page hit counter
Thursday , November 23 2017
Breaking News
Home / Tag Archives: bad weather in Sri Lanka

Tag Archives: bad weather in Sri Lanka

මාතරට සහ රත්නපුරට පූර්ව අනතුරු ඇඟවීම් – සියළු දෙනා අවධානයෙන් සිටින්න

ඉකුත් පැය 24ක කාලයේදී මිලිමීටර 100ක ඉක්මවා වර්ෂපාතනයක් ලැබී ඇති බැවින් රත්නපුර සහ මාතර යන දිස්ත්‍රික්ක 2ට ඉදිරි පැය 24ක කාලය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඊයේ (31) රාත්‍රී 8ට පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කළේය. අඛණ්ඩව වර්ෂාපතනය පැවැතියහොත් නායයෑම් සහ කණ්ඩි කඩා වැටීමේ අවදානම පිළිබඳ අවධානය යොමු කරන්නැයි ද එම …

Read More »

ප්‍රවේසමෙන් !කුකුළේ ගඟ ජල මට්ටම ඉහළට : ගඟ දෙපස ජනයා අවධානයෙන් සිටින්න

අධික වර්ෂාව හේතුවෙන් කුකුළේ ගඟ ජලාශය වාන් දොරටු මට්ටමට ජලය වැඩිවී ඇති බවත්, ඒ පිළිබඳ ගඟ අවට ප්‍රදේශවල ජනයා අවදියෙන් සිටිය යුතු බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටින්නේ වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත් පවතින බව වාර්තා වන බවයි. එමෙන්ම කෑගල්ල, නුවරඑළිය, …

Read More »

මරණ ගණන 208 දක්වා ඉහළට පළාත් අටකට අදත් කද වැසි

මෙවර ඇති වූ ජල ගැලීම්, නාය යැම් සහ ආපදා හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව ඊයේ (02වැනිදා) වන විට දෙසිය අට (208) දක්‌වා ඉහළ ගොස්‌ ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය. එසේම පුද්ගලයින් අනූ දෙදෙනකු තවමත් අතුරුදන්ව ඇතැයිද පුද්ගලයින් හැත්තෑ දෙදෙනකු තුවාල ලබා ඇතැයිද හෙතෙම කියා …

Read More »

නුවර නුවරඑළිය සහ මාතලේ කඳු බෑවුම් නාය යාමේ අවදානමක.

පසුගිය කාලය තුළ නාය ගිය ස්ථාන යළි සක්‍රීයවීමට ඇති හැකියාව අවම වන නමුත් අධික වර්ෂාව හමුවේ එම බෑවුම් සහිත ස්ථානවල පවතින නාය යාමේ අවදානම පහව ගොස් නැතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය කපිල දහනායක මහතා පැවසීය. අධික වර්ෂාව හේතුවෙන් පසුගිය දිනවල නාය යාමට හසුවූ ප්‍රදේශ පාෂාණ කුට්ටි, …

Read More »

නායයැමෙන්, ගංවතුරෙන් පාසල් දරුවෝ 44 ක්‌ මරුට

නායයැම් හා ගංවතුර ආපදා හේතුවෙන් මේ වන විට පාසල් දරුවන් හතළිස්‌ හතර දෙනකු ජීවිතක්‍ෂයට පත්ව තවත් අට දෙනෙක්‌ අතුරුදන්ව සිටිති.ආපදා නිසා සම්පූර්ණයෙන් හානියට පත් පාසල් සංඛ්‍යාව 77 කි.සබරගමුව පළාතේ සිසුන් 17 දෙනකු ජීවිතක්‍ෂයට පත්ව ඇති අතර ඉන් පහළොස්‌ දෙනෙක්‌ රත්නපුර හා නිවිතිගල කලාපවලට අයත් වෙති. ඉතිරි දෙදෙනා දෙහිඕවිට කලාපයේ දරුවන්ය. …

Read More »

විනාශ වූ නිවසකට ලක්ෂ 25 ක් : විනාශ වූ ව්‍යාපාර වලට මුදලින් වන්දි

නවතම සංඛ්‍යාලේඛණ අනුව ගංවතුර සහ නාය යෑම් වල විනාශයේ තරම ඉහළ ගොස් තිබේ. කළමණාකරන මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාව අනුව මිය ගිය සංඛ්‍යාව 203 ක් වන අතර අතුරුදහන් සංඛ්‍යාව 99 කි. සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවාස සංඛ්‍යාව 1402 ක් වන අතර අර්ධ වශයෙන් විනාශ වූ නිවාස සංඛ්‍යාව 7071 කි. අවතැන් වූ ජනතාව …

Read More »

ගිං ගඟට බිළිවීමට ගිය ජිවිත 3ක් බේරාගැනීමේ දරුණු මෙහෙයුම | ViDEO

වේගයෙන් ගලන ගංවතුරේ ගසක් උඩ ජීවිතයත් මරණයත් අතර සටනක් කරමින් සිටි කුඩා දරුවෙකු සහ ඔහුගේ සීයාව බේරා ගැනීමට සහන කණ්ඩායමක් සමත් වී තිබෙනවා.මේ කුඩා දරුවා සහ සීයා සමග සුනඛයෙකුද සිටි අතර එම සුනඛයාවද බේරාගන්න තරම් සහන කණ්ඩායම මානුෂීය වුණා. ඔවුන් බෝට්ටුවකින් ගමන් කරමින් සිටියදි මේ අනතුරට මුහුණපා ඇති අතර සහන …

Read More »

අපදා මරණ 202 දක්වා ඉහළට 96ක් තවමත් අතුරුදහන්

පසුගිය දින කිහිපයක සිට දිස්ත්‍රික් කිහිපයකට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 202ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. රත්නපුර පුද්ගලයන් 84ක්, කළුතර පුද්ගලයන් 62ක්, මාතර පුද්ගලයන් 28ක්, ගාල්ල පුද්ගලයන් 15ක්, ගම්පහ සහ කෑගල්ල පුද්ගලයන් 04දෙනෙකු බැගින් ද මිය ගොස් ඇත. එමෙන් ම පුද්ගලයන් …

Read More »

ගංවතුරින් විපතට පත් ළඳරුවන්ට මව්කිරි පමණක් ලබාදෙන්න

ගංවතුර විපතින් ආපදාවට පත් වූ ළඳරුවන් සඳහා කිරිපිටි ලබාදීමෙන් වැළකෙන ලෙසත් හැකිතරම් මව්කිරි ලබාදීමට කටයුතු කරන ලෙස පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ විශේෂඥ වෛද්‍ය හිරණි ජයවික්‍රම මහත්මිය අවධාරණය කළාය. වෛද්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ, අද (31) කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගීවෙමිනි. ආධාර ලබදීමේ දී ළඳරුවන් සඳහා කිරිපිටි ලබාදීමෙන් වළකින …

Read More »

අද සිට තද වැසි සුළං අඩුවෙයි | “මෝරා”සුළි කුණාටුව බංග්ලාදේශයට

මෙරටට මහත් බලපෑමක්‌ එල්ල කළ “මෝරා” (MORA) සුළි කුණාටුව බංග්ලාදේශයට ඇතුළු වී ඇති හෙයින් අද (31 වැනිදා) සිට මෙරටට තද වැසි සහ සුළං ඇතිවීමේ අවදානම අඩු වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කෙසේ වෙතත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 60-70 දක්‌වා තද …

Read More »
error: Content is protected !!