page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / එසැණ පුවත්

එසැණ පුවත්

ඇමති රවී සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි | ඇමති රවීගේ නිවසට විශේෂ පොලිස් ආරක්ෂාවක්

විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස් වී තිබේ. පාර්ලිමේන්තු සංකීර්ණයේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. තමා විසින් ගන්නා ලද තීරණය කිසි විටෙකත් කම්පා ගන්නා වී ගන්නා ලද තීරණයක් නොවන බවත් එය ඉතා ආඩම්බරයෙන් ගන්නා ලද තීරණයක් බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය. තමා කිසි …

Read More »

ශ්‍රී ලංකාවේ ප්‍රථම හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය මහනුවර රෝහලේදී සාර්ථකව සිදු කෙරේ – සෞඛ්‍ය අමාත්‍යාංශය

මහනුවර මහ රෝහලේදී සිදුකළ ශ්‍රි ලංකාවේ ප්‍රථම හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය සාර්ථක බව සෞඛ්‍ය අමාත්‍යාංශය මීට ටික වේලාවකට පෙර නිල වශයෙන් දැනුම් දුන්නේය. සෞඛ්‍ය අමාත්‍යංශ නිවේදනයට අනුව මෙම හදවත් බද්ධ සැත්කම පසුගිය සිකුරාදා රාත්‍රියේ සිදුකර තිබේ. මෙම ශල්‍යකර්මය සඳහා මහනුවර මහ රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල, අනුරාධපුර මහ රෝහල, වැලිසර ලය …

Read More »

දික්වැල්ල පිට පිටම දෙවැනි ශතකයත් ලබයි | Live •

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පිට පිටම දිවිත්ව ශතක සබඳතා දෙකක් පැවැත්වූ ලෝකයේ පළමු ක්‍රීඩකයන් දෙපළ බවටත් ආරම්භක විකට්ටුව සඳහා එවැනි සබඳතාවක් පැවැත්වූ ලෝකයේ පළමු පිතිකරුවන් දෙපළ බවටත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන නිරෝෂන් දික්වැල්ල හා ධනුෂ්ක ගුණතිලක වාර්තා අතරට එක්විය. එසේම ආරම්භක පිතිකරුවන් දිවිත්ව ශතක සබඳතා පැවැත්වූ 35 වැනි …

Read More »

අද සිට බස්‌ගාස්‌තු වැඩි වෙයි, බස් ගාස්තු වැඩිවෙන හැටි මෙන්න

පෞද්ගලික හා ලංගම බස්‌ ගාස්‌තු අද (01 දා) සිට සියයට 6.28 කින් ඉහළ නැංවෙයි. ඒ අනුව සාමාන්‍ය, අර්ධ සුඛෝපභෝගී, සුඛෝපභෝගී මෙන්ම අධිවේගී මාර්ගයන්හි බස්‌ ගාස්‌තු ද ඉහළ නැංවෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව කියා සිටී. ගාස්‌තු වැඩිවන ආකාරය මෙසේය, අවම රුපියල් 9 ගාස්‌තුව 10 දක්‌වාත්, 12 ගාස්‌තුව 13 වශයෙන් ද …

Read More »

සයිටම් අර්බුදය සම්බන්ධයෙන් ගෙන ආ විසඳුම්වලට කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය

මාලබේ සයිටම් ආයතනයේ ගැටලුවලට විසඳුම් ඉදිරිපත් කරමින් ගෙන ආ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමි වූ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.අමාත්‍යවරයා කියා සිටියේ, නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම හා සයිටම් ආයතනයේ කළමනාකරණය පුළුල් කිරීමට මෙමගින් යෝජනා කර ඇති බව ය. එය කොටස් වෙළඳපොළට යොමු කරන්නේ …

Read More »

ලන්ඩන් ත්‍රස්ත ප්‍රහාරයෙන් 6ක් මරුට : ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනතුරක් නොමැත

ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද අළුයම 2.30ට පමණ මධ්‍යම ලන්ඩනයේ පාලමක් මත සිටි පුද්ගලයන් පිරිසක් වෙත වෑන් රථයක් ධාවනය කිරීමෙන් සහ ඒ ආසන්නයේ පිහිටි බොරෝ මාකට් හි සිටි පුද්ගලයන්ට තියුණු ආයුධ වලින් පහර දීමෙන් පුද්ගලයන් හය දෙනෙකු මිය ගොස් තවත් 30දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. මෙසේ පැමිණි වෑන් රියේ …

Read More »

නුවර නුවරඑළිය සහ මාතලේ කඳු බෑවුම් නාය යාමේ අවදානමක.

පසුගිය කාලය තුළ නාය ගිය ස්ථාන යළි සක්‍රීයවීමට ඇති හැකියාව අවම වන නමුත් අධික වර්ෂාව හමුවේ එම බෑවුම් සහිත ස්ථානවල පවතින නාය යාමේ අවදානම පහව ගොස් නැතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය කපිල දහනායක මහතා පැවසීය. අධික වර්ෂාව හේතුවෙන් පසුගිය දිනවල නාය යාමට හසුවූ ප්‍රදේශ පාෂාණ කුට්ටි, …

Read More »

ගංවතුරින් විපතට පත් ළඳරුවන්ට මව්කිරි පමණක් ලබාදෙන්න

ගංවතුර විපතින් ආපදාවට පත් වූ ළඳරුවන් සඳහා කිරිපිටි ලබාදීමෙන් වැළකෙන ලෙසත් හැකිතරම් මව්කිරි ලබාදීමට කටයුතු කරන ලෙස පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ විශේෂඥ වෛද්‍ය හිරණි ජයවික්‍රම මහත්මිය අවධාරණය කළාය. වෛද්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ, අද (31) කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගීවෙමිනි. ආධාර ලබදීමේ දී ළඳරුවන් සඳහා කිරිපිටි ලබාදීමෙන් වළකින …

Read More »

පවතින ආපදා තත්ත්වය හමුවේ ජාත්‍යන්තර සහය අඛණ්ඩව ලැබෙමින් පවතින බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

රට තුල පවතින ආපදා තත්ත්වය හමුවේ ජාත්‍යන්තර සහය අඛණ්ඩව ලැබෙමින් පවතින බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ මේ වන විට ප්‍රධාන පෙළේ රජ්‍යයන් 18ක් ශ්‍රී ලංකාවට විවිධ අයුරින් ආධාර ලබා දීමට දැනටමත් පියවර ගෙන ඇති බවයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද පෙරවරුවේ කොළඹ වරායට …

Read More »

අසරණ ජනවතාට දෙන්න එකතු කරපු බත් පතට ගමනාගමන අධිකාරීවරයාගේ විරෝධය

ෆේස්බුක් සමාජජාලය හරහා ගොඩනැගුනු ස්වේච්ජා සහන කණ්ඩායමක් විසින් අද(30) උදෑසන මරදාන දුම්රිය පොලේ සිදුකල අවතැන් වූවන් සදහා දිවා ආහාර සහ ජල බෝතල් එකතු කිරීමේ සමාජ සත්කාරයට ගමනාගමන අධිකාරී විජය සමරසිංහ විසින් බාධා එල්ල කර ඇති බව වාර්තා වේ. අවතැන් වූ ජනතාවගේ කුසගින්න නිවාදැමීම සඳහා දුම්රිය මගින් කොළඹට පැමිණෙන ජනතාව රැගෙන …

Read More »
error: Content is protected !!