page hit counter
Monday , December 18 2017
Breaking News
Home / Astrology / ඔක්තෝබර් 26 වැනි දින සෙනසුරු ධනු රාශියට පැමිණීම ඔබට බලපාන්නේ කොහොමද?

ඔක්තෝබර් 26 වැනි දින සෙනසුරු ධනු රාශියට පැමිණීම ඔබට බලපාන්නේ කොහොමද?

මේ වසරේ බලවත්ම අවසාන ග්‍රහ මාරුව වශයෙන් සැලකිය හැකි දීර්ඝ කාලයක් එක් රාශියක මන්දගාමීව ග්‍රහ ගමනක යෙදෙන සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා තමාට සම රාශියක් වන ගුරුට හිමි ධනු රාශියට මේ වසරේ ඔක්තෝබර් 26 වැනි දින පිවිසෙනු ඇත. එහිදී මෙම ග්‍රහයා වසර 2 1/2ට අධික කාලයක් ඉදිරියට තමාට සුපුරුදු ගෝචර ගමනේ ධනු රාශියේ ගමන් කරනු ඇත.

මෙහිදී ධනු ලග්න හිමියන්ට ලග්න ගත සෙනසුරු ඒරාෂ්ඨකය හා වෘෂභ ලග්න හිමියන්ට අෂ්ඨම ඒරාෂ්ඨකය මෙම කාලවකවානුව තුළ බල පවතිනු ඇත. එයට අමතරව මකර, මිථුන, කටක, වෘශ්චික යන රාශි හිමියන්ටද සෙනසුරුගේ වැඩි අහිතකර බලපෑම් ගෙන දිය හැකිය. විශේෂයෙන් මුල නැකත, පුවපල නැකත සහ උත්‍රසල නැකතේ ප්‍රථම පාදයෙන් ජන්මලාභී හිමියන්ට හා අනෙකුත් ලග්න හිමි අය ඉහත සඳහන් නැකත් තුළින් ජන්මලාභී අයකු නම් එම අයට සෙනසුරු හා සඳුගෙන් ලබන ජන්ම ඒරාෂ්ඨක අපලය හා යම් ධනු ලග්න හිමියෙක් ඉහත නැකත්වලින් ඉපදි ඇත්නම් එම අයට ලග්න හා ජන්ම ඒරාෂ්ඨක දෙකම එක්වර ලැබීමට නියමිතය.

මෙහිදී විශේෂයෙන් සඳු සෙනසුරු කුජ රාහු කේතු යන පාප ග්‍රහයන්ගේ මහදශා අතුරු දශාවන් බල පවතින අයට එම කාල සීමාව ඉතා තදබල කායික හා මානසික වශයෙන්ද විවිධ අන්දමේ පීඩාකාරී අපහසුතාවන් උත්සන්නවීමේ ප්‍රවණතාව වැඩි බවත් මෙහිදී පෙන්නුම් කෙරෙනු ඇත.

අඹු සැමියන් අතර භේදබින්නවීම්, ප්‍රේම ආදර සම්බන්ධතා බිඳ වැටීම්, අධ්‍යාපනය ලබන දූ දරුවන්ට හා ආර්ථික වශයෙන් ද දැඩි මන්දගාමී තත්ත්වයකට පත්වීම්, රැකියා ස්ථාන මාරු, එහි ප්‍රශ්න ගැටලු මතුවීම හා රහසිගත සතුරු විපත්, නිවාස දේපළ ප්‍රශ්න ආදී විවිධ අමිහිරි ගැටලුවලට මුහුණදීමට මෙම කාලය තුළදී සිදුවනු ඇත. ඔබට සුභ ග්‍රහයින්ගේ මහ දශා අතුරු දශාවන් ලබා ඇති නම් යම්කිසි දුරකට සැනසුම් සහගත අත්වැසිල්ලක් වනු ඇත.

විශේෂයෙන් අප රටටත් ලෝකයාටත් සෙනසුරු ග්‍රහ මාරුව විවිධ අයුරින් අයහපත් ලෙස බලපානු ඇත. එහිදී කාලගුණික විපර්යාස බෝවන වසංගත රෝග හා රිය අනතුරු හදිසි ජීවිත හානි සිදුවීමේ ප්‍රවණතාව වැඩිය.

තම තමන්ගේ කේන්ද්‍ර අනුව සෙනසුරු ග්‍රහ අපල දුරු කර ගැනීම පිණිස ශාන්තිකර්ම වශයෙන් ශ්‍රී විෂ්ණු දෙවියන් උදෙසා සෙනසුරාදා දිනට එළඟි තෙල් පහන් 09ක් සහිත පූජාවන් පැවැත්වීම, සෙත් කවි කියවීම. බෝධි පූජා පවත්වා ආශිර්වාද ලබා ගැනීම, මව්පිය වැඩිහිටියන් හා අසරණ අයට ඇප උපස්ථාන කිරීම හා මහ මෘර්තුංජය, විෂ්ණු ආඝෝරය යන යන්ත්‍ර දහස්වර ජීවම් කර පැළඳීම සහ කාකනිල් මැණික් ඇල්ලූ මුදුවක් හෝ වෙනත් ආභරණ පැළඳීම ඉතා ශුභදායක වනු ඇත.

ජ්‍යෝතිෂ්‍ය විද්‍යා විශාරද, ජේ.එම්. ජයන්ත ඒකනායක, සියපත කාර්යාල දංගස්පිටිය, වීරඹුගෙදර, කුරුණෑගල.

දිනපතා මෙවැනිදේවල් බලන්න එකතුවන්න අපේ ෆෙස්බුක් පිටුවට – Gossip-Lanka Sinhala News
මිතුරන්ටත් බලන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

ඔබේ නිවසේත් මේ ලක්ෂණ තිබේනම් නිවසේ හෝ ඉඩමේ කොඩිවින භූත දෝෂ

දැනටමත් ඔබේ නිවසේ මේවා තිබිය හැක. විටක නවීන විද්‍යාවෙන් පවා ඔප්පු කර ඇති අමානුෂික දේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!