page hit counter
Sunday , September 24 2017
Breaking News

Bodu Bala Sena

වටරැක විජිත හිමියෝ ජනපති කාර්යාලය ඉදිරියේදී බොදු බල සේනාවට අමු සිංහලෙන් අමතයි.| ViDEO

ජාතික බල සේනාවේ මහ ලේකම් පූජ්‍ය වටරැක විජිත හිමියන් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරුණේ යයි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ උපදෙස් පරිදි රෝහල් ගත කර ඇත. උන් වහන්සේ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කරමින් කියා සිටියේ තමන්ට ආරක්ෂාව ලබා දෙන ලෙසයි. එම ස්ථානයට …

Read More »

ඇත්තටම කවුද මේ ගලගොඩ අත්තේ ඥාණසාර | ඔබ මෙතෙක් නොදත් ඇත්ත කතාව මෙන්න

එක්දහස් නවසිය හැත්තැපහ අවුරුද්දේ මාර්තු මාසයේදි ගාල්ල මහමෝදර රෝහලේ උපන් ගලගොඩ අත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ ගිහිනම වනුයේ නුවන් සිසිර කුමාරයි.උන්වහන්සේගේ ගම ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය යාබද ගලගොඩඅත්තය. උන්වහන්සේගේ මව ඩබ්ලිව්.ඩී.ගුණවතිය.පියා නාමෙල් සිංඤෝ වන අතර මේ වන විට පියා මියගොස් ඇත.ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් දරුවන් පස්දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා විය.ඥානසාර හාමුදුරුවෝ මුලික අධ්‍යාපනය ලැබුවේ …

Read More »

මුස්ලිම් තොප්පියක් දමා ගත් බොදු බලේ කෙනෙක් බුදු පිළිමයකට පහර දෙද්දී අල්ලා ගෙන

ආගම්වාදී ගැටුමක් රටේ ඇවිලවීමේ අරමුණින් මුස්ලිම් ජාතිකයන් පළඳින තොප්පියක් දමා ගෙන වෙස් මාරු කර ගත් බොදු බල සේනාවේ තක්කඩියෙක් කොළඹ බුද්ධ ප්‍රතිමාවකට පහර දෙද්දී අල්ලාගෙන තිබේ. මේ බව හෙළිදරව් කෙළේ පසුගියදා ‘පුරවැසි බලය‘ විසින් ‍‘ජාතිවාදය ආගම්වාදය එපා එපා එපා‘ යනුවෙන් සංවිධානය කළ මාධ්‍ය හමුවකදී ලේඛක ගාමිණී වියන්ගොඩ මහතා විසිනි. එම …

Read More »

ඥානසාර හිමි අධිකරණයට බාරවෙයි!

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මීට ස්වල්ප වේලාවකට පෙර කොටුව මහේස්ත්‍රාත් අධීකරණයට බාර වූහ. තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා උන්වහන්සේ විසින් ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සමද, අද (21) දිනයේ දී විභාගයට ගැනීමට නියමිත බව සඳහන්ය. කෙසේ වෙතත් අධිකරණය මගහැර සිටි උන්වහන්සේගේ ආරක්ෂාව …

Read More »

ඥානසාර හිමියන් අනිද්දා අධිකරණයට ඉදිරිපත් වෙනවා | ඥානසාර හිමි රටේ රජු වෙන්නත් ඉඩ තියෙනවා

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අනිද්දා (22දා) අධිකරණයට ඉදිරිපත් වන බව එම සංවිධානය පවසයි. බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී එම සංවිධානයේ නියෝජිතයන් සඳහන් කළේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්නා හෙට දිනයේදී ආරක්ෂාව සහතික වුවහොත් ඥානසාර හිමියන් අධිකරණයට වැඩමකිරීමට සූදාමින් සිටින බවයි. රාජගිරියේ බොදු බල …

Read More »

ආගමික අන්තවාදය පතුරුවාලන මියන්මාරයේ අෂීන් විරතු ස්වාමීන්වහන්සේට වසරක කාලයක් ධර්ම හා ප්‍රසිද්ධ දේශනා තහනමක්

ආගමික අන්තවාදය පතුරුවාලන මියන්මාරයේ අෂීන් විරතු ස්වාමීන්වහන්සේට වසරක කාලයක ධර්ම හා ප්‍රසිද්ධ දේශන තහනමක් පැණවීමට අවුන්සාන් සුකි රජය සහ එරට මහනායක ස්වාමීන්වහන්සේලා තීරණය කර තිබෙනවා. අෂීන් විරතු ස්වාමීන්වහන්සේ නයින් සික්ස් නයින් සංවිධානයේ සහ මා බා තා සංවිධානයේ නායකයා ලෙසද ක්‍රියා කරනවා. මෙම සංවිධාන මගින් මියන්මාරය පුරා මුස්ලිම් ප්‍රජාවට එරෙහි ව්‍යාපාර …

Read More »

ඥනසාර හිමිට රැකවරණය දුන්නොත් දැඩි පියවර : පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ජයකොඩි

ඥනසාර හිමියන් පිළිබඳ තොරතුරක්‌ වෙතොත් ලගම පොලිසියට දැනුම් දෙන්න බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් සඟවාගෙන සිටින පුද්ගලයන් හා එම හිමියන්ට ආරක්‌ෂාව ලබාදෙන පුද්ගලයන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට, කටයුතු කරන බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසනවා. ගලගොඩඅත්තේ ඥනසාර …

Read More »

ඥාණසාර හිමියන් අත්අඩංගුවට නොගෙන සඟවා සිටින්නේ ආණ්ඩුව – මහින්ද

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට නොගෙන සඟවා සිටින්නේ ආණ්ඩුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එමෙන්ම පවතින තත්ත්වය හමුවේ ජාතිවාදය වපුරන සංවිධාන මර්දනය කිරිමට නව නීති අවශ්‍ය නොවන බවත් පොලීසියට දැනට තිබෙන බලතල ප්‍රමාණවත් බවත් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේය. මහින්ද රාජපක්ෂ …

Read More »

“සිංහලේ” සංවිධාන අතර ඇති වූ ගැටුමකට හයක් රිමාන්ඩ්

සිංහලේ ජාතික සංවිධානයේ සභාපති සාලිය රණවක මහතාගේ නිවසට ගොස් දේපලවලට හානි කළැයි සිංහලේ අපි සංවිධානයේ සභාපති ජඹූරාවෙල චන්ද්‍රරත්න හිමියන් ඇතුළු හය දෙනකු ලබන 19 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා මීට සුළු මොහොතකට පෙර නියෝග කළේය.

Read More »

ඥාණසාර හිමි අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයි

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (15දා) වරෙන්තු නිකුත් කළේය. අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් උන්වහන්සේට එරෙහිව මෙම වරෙන්තු නිකුත් කර තිබේ.

Read More »
error: Content is protected !!