විට සාත්තු සේවක සේවිකාවන් ගේ හිඟය හතළිස්‌ දෙදහසක්‌ පමණ වනු ඇත.

වසර 2019 න් පසු යුරෝපා ජාතිකයන්ට බ්‍රිතාන්‍යයේ සේවය කිරීමට අවසර නොලැබෙන නිසා ජාතික සෞඛ්‍ය සේවය දැනටමත් ආසියාතික රටවලින් සාත්තු සේවක සේවිකාවන් බඳවා ගැනීමට පටන් ගෙන තිබේ. දැනට වැඩියෙන්ම බඳවාගෙන ඇත්තේ පිලීපීන ජාතිකයින්ය. ඊට අමතරව ඉන්දියානු සහ නේපාල ජාතිකයෝද ටිකෙන් ටික මෙහි රැකියා ලබා ගනිමින් සිටිති. දැන් ඒ මහඟු අවස්‌ථාව ශ්‍රී ලාංකිකයන්ට ද උදාවී we තිබේ.

ඒ අනුව දැන් ශ්‍රී ලංකාවේ හෙද පාසලකින් අධ්‍යාපනය ලබා සුදුසුකම් සහිතව සාත්තු සේවක සේවිකාවන් ලෙස සේවය කරන අයට බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ රැකියා වරම් සඳහා අයදුම් කළ හැක. රැකියා සඳහා අයෑදුම් කරන අයට හොඳ ඉංග්‍රීසි දැනුමක්‌ තිබිය යුතු අතර බ්‍රිතාන්‍ය කවුන්සිලයෙන් පවත්වන අයි. ඊ. එල්. ටී. එස්‌. (International English Language Testing System) විභාගයෙන් 6.5 ට වඩා වැඩියෙන් ලකුණු ලබා ගෙන තිබිය යුතු වේ.

අයෑදුම් පත්වලින් තෝරා ගනු ලබන සාත්තු සේවක සේවිකාවන් බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවයේ අයකු විසින් ස්‌කයිප් තාක්‌ෂණය ඔස්‌සේ සම්මුඛ පරීක්‌ෂණයකට භාජන කරනු ලැබේ. එයින් තේරෙන අයට වීසා ලබා ගැනීම සඳහා යන මුදල් සහ ගුවන් ගමන් සඳහා යන මුදල් ලබා දෙන්නේද බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයයි. ඔවුන් බ්‍රිතාන්‍යයට පැමිණි පසු පළමු මාස තුන සඳහා නොමිලයේම නවාතැන් පහසුකම්ද සලසන අතර ඒ කාලය තුළ බ්‍රිතාන්‍යයේ සේවය කිරීම සඳහා අවශ්‍ය කරන සුදුසුකම ලබා ගැනීම සඳහා විභාගයක්‌ සමත් විය යුතු වේ. එම විභාගය නම් Objective Structured Clinical Examination (OSCE). ඒ සඳහා යන විභාග ගාස්‌තුද ගෙවනු ලැබේ. එම විභාගය තෙවරක්‌ තුළ සමත් විය යුතු වේ.

මෙසේ රැකියා වරම් ලැබෙන සාත්තු සේවක සේවිකාවන්ගේ ආරම්භක වැටුප වන්නේ වසරකට බ්‍රිතාන්‍ය පවුම් විසි දෙදහස්‌ එකසිය විසි අටකි. (22,128/-) රැකියා සඳහා අයෑදුම් කිරීමට බලාපොරොත්තු වන්නන් බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවයේ නියෝජිත ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු වන රන්ජන් බස්‌නායක මහතා හරහා අයෑදුම් කළ යුතු වේ. අයෑදුම් කිරීම සඳහා කිසිදු ගාස්‌තුවක්‌ ගෙවිය යුතු නැත.

බස්‌නායක මහතා කියා සිටියේ රැකියා සඳහා අයෑදුම් කිරීමට කිසිවකුට හෝ කිසිදු මුදලක්‌ ගෙවිය යුතු නැති බවයි. එසේම ඉදිරියේදී ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ටද බ්‍රිතාන්‍යයේ රැකියා වරම් ලබා ගැනීම සඳහා තමා කටයුතු කරමින් සිටින බව ඔහු පැවසීය. සුදුසුකම් සහිත සාත්තු සේවක සේවිකාවන් තම අයදුම් පත් යොමු කළ යුත්තේ uknersingjobs@yahoo.com යන ඊ මේල් ලිපිනයට වේ.


හැමෝටම දැනගන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

රොහින්ග්‍යා සරණාගතයෝ ඇවිල්ලා මාස 2යි. ළමයි 6ක් පාසල් යනවා – සුපිරි ඝනයේ වාහන වලින් එන අය කන්න බොන්න දීලා තියෙනවා

“රොහින්ග්‍යා මුස්ලිම්වරු මියන්මාරයේ ප්‍රශ්නයක්. ලංකාවේ නීතිය අනුව අපි සරණාගතයන්ට ඉඩ දෙන්න බැඳී නෑ. රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!