page hit counter
Tuesday , January 16 2018
Breaking News
Home / Off road / කිරි දෙන කෙනරකුත් මරා දමලා – දළ පූට්ටුවා ඝාතන සැකකරුවෝ යළි රිමාන්ඩ්

කිරි දෙන කෙනරකුත් මරා දමලා – දළ පූට්ටුවා ඝාතන සැකකරුවෝ යළි රිමාන්ඩ්

තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දෙමැටෑගම වැව් ඉස්මත්ක තිබී මිය ගිය කෙනරකගේ මළ සිරුරක් සොයා ගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

කෙනෙර වෙඩි තබා ඝාතනය කර ඇති බවට සැක කරන බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

මිය ගොස් සිටි කෙනෙර උස අඩි 8ක් පමණ වන අතර වයස අවුරුදු 22 ක් පමණ වෙතැයි වනජීවී නිලධාරීහු අනුමාන කරති. කෙනෙරගේ පියයුරුවලින් කිරි වෑස්සී ඇති බවත්, ඒ අනුව එම කෙනෙර කිරි බොන වයසේ පැටවකු සිටින මව් සතෙකු බවත් වනජීවී නිලධාරීහු පවසති.

වයඹ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍ය ඉසුරු කොට්ටහේවා මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් කෙනෙරගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවැත්වීය. පශ්චාත් මරණ පරීක්ෂණයෙදී මිය ගිය කෙනෙරගේ සිරූරේ තිබී ඊයම් උණ්ඩ සොයා ගෙන තිබේ.

ගල්ගමුවේ දළ පූට්ටුවා හස්තියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින ග්‍රාම නිලධාරීන් තිදෙනා ඇතුළු සැකකරුවන් නව දෙනා ලබන 26 තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මහව මහේස්ත්‍රාත් රසික මල්ලවආරච්චි මහතා නියෝග කළේය.

සැකකරුවන් ඇප මත මුදා හරින ලෙස ඔවුන්ගේ නීතීඥවරුන් ඉල්ලා සිටි අතර මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

Check Also

ඇමරිකානු ස්ථීර පුරවැසියෙකු වෙන්න ඔබටත් අවස්ථාවක්, නොමිලේ දැන්ම අයදුම්කරන්න මෙතැනින්

ඇමරිකානු විවිධත්ව සංක්‍රමණික වීසා (ගී්‍රන් කාඩ්) ලොතරැයි වැඩසටහන සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන්ට මේ දිනවල ලියාපදිංචි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!